
Story නිම්නය....✍️❤️📖
4.8K subscribers
About Story නිම්නය....✍️❤️📖
එක එක අකුරු එකතු වෙලා ලස්සනට නිර්මාණය වෙන වචන වලින් නිර්මාණාත්මක Story බිහි වේ....🖊️♥📄 > ඔයාලට මේ චැනල් එකෙන් ➭Love Story ➭Horror Story ➭මීම්ස් ➭විඩියෝ ➭නිසදැස් ආදී නොයෙකුත් දේ කියවලා ,බලලා ,රසවිදින්න පුළුවන්❤️ Channel Link 🥰👇 https://whatsapp.com/channel/0029Vab6duQ3AzNJbLSvWI3G අමතක නොකර ලින්ක් එක follow කරන ගමන් ශෙයා කරලා බලන්න..ආස හිතෙයි හුදේ🧚🥰 5k ගහන්න සප් එකත් දෙන්න ළමයි🥺❤️ 𝙻𝙸𝙽𝙺 𝚝𝚘 𝙻𝙸𝙽𝙺 𝚂𝙷𝙰𝚁𝙴 : 𝙾𝚆𝙽𝙴𝚁(පාරූ) : 0715788099 𝙰𝙳𝙼𝙸𝙽(Liora_Aveline) : 𝙰𝙳𝙼𝙸𝙽(Sachith):075 917 5759 අලුතෙන් චැනල් එකට එන හැමෝම සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා...❤️!
Similar Channels
Swipe to see more
Posts

*💞✨ Underworld Love ✨💞* .... නපුරෙකුගේ සිත වසඟ කළ දඟකාරිය.... Episode 12💐 එකපාරටම යශ් ගාවට ආවේ මැදි වයසේ ගැහැනු කෙනෙක්.. ඒ ගෑණු කෙනා යශ් ගාවට ආව ගමන් ම යශ් ඒ ගෑණු කෙනාව බදාගත්තා.. ඒත් මන් කල්පනා කරේ කවුද මේ ගෑණු කෙනා කියලා..🤔 " මේරි අම්මේ..🥺" යශ් ඒ ගෑණු කෙනාට කතා කරේ මේරි අම්මා කියලා..ඒත් කවුද මේ ගෑණු කෙනා..මුකුත් නොදන්න මන් ඒ දෙන්නගේ කතාවට ඇහුන්කන් දීගෙන හිටියේ වෙන කරන්න දෙයක් නැති නිසා.. " මගේ කොල්ලා දැන් මාව බලන්න එන්නේ ම නැති තරම් නේද.." " අනේ එහෙම නෑ මේරි අම්මේ..වැඩ ගොඩක් තිබුණා ගිය දවස් ටිකේම..ඒ නිසයි මට මෙහෙ එන්න බැරිවුනේ..🥺" " මන් දන්නවනේ ඉතින් ඔයා ගැන.." එහෙම කියලා ඒ ගෑණු කෙනා යශ්ගේ ඔලුව අත ගෑවේ හරිම ආදරෙන්..🥺 ඒ දෙන්නා අම්මයි පුතයි වගේ..ඒවගේම මේ වෙනකන් මන් දැක්කේ නැති යශ්ගේ ඒ අහිංසකකම මන් එවෙලේ හොඳටම දැක්කා..ඇත්තටම මන් හිතුවේ නෑ යශ් මේ තරම් හොඳ කෙනෙක් කියලා..🥺 " මේ ඉන්නේ අර පුතා මට කිව්ව ගෑණු ලමයද.." ඒ ගෑණු කෙනා මන් දිහා බලලා එහෙම අහනකොට මන් බැලුවේ යශ් දිහා.. " ආ ඔව් මේරි අම්මේ..මේ ඉන්නේ එයා තමයි..😁" " ඔයා තෝරගෙන තියෙන්නේ ඔයාට ගැළපෙනම කෙනාව පුතේ..මට මේ කෙල්ලව දැකපු ගමන් ම ඒක හිතුනා..☺️" එහෙම කියලා ඒ ගෑණු කෙනා මන් ගාවට ඇවිත් මගේ ඔළුවත් අතගාලා මට කිව්වේ.. " දුවට හම්බෙලා තියෙන්නේ හරිම කෙනා..මොකද මන් දන්නවා මගේ කොල්ලා ගැන.." මන් මුකුත්ම නොකියා හිනාවෙලා ඒ ගෑණු කෙනා දිහා බලාගෙන හිටියේ වෙන කරන්න දෙයක් නැති නිසා..මන් කියලා මොනා කරන්නද ඉතින්.. " හරි පුතේ එහෙනම් දුවවත් එක්කගෙන කාමරේට යන්න..මන් ඔය දෙන්නට කාමරයක් ලෑස්ති කරලයි තියෙන්නේ..☺️" " හරි මේරි අම්මේ.." මන් මුකුත් නොකියා යශ්ගේ මූණ දිහා බලාගෙන හිටියේ මොකද්ද ඒ කතාව කියලා අහන්න වගේ.. අපි දෙන්නටම එක කාමරයක්..මොන පිස්සු කතාවක් ද යකෝ ඒ..