Story නිම්නය....✍️❤️📖
Story නිම්නය....✍️❤️📖
February 11, 2025 at 05:16 AM
ඒ භයානක බැල්මෙන් මිදිලා මේ ලෝකෙට ආවෙ බෙල් එකේ සද්දෙට .. අප්පා ඉවරයි නේද පීරියඩ් එක .ආදියා මං දිහාට එක අඩියක් උස්සද්දිම මං කඩාගෙන බිදගෙන පන්තිය ඇතුලට දිව්වෙ සර් ඉන්නව කියලත් අමතල වෙලා, සර් ඇතුලු පන්තියේ සිසු කැල සත්තු වත්තෙන් පැනපු සතෙක් ගානට මං දිහා බැලුවෙ මං නෝන්ජල් හිනාවක් දාද්දි.ලෝක පුදුම හතට තව එකක් එකතු වුනා කියල දැනුනේ සර් මොකුත් නොකියා හිස් බැල්මක් දාල එලියට ගියපු නිසා මං ඇස් දෙක ලොකු කරන් පිටිපස්ස බලද්දි දැක්කෙ සර්ට දනගහල වදින ආදියව .යකෝ මූ එලියේ ඉද්දි මාව කන්න හදල එලියට දාපු කෙනාට වදිනව පුදුම නීති තමයි මුගෙත් තියෙන්නෙ ඔස්තාර් සම්මානෙන් දමල ගහන්න වටිනව. පස්සෙ දමල ගහන්න පුලුවන් දැන් බේරිලා ඉන්න එපැයි .කොහොමත් මූ පොඩි කාලෙ ඉදන්ම මගෙ බාල්දි වලට අහුවෙන හින්දා පුදුම තරහකින් හිටියේ මගෙ වැඩ එක්ක. ඒත් ඉතින් අපි සැලෙයිද? බේරගනියෝ කියාගෙන මම පැන්නෙ මගෙ අඹ යාලුවො මැද්දට . ඒත් ආදියා ඉක්මන් වුනා .සනූ මම උබට කියන අන්තිම පාර මේ ආයෙ උබට කියන්නෑ.. මං නවසිය අනූ නව වෙනි පාරටද මන්දා මූ මේක මට කියන්නෙ. මචන් අත ඇරල දාපන් බන් ඕක එච්චර දෙයක් නෙමේනෙ බානුව කියද්දි ආදියා ඌටත් රැව්ව. මොකක්ද එච්චර දෙයක් නෙමේද අද ඉදන් මගෙ prefect පට්ටමට මොකද වෙන්නෙ ඇයි බන් මේකිට කියන දෙයක් තේරෙන්නෙ නැත්තෙ ? උබලට මං කීපාරක් කිව්වද කුප්පියක් දාමු කියල එකකටවත් කැමති වුනානම් අද මේක වෙන්නෙ නෑනෙ . ආදියා අපිත් එක්කම හිටියට ඌ හැමදේකින්ම අපිට වඩා ඉස්සරහින් ඉන්නෙ ඒ නිසාම ඌ ඉස්කෝලෙ head prefect වුනේ දැන් මාස හතරකටවිතර කලින්.ඉතින් මං හිතල කරපු දෙයක්ද මූට ඒක තේරුම් ගන්න බැරි හැටියක් ! අනේ සොරි ආදි; මෙච්චර වෙලා හිරකරන් හිටපු කදුලු කඩාගෙන වැටුනේ මට මං ගැනම දැනුනු තරහත් එක්ක ..
❤️ 41

Comments