
Mr A/L SCIENCE
February 2, 2025 at 01:56 PM
*අණු/පරමාණු ඇත්තටම බලන්න පුළුවන්ද?*
ඔව් පුලුවන්, ඇස් දෙකෙන් බලන්නනම් බෑ. හැබැයි දැන් මේ වෙනකොට විද්‍යාඥයෝ ඒවා යාන්තමට බලන්න පුලුවන් උපකරණ හදලයි තියෙන්නේ. උදාහරණයක් විදිහට Atomic Force Microscopes (AFM), Quantum Scale Microscope, Scanning tunneling Microscopes (STM) යන උපකරණ වලින් අණු/පරමාණු වල යාන්තමට බලාගන්න පුලුවන්. [ මේවගේ සිංහලෙන් කියන නමක්නම් දන් නෑ. Google එකේ එහෙම හොයලා බලන්න කැමතිනම් 🙃].
ඔය කලින් කිව්ව microscopes (අන්වීක්ෂ) වලිනුත් අර Iphone එහෙකින්, DSLR cam එහෙකින් ගැහුවා වගේ හෙනම quality එහෙකට පේන්නෙත් නෑ. නිකන් ලාවට හැඩේ බලගන්න පුලුවන් ඇත්තටම
Chemistry වල බන්ධන පාඩමේ ඉගෙන ගත්ත අණු වල හැඩය තීරණය කරන්න පාවිච්චි කරන VSEPR වාදය, මුහුම්කරණවාදය වගේ Theory වලින් ගන්න හැඩයි ඇත්ත හැඩයි සමානයි කියන එකත් දැන් ඔප්පු කරගෙන ඉවරයි. ඔය Theory ගොඩනගනකොට අණු/පරමාණු ඔච්චර හොදට බලන්න තරම් තාක්ෂණයක් තිබුන් නෑනේ 🙂↔
✅ *Follow*
https://whatsapp.com/channel/0029Va9E7uPLNSa9kcZ5ej08
❤️
😮
👍
🙏
13