මට නම් බෑ මේ යකත් එක්ක ඉන්න..කවුද දන්නේ මේ යකා මට මොනා කරයිද කියලා..😳😒 ටික වෙලාවකින් ඒ ගෑණු කෙනා එතනින් යන්න ගියා..ඒත් එක්කම එයා මාවත් ඇදගෙන ගියේ පඩිපෙළ ගාවට..ඒක දැක්කම නම් මගේ පපුවත් එක්ක මොකද්ද වෙලා ගියා..මොකද ඒ පඩිපෙල ඒ තරම් දිගයි..😒 යකෝ මේක නැගලා ඉවර වෙද්දි මගේ කකුල් දෙක නැතිවෙයි..😩මන් කොහොමද මෙච්චර දිග පඩිපෙළක් නගින්නෙ..😱 එහෙම හිත හිත ඉදලා මන් යශ්ට කිව්වේ..👇 " අනේ මට නම් බෑ මෙච්චර දිග පඩිපෙළක් නගින්න..මගේ කකුල් දෙක නැතිවෙයි මේක නැග්ගොත් එහෙම..😒" *Yash Pov..* කෙල්ල එහෙම කියනකොට මට කෙල්ල ගැන දුකත් හිතුනා..මන් දන්නවා කෙල්ලට මේ පඩිපෙළ නගින්න බෑ කියලා..මොකද ඒ තරමට මේ පඩිපෙළ දිගයි..තමුසෙත් ඉතින් බටු ඇටේ වගේනේ ඉතින් කොහෙද මේ වගේ පඩිපෙළක් නැගගන්නේ..🤭 💗💫💗💫💗💫💗💫 💗💫💗💫💗💫💗💫 මන් එහෙම කිව්වට පස්සේ එයා ලාවට හිනාවෙලා මට කිව්වේ..👇 " මහ ලොකුවට කට නම් තියනවා නේ සීයකට ගහන්න වගේ..ඒකට මොකද පඩිපෙළක් වත් නගින්න බෑ.. 🤭" " අනේ මේ..මන් කිව්වේ නෑනේ මට පඩිපෙළක් නැගගන්න බෑ කියලා..මන් කිව්වේ මෙච්චර දිග පඩිපෙළක් මට නගින්න බෑ කියලා.." මන් රවාගෙනම එහෙම කිව්වේ එයා මගේ දිහා නෝන්ඩියට වගේ බලාගෙන ඉන්න නිසා.. ටික වෙලාවක් මගේ දිහා බලාගෙන ඉදලා මේ යකා එකපාරටම මාව අත් දෙකන් උස්සගත්තේ මට හිතන්න වෙලාවක් නැතිවෙද්දි..😳 " එයි..මේ මොකද මේ.." මන් එයාගේ මුණ දිහා බලලා එහෙම ඇහුවේ උනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව.. " ඇයි දැන් තමුසෙට පඩිපෙළ නගින්න බෑ කිව්වේ..🤨" " ආ ඔ..ඔව් ඉතින්..🙁" " එහෙනම් මොනාද අහන්නේ..කටවහගෙන ඉන්නවා මන් තමුසෙව උඩට එක්කන් යනකම්.." එහෙම කියලා එයා මාව උස්සගෙනම පඩිපෙළ නගින්න පටන් ගත්තා.. " කියනකන් හිටියේ බූරුවා.." මන් රහසින් මුමුණලා වගේ එහෙම කියද්දි එකපාරටම එයා මගේ මූණ දිහා බැලුවේ රවාගෙන වගේ.. මන් කියපු එක මේ යාකාට ඇහුනාවත්ද..😳 " මොකද තමුසේ මන් දිහා කන්න වගේ බලාගෙන ඉන්නේ.." " අනේ ඔව් ඔව් බලාගෙන ඉන්නම කෙනා නේ..😒" " ඇයි තමුසේ එහෙම කිව්වේ..🤨" " නෑ නිකන්.." මන් මූණත් දෙක කරගෙන එයා දිහා බලලා එහෙම කියලා ආයෙත් අහක බලා ගත්තේ එයාට රවාගෙනමයි..😒 හිතේ ඇති මන් බයයි කියලා හුම්ම්..😩 ටික වෙලාවකින් එයා මාව උඩට එක්කගෙන ආවා.. ඒත් මේ යකා මාව බිමින් තියන්නේ නැතුව මාවත් උස්සගෙනම ඉස්සරහට ගියේ මන් එයා දිහා පුදුම වෙලා වගේ බලාගෙන ඉද්දි.. " දැන් මාව බිමින් තියන්න මට මේ ටික ඇවිදගෙන යන්න පුළුවන්.." මන් එහෙම කිව්වත් මේ මනුස්සයා මුකුත්ම නොකියා මාව අරගෙන ගියේ කාමරේකට.. කාමරේට ගියාට පස්සේ මාව බිමින් තියලා එයා කිව්වේ..👇 " මොනවා නැතත් නෝනගේ කට නම් තියනවා සියකට ගහන්න වගේ..