
Mindfulness ( සිහිය)
February 13, 2025 at 04:41 AM
බල්බයක් දැල් වෙන්න විදුලිය ඕන... ෆෑන් එකක් කැරකෙන්න ශක්තිය ඕන... පැළයක් ගහක් වෙන්නත් ඒ ගහ ඵලදාවක් නිර්මාණය කරන්නත් අනිවාර්යයෙන්ම ශක්තියක් ඕන.... සමස්ථ ස්වභාවධර්මයේ සියලුම අංගවලට ප්‍රධාන වශයෙන් ශක්තිය සපයන්නේ ඉර සහ හඳ...
එතකොට ඔබ .....? ..ඔබ ඔය කතා කරන්නේ.... ඇවිදින්නේ ....හිතන්නේ ....වැඩ කරන්නේ ....මේ හැම දේකටම අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ කොයින්ද .....? බොහෝ දෙනෙක් කියාවි ආහාර සහ ජලය ප්‍රධාන වන බවක්. නැහැ... ඒක වැරදියි.... ඒවා වැටෙන්නේ දෙවැනි ගණයටයි. ඔබට ශක්තිය ලබාදෙන ප්‍රධානතම කාරණය.... හුස්ම ....ඔව් ...තනිකරම හුස්ම ......ඔබ ගන්නා හුස්මක් තුල ඔක්සිජන් වලට එහා ගිය ශක්තිය ඒකකයක් ගැබ්ව පවතිනවා......
ඒ තමයි ප්‍රාණ......
ඔබ ගන්නා හුස්ම මත හැම තත්පරේයකදීම ඔබේ සිරුර ප්‍රාණ ශක්තියෙන් ආරෝපිත වෙනවා. එයයි ඔබේ මූල ශක්තිය උද්දීපනය කරන ප්‍රධානතම මූලාශ්‍රය...
ඒ වුණාට අපිට හුස්ම ගැන දැනගන්න.... ඉගෙන ගන්න.... ඒ අනුව හැඩ ගැහෙන්න වෙලාවක් නෑ ......බිසී... ඒ තරමට බිසී..... එහෙම බිසී වෙන්න හේතුවවත් අපි දන්නේ නැහැ.... අපි යන්න ඕනේ කොයි දිශාවටද කියලා අපිම දන්නේ නැහැ වගේ....ඒ නිසා පාරේ එන බස් එකේ නගිනවා.... යන්න ඕනේ කොහෙද කියලා නොදැන... ඊට පස්සේ බස් එක ඇතුලේ ජීවන රටාව තුල හිර වෙනවා...
ඔබට යන්න ඕන අම්පාරට ....ඒත් බස් එකේ යන්නේ මන්නාරමට.....
ඉතින් දහ අතේ දුකෙන් තැවෙමින්... ඇඹරෙමින් ....ඉද්දි මොන හුස්ම ගැනද නේද...?
අද මට අවශ්‍ය හුස්ම ගැන කතා කරන්නට නෙවෙයි. මට අවශ්‍ය ජීව ශක්තිය ගැන කතා කරන්නට. ජීව ශක්තිය ගැන කතා කරනකොට හුස්ම ගැන කතා නොකරම බෑ. ඒත් දැන් ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා වෙන පැත්තකට යමු.
බලන්න ඔබේ දකුණු අත දිහා ....ඇත්තටම දැන් බලන්න ඔබ ඔබේ ම දකුණු අත ගැන මොනවද දන්නෙ කියලා....
ඔබ ඔය දන්න සියල්ලක්ම ඔබ දන්නෙ බාහිරින්...දත්ත ගොඩක් හැටියට.... අපට පේන විදිහට ඔබ හඳුනාගන්නවා... ආ ...මේක මගේ දකුණු අත කියලා. ඒකට තව හේතුවක් ඒක ඇඟේම එල්ලිලා අමුනලා තියන එකත්.
මගුලක් කතා කරන්න එපා.... ඔබ කොහෙත්ම ඔබේ දකුණු අත ගැන දන්නේ නැහැ.... මොකද කියන්නේ මම ඔප්පු කරලා පෙන්නන්න ද....?
