Mindfulness ( සිහිය)
Mindfulness ( සිහිය)
February 13, 2025 at 04:17 AM
පොඩි එකා ඉපදුන දවසේ ඉඳලා relax එකේ, සතුටෙන්, සැනසීමෙන් හැමෝම එක්ක ආදරෙන් සමඟියෙන් ඉන්නවා.. තාත්තාගෙ හතුරෙක් ඇවිත් බත්කටක් ඉල්ලුවත්, ඌ දෙපාරක් හිතන්නැතුව බත්කටක් දෙනවා.. ටික දවසකින් ගෙදරින්, සමාජෙන්, news, social media වලින්, films වලින් උගෙ ඔළුවට ආගමක්, ජාතියක්, කුලයක්, පක්ෂයක්, සමාජ පන්තියක් දාලා, සමස්තයෙන් වෙන්කරනවා. ඊට පස්සෙ උගෙ ඔළුවට financial goals ටිකක් දානවා; "මේවායෙ තමයි පුතේ සතුට, සැනසුම තියෙන්නෙ, උඹ ඒවා achieve කලොත් විතරයි අපිත් උඹව පිළිගන්නෙ" කියනවා.. හැමෝම එහෙම කියන නිසා, අනේ ඌත් ඇත්තටම ඒක විශ්වාස කරලා race එක දුවනවා.. ඌ financial goals එකින් එක achieve කර කර බලනවා, මේකවත් achieve කරායින් පස්සෙ මට අරගොල්ලෝ කියපු සතුට සැනසුම ලැබෙයිද කියලා.. අහෝ අවාසනාවක්‌.. සතුට, සැනසුම වෙනුවට එන්න එන්නම ඌට තියෙන ප්‍රශ්න, වියදම්, ආසාවල් වැඩිවෙනවා.. දැන් වටේ ඉන්න මිනිස්සු පවා ඌව ආශ්‍රය කරන්නෙ උගෙ achievements දැකලා, වාසියට.. ඉතින් කාලයත් එක්ක උගෙ කලින් තිබ්බ අහිංසකකම, පරාර්ථකාමී ගති missing වෙලා.. ඌත් තණ්හාදික, ආත්මාර්ථකාමී මිනිහෙක් වෙනවා උගෙ ඔළුව කාපු උන් වගේ ! Race දුවලා හොම්ඹ බිම ඇනිලා, stress එක දරාගන්න බැරිම තැන, ඌ කලගෙඩි අරගෙන බෝධිය, පිළිම වටේ කැරකෙනවා.. යන්තර, කුරුස කරේ එල්ලගෙන, පූජාවට්ටි අරගෙන දේවාල, පන්සල්, පල්ලි ගානෙ සතුට හොයාගෙන යනවා..
❤️ 👍 🙏 12

Comments