Mindfulness ( සිහිය)
February 13, 2025 at 04:56 AM
ප්‍රශ්නය :
සතිය ඔස්සේ අපි අපේ ඇතුලේ වැඩකරන රිණාත්මක ගති හඳුන ගත්තාට ඒක නැති කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය ඉතුරු වෙනවානෙ?
*#
ඔව්, මෙතනදී මේ හඳුනා ගෙනීම කියන්නේ ඒ ගතිය ක්ෂයවීමේ පලවෙනි පියවර කියල දැනගන්න ඕනි. ඒකත් එක්ක තව දෙයක්... මේ රිණාත්මක ගති සහමුලින්ම නැති කරන්න දගලනව කියන තැන වැඩකරන්නේ ද්වේශයයි කියලත් හඳුනා ගන්න ඕනි. එහෙම කියල අපිට ඒවට උල්පන්දම් දෙන්න පුළුවන් කමක් නෑ. එහෙම ඒ ගතිවලට උල්පන්දම් දීම ආද්‍යාත්මයට කෙසේවෙතත් සාමාන්‍ය ජීවිතේට පවා හානිදායකයි. උදාහරණයක් ලෙස ඊර්ෂියාව ගත්තෝත් ඒක මමයා පෝෂණයවන තැනක්. ලෞකික ජීවිතයට පවා නොගැලපෙන ගතියක්. ඒත් අඩු වැඩි වශයෙන් හැමෝම තුළ මේ ගතිය බහුලවම වැඩකරනව. මේක හඳුනාගෙන ඒකෙන් මිදෙන්න try කරන කෙනෙක් ඒ නැතිකිරීමේ චේතනා ඔස්සේ හුගාක් දුක්වෙනවනම් එයාට කියන්න තියෙන්නේ මේක හරිම සොභාවිකයි හුගාක් ඒ ගැන වදයක් වෙන්න එපා. ඒත් ඒගැන විමසිල්ලෙන් ඉන්න කියල. අපි හිතමු මේක හරිම සොභාවිකයි කියන එකම සංකල්පයක් විදියට අරගෙන වංචානිකව ඒක පෝෂණය කරනවානම් එයාට තියෙන්නේ මේකේ ආදීනව බලන්න.ඊර්ෂියාව ඔස්සේ දැනට මට වෙලා තියෙන හානිය, ඉස්සරහට වෙන්න පුළුවන් හානි වගේ දේවල් අපිට මෙනෙහි කරන්නත් පුළුවන්.😊
ඊට අමතර වැදගත් කාරනවා ගැනයි අද කියන්න හිතුනේ.
ඒක තමයි...
ඊර්ෂියාව යට වැඩකරනවා පරාජිත හැගීමක්. මට නොලැබුන යමක් තවකෙනෙක්‌ට ලැබීමට ඇති අකමැත්තක්. ඒකටත් හේතුවක් තියෙනවා. #දැනටමත් #තමන් #දිනලා #ඇතිබව #නොදන්නාකමයි ඒක.
මාර්ගය සුවිශේෂී ලෙස උපකාරිවෙන්නේ අන්න ඒ කාරනාවට. සමස්ථ හැගීම්, පද්ධති හැගීම් නැති කමයි ප්‍රධානම හේතුව. අවබෝදයේ පුළුල්වීම ඔස්සේ ඇතිවෙන්නේ අන්න ඒ කාරණාවයි. මෙහි තරඟයක් තිබ්බොත් තමයි තරග කාරයන් හමුවන්නේ සහ තරගකාරිත්වය අන්තයට ගිහින් ඊර්ෂියාව ලෙස පෙරලෙන්නේ. තියෙන්නේ මේ සමස්ථයේ වැඩපිලිවලක් නම් මෙතැනදී තමන්ගේ කොටස කෙරෙන විදිය ගැන අවදානට තිබිය යුතුයි මිසක් මේකේ හොඳම හරිය මගේ අතෙන් සිදුවිය යුතුයි කියන හැගීම් අනවශ්‍යයි. අන්න ඒ ගැන අවබෝදයක් තිබේනම්... ඔය ගතියට හිතේ පිහිටක් නැතිවෙනවා. අපිට අපේ විවේකයද ඉතිරි වෙනවා.
❤️😊.
Isfan
🙏
❤️
👍
11