😒" " ඔව් තියනවා තමයි ඇයි.." මන් එහෙම කියනවත් එක්කම එයා මගේ ලඟට ඇවිල්ලා එයා මට කිව්වේ..👇 " සුදු නෝනගේ සැර ටිකක් අඩු කරගත්තා නම් හොදයි නේද ම්ම්.." මන් මුකුත්ම නොකියා එයා දිහා බලාගෙන හිටියේ ඒ නපුරු ඇස් දැක්කම බය හිතුන නිසා..🥺 එයා හිමින්සැරේ මගේ තොල් වලට ලංවෙලා කිව්වේ..👇 " ඇයි දැන් කට වැහිලද ම්ම්.." දැනුණ බයත් එක්කම මන් ගොත ගගහා එයාට කිව්වේ..😐 "නෑ..නෑ මේ.." මන් එහෙම කියද්දී කට කොනින් හිනාවුන එයා තව ටිකක් මගේ තොල් වලට ලංවුනේ මගේ බය දෙගුණ තෙගුණ වෙද්දි.. එකපාරටම එයා මගේ තොල් වලට බරවුනේ මට කර කියා ගන්න දෙයක් නැති වෙද්දි..💋😳 කොච්චර උත්සහ කරත් එයාගේ දරදඬු ඇගත් එක්ක මට හැරෙන්න වත් බෑ.. එයා මගේ තොල් වලට බරවෙලා මගේ අත් දෙකත් අල්ලගෙන එහෙන්ම මාව බිත්තියට හේත්තු කරගත්තේ මට හෙලවෙන්නවත් බැරිවෙන විදිහට..💋💋 මට දැනුනේ එයාගේ තොල් වල පහසට මාව ටිකින් ටික මත්වෙනවා වගේ කියලා..💋😳ඒ නිසාම මන් එයාගෙන් ඈත් වෙන්න හැදුවත් එයා මාව තදකරලා අල්ලගෙන හිටපු නිසා මට හෙලවෙන්නවත් බැරිවුනා.. සෑහෙන වෙලාවක් මගේ තොල් එක්ක දගකරපු එයා මගේ මූණට ලංවෙලා කිව්වේ..👇💋 " සොරි මගේ මැණික..මට මාවම කන්ට්‍රොල් කරගන්න බැරිවුණා..🥺" ඇස් වල කදුළුත් පුරවගෙන එයාව එහාට තල්ලු කරලා මන් කිව්වේ..👇 " එන්න එපා මගේ ලඟට..ආයේ මාත් එක්ක කතා කරන්නවත් එන්න එපා.." " මන් හිතුවේ නෑ ඇත්තටම මේ වගේ දෙයක් වෙයි කියලා..අනේ මට සමාවෙන්න මැණික..🥺" " මෙතනින් යන්න.." ඇස්වලින් වැටෙන කදුළුත් පිහදනගමන් මන් එයාට කිව්වේ එහෙම..👇 💗💫💗💫💗💫💗💫 💗💫💗💫💗💫💗💫 අයියෝ මොකද්ද මන් ඒ කරේ..ශිට් යකෝ..උබට මොකද එකපාරටම වුණේ යශ්..පව් කෙල්ල හොදටම බය වෙලාද කොහෙද.. මන් මටම බැන ගත්තේ කරපු වැරැද්ද ගැන හිතලා.. අනේ මොකද්ද දෙයියනේ දැන් කරන්නේ..කෙල්ලගේ ඇස් වල කදුළුත් පිරිලා..මෙතනින් යනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ..අඩුම තරමේ මන් ගියාට පස්සෙවත් කෙල්ල ටිකක් සන්සුන් වෙයිනේ..🥺 එහෙම හිතලා මන් එවෙලේම කාමරෙන් එලියට ගියේ මට වෙන කරන්න දෙයක් නැති නිසා.. *✨පැය කිහිපයකට පසු..✨* මන් ඇදට වෙලා ඉදගෙන කල්පනා කර කර හිටියේ සිද්ධ වුණ දේ ගැන..මොකද මීට කලින් කවදාවත් මාව එහෙම කොල්ලෙක් කිස් කරලා නෑ.. ඒත් එක සැරේම මට ඇහුනේ යශ්ගේ කටහඩ.. ඒත් එක්කම කාමරේ දොර ඇරගෙන ආවේ යශ්ගේ යාළුවා මහේෂ්..ඒත් එයා ආවේ යශ්ව එයාගේ ඇගට වාරු කරගෙන.. මන් හිතන්නේ යශ් හොදටම බීලා..එයාට කෙලින් හිටගෙන ඉන්නවත් පන නෑ. ඒ තරමට එයා බීලා..🥺 " අනේ නංගි මට පොඩ්ඩක් උදව් කරන්නකො මූව ඇදෙන් හාන්සි කරන්න.." මහේෂ් අයියා එහෙම කිව්වට පස්සේ මන් එයා ගාවට ගියේ යශ්ව ඇදේ හාන්සි කරන්න එයාට ටිකක් උදව් කරන්න කියලා..