🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
February 14, 2025 at 04:07 PM
*කොරියන් වලින් වෙලාව කියන්න ඉගෙන ගමු....* ❤️🕐🇰🇷✨ 🤍උසස් භාෂාවෙන් ⏳지금 몇시입니까? - ( චිගම් ම්යොත්ෂි ඉම්නික්කා? දැන් වේලාව කීයද? 🤍සාමාන්‍ය භාෂාවෙන් ⏳지금 몇시예요? - (චිගම් ම්යොත්ෂියේයෝ?) දැන් වේලාව කීයද? 🔖몇시 예요 - (ම්යොත්ෂියේයෝ?) වෙලාව කීයද? ▫️පැය ගණන් කිරීමේ ඒකකය *시 (ෂි)* ✒️ පැය ගණනය කිරීම සිදු කරන්නේ කොරියන් සංඛ්‍යා ක්‍රමයටයි. 🔅පහත පෙන්වා දී ඇති පළමු කොරියානු සංඛ්‍යා 4 කෙටි වී යෙදේ.... • 하나 ❌- 한 ✅ • 여섯 • 둘 ❌- 두 ✅ • 일곱 • 셋 ❌- 세 ✅ • 여덟 • 넷 ❌ - 네 ✅ • 아홉 • 다섯 • 열 ✒️ විනාඩි ගණනය කිරීම සිදු කරන්නේ චීන සංඛ්‍යා ක්‍රමයටයි. • 일 • 육 •이 • 칠 • 삼 • 팔 • 사 • 구 • 오 • 십 ✒ විනාඩි ගණන් කිරීමේ ඒකකය *분 (බුන්)* ✒️ පෙරවරු (AM) - *오전(ඕජොන්)* ✒️පස්වරු (PM) - *오후 (ඕහු)* 🔆 මීට අමතරව වේලාව සම්බන්ධව වචන * තත්පර - 초 * පාන්දර - 새벽 * උදෑසන - 아침 * දහවල් - 낮 * සවස - 저녁 * රාත්‍රිය - 밤 * මධ්‍යම රාත්‍රිය - 자전 📌 1 සිට 12 දක්වා වූ පැය වලින් වේලාවන් කියන විදිහ බලමු 🕐 1.00 한시 හන්ෂි 🕑 2.00 두시 තූෂි 🕒 3.00 세시 සේෂි 🕓 4.00 네시 නේෂි *පැය 1,2,3,4 කීමේදී හනා, තුල්, සෙත්, නෙත් ලෙස නොව හන්, තූ, සේ, නේ ලෙස කිව යුතුය...* 🕔 5.00 다섯시 (තසොස්ෂි) 🕕 6.00 여섯시 (යොසොස්ෂි) 🕖 7.00 일곱시 (ඉල්ගෝප්ෂි) 🕗 8.00 여덟시 (යොදොල්ෂි) 🕘 9.00 아홉시 (අහෝප්ෂි) 🕙 10.00 열시 (යොල්ෂි) 🕚 11.00 열한시 (යොරන්ෂි) 🕛 12.00 열두시 (යොල්තුෂි) *11.00, 12.00 කීමේදීද යොල්හනා, යොල්තුල් ලෙස නොව යොරන් හා යොල්තූ ලෙස කිව යුතුය.* 🔅 විනාඩි ප්‍රකාශ කිරීමේ දී චීන ඉලක්කමට පිටුපසින් 분 (බුන්) යොදනු ලබයි. විනාඩි 2යි - 이분 (ඊබුන්) විනාඩි 10යි - 십분(ෂිප්බුන්) විනාඩි 50යි - 오십분(ඕෂිප්බුන්) විනාඩි 35යි - 삼십오분(සම්ෂිබෝබුන්) 📎 පැය හා විනාඩි ලෙසින් වෙලාව දක්වමු 🔖 1.10 - 한시 십분 (හන්ෂි ෂිප්බූන්) 🔖 4. 37 - 네시 삼십칠분 (නේෂි සම්ෂිප් චිල්බූන්) 🔖 3.55 - 세시 오십오분 (සේෂි ඕෂිබෝබූන්) 🔖 5.12 - 다섯시 십이분 (තසොස්ෂි ෂිබිබුන්) 💬 오전 (ඕජොන්) පෙරවරු AM හා 오후 (ඕහු) පස්වරු PM යොදා වෙලාව කීමේදී මුලට 오전 හෝ 오후 යොදා කියනු ලබයි. ▫️පෙරවරු 2.30 - 오전 두시 삼십분 ඕජොන් තූෂි සම්ෂිප් බුන් ▫️පස්වරු 2.30 - 오후 두시 삼십분 ඕහු තූෂි සම්ෂිප් බුන් 📌 විනාඩි 30 වෙනුවට කෙලින්ම *반 (පන්)* - බාගය/හමාර යෙදිය හැකිය. 🕢 7.30 - 일곱시 반 හත හමාරයි • 일곱시 삼십분 හතයි තිහයි 🕤 9.30 - 아홉시 반 - නමය හමාරයි •아홉시 삼십분 - නමයයි තිහයි 🕧 12.30 - 열한시 반 -දොලහා හමාරයි • 열한시 삼십분 - දොලහයි තිහයි 📌 වෙලාව 3 විනාඩි 50 තවත් ආකාරයකට 4ට විනාඩි 10යි ලෙස කිව හැකිය. එය කොරියන් වලින් කියන්නේ අගට 전 (චොන්) සමගය. එනම් ▫️3.50 - 세 시 오십 분 - තුනයි පනහයි • 네시 십분 전 - හතරට දහයයි 🧧 මේ ආකාරයට වෙලාව පවසා අගට 예요/이에요 හෝ 입니다 යෙදීම වඩාත් විදිමත් වේ. ▫️ 2.10 - 두시 십분이에요. (තූෂි ෂිප් බූන්ඉඒයෝ.) * අග කොටස *"බුනිඒයෝ"* ලෙසද ශබ්ද කලහැකිය. ▫️2.10 - 두시 십분입니다. (තූෂි ෂිප් බූන් ඉම්නිදා.) * අග කොටස *"බුනිම්නිදා"* ලෙසද ශබ්ද කලහැකිය. ▫️ 5.19 - 다섯시 십구분이에요. (තසොස්ෂි ෂිප්කූ බුන්ඉඒයෝ) * අග කොටස *"බුනිඒයෝ"* ලෙසද ශබ්ද කලහැකිය. ▫️ 5.19 - 다섯시 십구분입니다. (තසොස්ෂි ෂිප්කූ බුන් ඉම්නිදා) * අග කොටස *"බුනිම්නිදා"* ලෙසද ශබ්ද කලහැකිය. 🔅පැය එකතුවක් ගණන් කිරීමේදී කොරියානු සංඛ්‍යා අගට *시간 (ෂිගන්)* භාවිතා කල හැකිය.... *තව කෙනෙක්ට ඉගෙනගන්න ශෙයාර් කරන්න ලමයි🤍🌿👨🏻‍🎓🤘🏻* 🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫 *අපේ Channel එකත් Follow කරල තියාගන්න.ස්තූතියි🩷🫂🇰🇷✈️*
❤️ 👍 5

Comments