
Mr A/L SCIENCE
February 15, 2025 at 06:03 AM
වම් පැත්‍තේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපි දකින ඉටි පන්දමක් දැල්වෙන විදිහ. දකුණු පැත්‍තේ තියෙන්නේ ශුන්‍ය ගුරුතවයක් යටතේ (ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් නැති වෙලාවට) ඉටි පන්දමක් දැල්වෙන විදිහ.
ඒ වෙලාවට සාමන්‍යෙන් වගේ නෙමෙයි නිල් පාට දැල්ලක්. රවුමට දැල්වෙන්නෙත් මෙහෙම වෙන්න හේතුව මොකක්ද?
සාමන්‍යෙන් පෘථිවියේදී ඉටි පන්දම දැල්වෙනකොට පහළ ඉදන් උඩට Oxygen එනකොට දහනයෙන් ප්‍රතිඵල වන CO₂, ජල වාෂ්ප උඩට යනවා. මේකට හේතුව වෙන්නේ තාපය නිසා රත්වෙන වායුවල පරිමාව වැඩි වෙන නිසා ඒ මත ඇතිවෙන උඩුකුරු තෙරපුව වැඩිවෙනවා. මේ හින්දා දැල්ල උඩට යනවා පේනවා. ඔය දැල්ල කහ පාට වෙන්න හේතුවනම් අසම්පූර්ණ දහනය. ඒ කියන්නේ දහනය වෙන්න අවශ්‍ය Oxygen ප්‍රමාණය අඩුවීම නිසා CO₂, ජල වාෂ්ප වලට අමතරව වෙනත් කාබන් අංශුත් ලැබෙන එක. මේ වෙනත් කාබන් අංශු නිසයි සාමන්‍යයෙන් ගින්දර දැල්ල කහ පාට.
දැන් බලපු ශුන්‍ය ගුරුත්වය යටතේ රවුමට ඉටිපන්දම් දැල්ල හැදෙන්නේ ඇයි කියලා. ගුරුත්වයක් නෑ කියන්නේ, උඩුකුරු තෙරපුමක් ඇතිවෙන්න විදිහක් නෑ. මෙතනදීත් වායු අංශු රත්වෙලා පරිමාව වැඩිවෙනවා. ඒ වුනට වැඩක් නාඅ කලින් වගේ උඩට යවන්න උඩුකුරු තෙරපුමක් නෑ. ඒ කිව්වේ g එකක් නෑ. මේ හින්දා O₂ වායුව හැම පැත්
❤️
2