මොකද මට දුක හිතුනා ය ඉන්න විදිහ දැක්කම.. කොහොම හරි අපි දෙන්නම එයාව ඇගට වාරු කරගෙන ඇවිත් ඇදෙන් හාන්සි කරේ යශ්ට හරියට සිහියවත් තිබුණේ නැති නිසා.. මන් එයා දිහා බලාගෙන ඉද්දී මහේෂ් අයියා මට කිව්වේ..👇 " අනේ නංගි වෙච්ච දේට සමාවෙන්න..මූ අද මෙහෙම බිව්වෙත් නංගීට කරපු වැරැද්ද නිසා.." " දැන් වෙච්ච දේ වෙලා ඉවරනේ අයියේ.." " යශ් කියන්නේ එහෙම නරක මනුස්සයෙක් නෙවෙයි නංගි..මොකද පොඩි කාලේ ඉදලම මන් ඌ ගැන දන්නවා..මන් දන්න තරමින් මූ මේ වෙනකන් කෙල්ලෙක්ට කිසිම වැරැද්දක් කරලා නෑ..මූ එහෙම එකෙක් නෙමේ නංගි.." " අනික මූ ආදරේ කරන පළවෙනි කෙල්ල තමයි ඔයා..මේ වෙනකම් මූ එක කෙල්ලෙක් එක්කවත් යාළු වෙලා නෑ.." " මොකක්..ඔය ඇත්තමද අයියේ..🥺" " ඔව් නංගි..නංගිව දැකපු දවසෙම මූ මට කිව්වා මට ඕනි ඒ කෙල්ල විතරමයි කියලා..මොකද ඌ නංගිට පන වගේ ආදරෙයි..එදා නංගීට අර පාරේ යන එකෙක් කරදර කරන්න හැදුවා කිව්වම මූට හොදටම තරහා ගියා..ඌ දැන් ජීවතුන් අතර නෑ..යශ් ඌට ඒ වගේ දෙයක් කරේ නංගි නිසා..නංගීට කරදරයක් වෙනවට කැමති නැති නිසා..ඒ නිසාමයි නංගීව මෙහෙට එක්කගෙන ආවෙත්.. " " අනේ මට මේ මුකුත් හිතාගන්න බෑ..ඇත්තටම මෙයා මේ තරම් මට ආදරේ කරනවද..🥺" " ඔව් නංගි ඔයා හිතනවටත් වඩා මූ ඔයාට ආදරෙයි.." ඇස්වලට කදුළුත් පිරුණේ මහේෂ් අයියා කියපු දේවල් වලට..🥹 " මන් දැන් යන්නම් නංගි..මූව පොඩ්ඩක් බලාගන්න.." " හරි අයියේ.." මහේෂ් අයියා ගියාට පස්සේ මන් ගියේ ඇදගාවට..යශ් ඉන්න විදිහ දැක්කම මගේ හිතට ලොකු දුකක් දැනුනේ මන් නිසානේ මෙයා මේ විදිහට සිහියක් පතක්වත් නැතුව ඉන්නේ කියලා හිතලා.. ඔන්න ළමයි නේ ඊළගට මොනවා වෙයිද.. අසිනි යශ්ට කැමති වෙයිද..🙃කතාව ගැන ඔයාලගේ අදහස මට කමෙන්ට් එකක් දාන්න ළමයි..කතාව හොඳයිද නැද්ද කියලවත්.. රියැක්ට් කරන්න පැටව්නේ මතක් කරලා..🥺ආදරෙයි..💗 074 040 6877 *WRITER DULI✨*


🌼💛....දිව්‍යා....💛🌼 Episode 25 🌼💛🌼💛🌼💛🌼💛🌼💛🌼 ඇතුලට ගියපු ගමන් මම සාලෙ පුරාම ඇස් යැව්වෙ තියෙන පිලිවෙල බලන්න... මම වටපිට බැලුවෙ කවුද ඉන්නෙ බලන්න... ඒත් අර වයසක සීයා ඇරෙන්නෙ පේන්න කවුරුත් හිටියෙ නැති වෙද්දි මම සතීෂ් අයියගෙන් ඇහුවෙ... " අයියේ... ගෙදර අය කෝ... " සතීෂ් අයියගෙ මූණ හරි ඉක්මනට වෙනස් වෙද්දි මට හිතුනෙ මම වැරදි දෙයක්වත් ඇහුවද කියලා.... සතීෂ් අයියට තිබුනෙ දුක් උන මූනක් ඒ වෙලාවෙ... ඒ ඇස් මාලානික වෙද්දි සතීෂ් අයියා මගෙ දිහා බලලා කිව්වෙ... " ලොකු කතාවක් තියෙනවා දිව්‍යා... මම ඔයාට කියන්නම්කො... ඊට කලින් මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕනෙ.. " " මොකක්ද අයියෙ උදව්ව.. " මම සතීෂ් අයියා දිහා බලලා ඇහුවම එයා කිව්වෙ... " අද මගෙ හොදම යාලුවෙක් එනවා මෙහෙ... එයාගෙ වයිෆ් එක්ක බබාලා