ඔබ ඔබේ දකුණු අත පිටතින් බලන එක අත ඇරලා ඇස් පියාගෙන දකුණු අතේ අභ්‍යන්තරයට අවධානය තියාගෙන විනාඩි කිහිපයක් ඉඳ බලන්න..... ඒක අභ්‍යන්තරික හැඟීමක්.... එය ඔබටම අනන්‍ය වූ දැනීමක්... ඔබේ අභ්‍යන්තරික ශක්ති ක්ෂේත්‍රයේ දැනීමක්.... ඉතින් යමෙක් තමා අභ්‍යන්තරයෙන් දැනෙන ස්වභාවය සමග ඒකාත්මික වෙනවා කියන්නේ එයා එයාගෙම ශක්ති මූලාශ්‍රයේ මූලය වෙත සවිඥානිකව ගමන් කරනවා කියන එක.... හරියට කඳු මුදුනකින් එළිය දකින ජල ධාරාවක් වගේ.... ඒ ජල ධාරාවේ එකම පරමාර්ථය මුහුද කරා ගමන් කිරීම...පුංචිම පුංචි දිය පාරක් ඇළක් වී.... ඒ ඇල ගඟක් වී ....ඒ ගඟ දිව යනවා මුහුද සිප ගන්නට වගේ...
ඔබේ ඔය දකුණු අතේ ජීවය දෙන ප්‍රධානම ශක්ති මධ්‍යස්ථානය ගැන දන්නවාද....?
මතුපිටින් නෙමෙයි.... දැනුමෙන් නෙමෙයි... කයියෙයෙන් නෙවෙයි ....ඇතුළෙන්ම දැනෙන ස්වභාවයකින්.මං හිතන්නේ නැහැ සියයට අනූවකටම මේක දැනිලා තියෙනවාද කියලා. ඔවුන්ගේ ශක්ති ක්ෂේත්‍රයේ මධ්‍ය ලක්ෂය කොතනද කියලවත් නොදන්නා ඔවුන් ශාරුක් ඛාන් කනබොන හැටි නිදා ගන්නා හැටි අඳින පළඳින හැටි දන්නවා....ඔවුන් කොයි තරම් දේවල් දන්නවා ඇති ද....තමන්ගෙන් පිටත..
තමන්ගෙන් පිට හැම රෙද්දක්ම විතරක් නෙවෙයි නේ ....නූලෙන් නූල ගැන පවා දන්නවා. ඒත් තමන්ගේ මේ හම ඇතුළෙන් වෙලා පවතින ශක්තිය කදම්භ ගැන මෙලෝ රෙද්දක් දන්නේ නෑ.... ඒ නිසාම ඔවුන් පට්ටෙට දඟලනවා.... මහන්සි වෙනවා.... ගොඩ යන්නට කොච්චර දැඟලුවත් ගිය ගොඩකුත් නැහැ නේද....?
ඔබ දැනටමත් යමක් සාර්ථක කර ගන්න දඟලනවා නම් තාම ඒක සාර්ථක වෙලා නැතිනම් මුලින්ම ඇතුලේ ජීව ශක්තිය හදා ගන්ට..... වාහනයක් දුවන්න තෙල් ඕනේ වගේ ඔබට එළියේ දුවන්න ඔබේ ජීව ශක්තිය අවශ්‍යයි නේද..... දැන් පවතිනවාට වඩා වර්ධනය කරගන්න ....එතකොට පස්සෙන් එලෝගෙන හති දාගෙන දුවන්න තරම් දෙයක් නෑ.... ඒ ඔක්කොම ඔයා පස්සෙන් එයි..... ඒක තමයි මේ කතන්දරේ....
ඔබේ ඇඟිල්ලක.... අතක... පයක.. හෝ මොන යම් තැනක විහිදෙන සහ ජීවය දෙන ශක්ති කදම්භයේ මූලයක නැතිනම් මුළු ශරීරය පුරා පතුරුවා හරින්නට කලින් එය උත්පාදනය වන මූලය ඔබට ඇතුලතින් දැනෙන්නේද....
ඒකට ඉතින් කොහෙද වෙලාවක් නේද...මොකද සල්ලි ප්‍රශ්න.... ගෑනු ප්‍රශ්න.... මිනිස්සු ප්‍රශ්න සහ ප්‍රශ්න ....ප්‍රශ්න ....ඒවා ඉවර උන දාක ඕක තියෙන තැන පුළුවන්කම තිබුනොත් හොයාගන්නම් කියා හිත කියාවි.... ඒකට නම් අහුවෙන්න එපා... දවසකට විනාඩි දහයක් පහළොවක් හොඳටම ඇති. තමන්ගේ අභ්‍යන්තරික ශරීර කම්පන ක්ෂේත්‍රය සමග ඒකාත්මික වෙන්නට....... එතැන හැදුනා කියන්නෙම එළිය ඉබේ හැදෙනවා කියන එක. දඟලන්නට දෙයක් නං ඉතුරු වෙන්නේ වත් නෑ....ලස්සනට හැමදේම ගලාගෙන යාවි...
ඊළඟ කොටස වරු කිහිපයකින් ඒවි..... ඒක දැවැන්ත කතාවක් .......
උස්සලා පොලේ ගහන.....
නුවන් රාජපක්ෂ
❤️
🙏
🌞
36