දෙන්නත් එනවා කිව්වා... දිව්‍යා එයාලා එද්දි මට විතරක් මෙහෙ ඉන්න බෑ කියලා හිතුනා... ඒකයි මම ඔයාව එකතු කරන් ආවෙ.. සොරි කියන්නෙ නැතුව මෙහෙම දෙයක් කලාට... " සතීෂ් අයියා කම්පා උන ස්වරූපෙන් මගෙ දිහා බලන් එහෙම කියන කොට මගෙ මොලේ මගෙන් ප්‍රශ්න කෝටියක් විතර ඇහුවා... ඒත් හැමදේම පස්සෙ සතීෂ් අයියගෙන්ම දැන ගන්නවා කියලා හිතාන මම ඒ දේට කැමති උනේ.. ඇත්තටම එහෙම කට්ටියක් එනකොට තනියම ඉන්න බැරි බව මටත් තේරුන නිසා... " හරි අයියෙ... අපි දැන් මොනවද කරන්න ඕනෙ.. එයාලා ගොඩක් වෙලා ඉන්නවද... " " එයාලා එක විතර වෙද්දි එන්නම් කිව්වා... දවල් කෑම මම මෙහෙන් දෙන්නම් කියලා කෝල් කරද්දි කිව්වෙ... ඒත් උයාගන්න විදිහක් තමයි නැත්තෙ... " " බඩු තියෙනවනම් මම පුලුවන් දෙයක් ඉක්මනට හදන්නම් අයියෙ... තාම අට වෙලත් නෑ නේ... එක වෙද්දි අපිට මොනව හරි උයා ගන්න පුලුවන් වෙයි.. " මම දැක්කා ඒ ඇස් සතුටින් දිලිසෙනවා... කටපුරා හිනා වෙලා හිටපු සතීෂ් අයියගෙ ඒ හිනාව මැකිලා ගිහින් ආයෙත් මූන අකුලගෙන මගෙ දිහා බලලා ඇහුවෙ... " දිව්‍යට මන් නිසා කරදරයි නේ... ජොබ් එකට අමතර වැඩත් කරන්න වෙලා.. " මම සියුම් රැවිල්ලක් එක්ක එයා දිහා බලන් කිව්වෙ... " මම කිව්වෙ නෑ නේ අයියෙ මට කරදරයි කියලා.. අනික අයියා මට පිට කෙනෙක් නෙවෙයි... " මේන් මේ මනුස්සයා හයියෙන් හිනා වෙනවා... " මාර කේන්තිකාරියක්නෙ දිව්‍යා ඔයා.. කියවිල්ල බලන් එපැයි... " මම ගස්සලා අහක බලා ගත්තම සතීෂ් අයියා මගෙ ලගට ඇවිත් මගෙ අත අල්ල ගත්තා... අනිත් අතින් මගෙ අත අතගාන ගමන් එයා කිව්වෙ.... " කුස්සියෙ ඕනෙ දේවල් තියෙනවා... අඩුවක් උනොත් මම ඉක්මනට ගෙනත් දෙන්නම්... එහෙනම් අපි දෙන්නම එකතු වෙලා එයාලට ලන්ච් එක රෙඩී කරමුද.. " " හ්ම්ම්... යමු එහෙනම් කිචන් එකට... " කිචන් එකට ගිහින් බැලුවෙ ඒකත් මාර ලස්සනයි... ඒ වගේම පිලිවෙලයි... මම ෆ්‍රිජ් එක ඇරලා බැලුවම ඕනෙ කරන ගොඩක් දේවල් තිබුනා ලන්ච් එක රෙඩී කරන්න.... මුලින්ම එලවලු ටිකක් අරගෙන සෝදලා සතීෂ් අයියට දුන්නෙ කපන්න කියලා... පොඩි බබාලත් එනවා කියපු නිසා එලවලු බත් එකක් හදන එක හොදයි නේ.... සතීෂ් අයියා එලවලු කපනකන් මම චිකන් කෑලි ටික සෝද ගන්න ගමන්ම ටිකක් සුද්ධ කලා.. ඒවා කෑලි වලට කපලා තිබුන නිසා කපන්න ඕන උනේ නෑ.... උයන අතරතුරත් අපි දෙන්න පොඩි කතාවක් දාගෙන හිටියෙ සතීෂ් අයියා මගෙන් නොයෙකුත් ප්‍රශ්න අහද්දි..... ------------------------------------------------------------------- දිව්‍යා කැමති කරගෙන කිචන් එකට ආවෙ ලන්ච් එක රෙඩී කරන්න... මගෙ හිත පිරිලා වගේ... පාලු ගේ එලිය වෙලා වගේ හැගීමක් තිබුනෙ... ගෑණු අතකින් හදපු කෑම ටිකක් කාපු කාලයක් මතක නෑ.... මම දිව්‍යා එක්ක උයන්න එකතු උනේ මගෙ හිත සතුටින් උඩ පනිද්දි.... කම්මැලිකම යන්නත් එක්ක මම එයා එක්ක කතාවක් දාගෙන හිටියෙ දිව්‍යා හිනා වෙවී මගෙ ප්‍රශ්න වලට උත්තර දෙද්දි... " ඔෆිස් එක කොහොමද දිව්‍යා... " " හොදයි අයියෙ වරදක් නෑ... " " ගොඩක් පින් දිව්‍යා ඇත්තටම මේ කරන උදව්වට " " අනේ පින් මොකටද අයියෙ... අයියා මට කොයි තරම් උදව් කරලා තියෙනවද... " ටික වෙලාවක් කතා කර කර ඉන්න කොට කතාවෙ සිහියෙන් හිටපු මට පිහියෙන් මගෙ අත කැපෙනම් හොයා ගන්න බැරි උනා... කොහෙද ඒ ඇස් දිහා බලන් ඉන්න කොට ඉන්නෙ කොහෙද කියලවත් මතක නෑ නේ මට.... " ආව්...." මට කෑ ගැස්සුනේ මගෙ දකුණු අතේ දබර ඇගිල්ල පිහියට තද වෙද්දි... " සතීෂ් අයියෙ මොකද උනේ.. " දිව්‍යා ඉක්මනට මගෙ ලගට ඇවිත් බැලුවෙ මොකද උනේ කියලා... " දෙයියනේ අත කපා ගෙනනේ මේ මනුස්සයා....." එහෙම කියපු දිව්‍යා එයාගෙ සාරිපට අරගෙන...... 🌼💛🌼💛🌼💛🌼💛🌼💛🌼💛🌼💛🌼 මතු සම්බන්ධයි. 🚫 කර්තෘ අයිතිය සුරකින්න. මම Chamu...🌼 ----------------------------------------- පොඩි එපියක් හොදේ... 😇🤗 අදට කියවන්න.... 🌝👍 රියැක්ට් කමෙන්ට් කරන්න හොද ලමයිනේ ඔයාලා... 💛🧡💙 ගිහින් එන්නම්.. 👍👍🌝 ආදරෙයි හැමෝටම.. ❤️❤️

මගෙ හුස්ම නුඹයි🕊️♥✨ ~episode 7~ *🚫කතෘ අයිතිය සුරකින්න* "හෙලෝ මැනික.." " හෙලෝව් කවුද මේ.." "ඇයි මැනික මට මෙහෙම කරන්නෙ.උබ මාව ගොඩක් රිදෙනවා බන්.මට තමුසෙව ඕන සුදු නෝනා.." කටහඩවත් අදුරගන්න බැරි තරමටම එයා බීලා. හොදටම වෙරි. "අනෙ මෙ හලෝ..කවුද කියනවද ආ.." "උබ මාව දන්නැ මැනිකෙ, ඒත් මං දන්නෙ උබව අවුරුදු ගානක ඉදන්.." "හරි ඔයා කවුද කියන්නකො.." "මං කවුද කියන එක වැඩක් නෑ. ඒත් තමුසෙ අර ඒශානයා එක්ක ඉද්දි නම් මට මාරම තරහක් එන්නෙ.." " මං කවුරු එක්ක හිටියත් ඔයාට මොකද.." "උබ මගෙ විතරයි බන්.." මං ලයින් එක කට් කරලා ෆෝන් එක ඕෆ් කලා. කවුද කියලාවත් නොදැන කතා කරලා වැඩක් නැති නිසා.මොනවා උනත් එයා මට ආදරේ කරනවා කියල නම් තේරෙනවා. "ගුඩ් මෝනිම් සර්.." "ගුඩ් මෝනිම් රිකාශා..මිනුදි ආවාද.." "නැ සර්.." "ඒ ඇයි..මිස් ආය එන්නෑ කිව්වා.." රිකාශා මං කියපු හැමදේම ඒශාන් අතින් කීවා. "අයියෝ.. එකද වෙලා තියෙන්නෙ එහෙනම් එදා..හරි මං බලන්නම්කො.." ඒශාන් ඔෆිස් එකට ගිහිල්ලත් කලේ කල්පනා කරපු එක විතරයි. 'ඇත්තටම උබට කිසි හිතක් පපුවක් නැද්ද එශූ..එදා විනාඩි පහක් මං නොයා හිටියා නම්.. ශිට්..මං නිසා අද එ කෙල්ල විදවනවා.' ඔහු දොස් නැගුවේ ඔහුටම පමණි. "දෝණි..ඇයි අද ඔෆිස් යන්නෙ නැද්ද.." "මං ආය ඒ ඔෆිස් එකට යන්නෑ..මට ටිකක් තනියම ඉන්න ඔනි අම්මා..මම බීච් එකට යනවා. ඉක්මනින් එන්නම්.." එහෙම කියලා මම වොශ් එකකුත් දාගෙන කහ පාට ඔපන් ශෝල්ඩර් දිග ගවුමකුත් ඇදගෙන මං බීච් එක පැත්තට ගියා. මට නොතේරෙන එකම දේ ඇයි මෙච්චර ඒශාන් සර්වම මතක් වෙන්නෙ කියන එක.කවදාවත් නොදැනුනු අමුතු හැගීමක් එයා එක්ක ඉද්දි, මතක් වෙද්දි මට දැනෙන්නෙ. ගලක් උඩ ඉදගෙන රැල්ල දිහා බලාගෙන එයා ගැන හිත හිත ඉද්දි කවුරුහරි ඇවිත් මගෙ එහා පැත්තෙන් ඉදගත්තා. "ඔයා.." මං නැගිටලා යන්න යද්දිම ඒශාන් මගෙ අතින් ඇදලා ආයෙත් ඉදගැස්සුවා. "මොකද වෙලා තියෙන්නෙ ආ..ඇයි ඔෆිස් එන්නෙ නැත්තෙ.." "මට ඕන නිසා..ඔයා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා..මාත් අනිත් අය වගෙ ඔයාගෙ සේවකයෙක් විතරයි නෙ..ඉතින් මං ගැන වද වෙන්නෙ මොකටද.." " මිනුදි තමුසෙගෙ කට නම් හොදටම වැඩි..කෙල්ලෙක් නේද, ඔය කට පරිස්සම් කරගන්නවා.." " මගෙ කට ගැන මම බලාගන්නම්..ඒක ගැන කවුරුත් වද වෙන්න ඔනි නැ.." "පුදුම ලොකුකමක්..මං ආවෙ සොරි කියන්න.. වෙච්ච දේට සොරි.හෙට ඉදන් වැඩට එන්න ආයෙත්.." "හිතක් පපුවක් නැති මිනිස්සු එක්ක වැඩ කරන්න මට බැ..ප්ලීස් වද නොදී යන්න.." " මං දන්නවද තමුසෙ අසනිපෙන් කියලා. මට තරහා ගියෙ අර වෙශාන් එක්ක මගුල් නටපු නිසා.." "මං කාගෙත් එක්කවත් මගුල් නටන්න ගියෙ නැ. සී.සී.ටීවි තියෙනවනෙ බලාගන්න මොකද උනෙ එතන කියලා. අනික මම මගුල් නැටුවත් ඔයාට මොකද.." ඒශාන් මොකුත් නොකියා එතනින් ගියා. 🖤🖇️🖤🖇️🖤🖇️🖤🖇️ "ඒශූ..මොකද කල්පනාව.." "අම්මා මතක් උනා.." "හෙට අම්මාගෙ දානේ නෙ.." " ඔව්.. එයත් අද හිටියානම් අපි එක්ක..එහෙනම් අපි කොච්චර සතුටින්ද අයියෙ.. " " වෙන්න තියෙන දේවල් වෙනවනෙ මල්ලි..අපි අම්මා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරමු..එයා කොහෙ හරි ඉදන් අපෙ දිහා බලාගෙන ඇත්තෙ.." " අම්මාට මේ දේ කරපු උන්ව නම් මං ලේසියෙන් අතාරින්නෙ නැ අයියෙ..නීතියට කරන්න බැරි උන දේ මං කරලා පෙන්නන්නම්.." " අපි දැන් යමුකො කන්න..තාත්තාත් අද එනවා කිව්වා.." දෙන්නත් එක්කම ගියෙ දවල් කෑම කන්න කෑම මේසෙ ලගට. 🖤🖇️🖤🖇️🖤🖇️🖤🖇️ මං අද කලින්ම නිදා ගන්න ඇදට ආවේ වෙනදට නැති අමුත්තක් දැනුන නිසා. "මිනූ දුව.. මිනු..අනේ මාව බේරගන්න දරුවෝ.." " නදූ මිස්.. මිස්.. මොකද උනේ.." "අම්මා..." αмα gυяℓ🌺✍🏻 කවුද මේ මොකද උනෙ☹️👀ඊළග කොටසින් ඈ😒💔


විසේකාරී ඈ💞😍✨ °°දඩබ්බර කඩවසම් පිරිමි ළමයෙකුගේ හා හුරුබුහුටි විසෙකාර ගැහැණු ළමයෙකුගේ ප්‍රේමණීය කථාංගය°° ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 5️⃣4️⃣ කොටස🥰🍃 ┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈ https://whatsapp.com/channel/0029Vab6duQ3AzNJbLSvWI3G/4277 _කලින් එපිසෝඩ් එක ඔනිනම් ඉහත ලින්ක් එක ටච් කරන්න👆_ ┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈ දෙදෙනාම නිවසින් පිටත් විය..ශෂිත් දනෝෂ්ව කැම්පස් එක ලගින් බස්සවා ඔහු හොස්පිටල් එකට ගියේය... හොස්පිටල් එකේ ඔහුගේ කැබින් එකට ගිය ශාමිත් කල්පනා කරන්නට උනේ උදේ අම්මලා කියපු යෝජනාව ගැනය... . . හසී උදේ කැම්පස් එකට යද්දි විහස්ලා ඇවිල්ලා කැන්ටින් එකේ ටී බොමින් සිටියේය.. හසී ගොස් විහස් අසලින් තිබූ පුටුවෙන් වාඩි උනේ ශාමිත් දෙසද බලමින් ය.. 🌹ඉතිම් ඉතිම් කොහොමද පෙන්ස්😜 💜නොමැරී ඉන්නවා බම්😇 🌹අයියෝ ශාමි අයියේ..ඔහොම මූඩ් ගහලා ඉන්න එපා..මෙහ් ඔයාගෙ මූඩ් එක හරියන්නත් එක්ක අපි කට්ටිය ට්‍රිප් එකක් යමුද😁 💗ශා පැටියෝ..එකනම් මරු අයිඩියා එක..මොකො කියන්නේ කට්ටිය යමුද... 🌻අහන්නත් දෙයක්ද යමු...සකූ ඔයා මොකො කියන්නේ... 🌷මගෙත් අවුලක් නෑ..ඒත් කොහෙද යන්නේ.. 🌹අපි ඇල්ලෙත් ගිහිම් නුවර එළියේ යමුද...😁 💗එක හොදයි..එහෙනම් අපි කැම්පස් එකේ නිවාඩු දුන්නම යමු.කොහොමත් තව දවස් දෙක තුනකින් නිවාඩු දෙනෝනේ... 🌻එනම් වැඩේ ඕකේ ...මෙ අපි යනො අපිට දැන් ලෙක්චර්... හසීලා විහස්ලට සමු දී ලෙක්චර් හෝල් එකට ගියේ..විහස්ලද ට්‍රිප් එක ගැන කතා කරද්දිය... . . . 🧑🏼💼good morning sir.. 🕊️good morning kasun.. 🧑🏼💼sir. ඇතුලේ ශෙරිල් මැඩම් ඇවිල්ලා ඉන්නවා... 🕊️මොකක්..මේකි වදදෙන්න මෙතනටත් එන්න පටන් ගෙනද..හරි කසුන් වැඩක් බලාගන්නකෝ.. 🧑🏼💼හරි sir.. නිතුන් හිතින් ශෙරිල්ට දෙහි කපමින් රූම් එකට ගියෙය... නිතුන් රූම් එකට යද්දි ශෙරිල් නිතුන්ගේ පුටුවේ වාඩිවෙලා 4න් එකත් ඔබ ඔබා කකුල් දෙකත් උඩදාගෙන ඉන්නේ කිසිම ලැජ්ජාවක් නැතිවය... දනිස්ස ලගටවත් නැති ටයිට් සාය ඇදගෙන ඉන ලගටවත් නැති පොඩි ස්කිනර් එකක් ඇදන් ඉන්න ශෙරිල්ව දැක්කම නිතුන්ට දැනෙන්නේ අප්‍රසන්න බවකි... නිතුන් ගොස් තමා ගෙනාපු බෑග් එක ටේබල් එක උඩට අතෑරියේ ශෙරිල් ගැස්සි යද්දිය.. 🫣අනා නිතුන් බබා..මන් දැක්කෙත් නෑ එනවා.. 🕊️මට තමුන් එක්ක හුරතල් වෙන්න වෙලාවක් නෑ ..එහෙම උවමනාවකුත් නෑ..ඇත්තටම තමුන්ට ලැජ්ජාවක් නැද්ද..ටිකක් සංවරව හැසිරෙනවකෝ..කෙල්ලෙක් නේද තමුන්..චික් ලැජ්ජයි තමුසෙ ගැන.අපෙ අම්මලාගෙත් මොකේ හොද නෑනේ... 🫣අනේ බබා මොකද මේ...කොටට අදින්න එපානම් මන් දිගට අදින්නම්..හැබැයි ඔයා මට කැමතිවෙනවනම්.. 🕊️තමුන් කොහොම ඇන්දත් මන් තමුන්ට කැමති නැ..ප්ලීස් මට වැඩක් කරගන්න දීලා මෙතනින් යන්න... 🫣ඒත් බබා මන් ආන්ටිගෙන් අහලනෙ ආවේ.. 🕊️මොකාගෙන් ඇහුවත් වැඩක් නැ මෙක මගෙ ඔෆිස් එක..මන් තමුන්ව ඇදලා එලියට දාන්න කලින් මෙතනින් පලයන්...පලයන් ඉතිම්.. නිතුන්ගේ කේන්තිය හමුවේ ශෙරිල්ට කිසි දෙයක් කරගැනීමට නොහැකි විය... කිසිත් නොකියා බෑග් එකයි ෆෝන් එකයි ගත් ශෙරිල් රූම් එකෙන් පිටට ආවේ තරහින් පුපුරමින් ය.. රූම් එකෙන් ආ ශෙරිල්ට ෆයිල් එකක් අරන් නිතුන්ගේ රූම් එක පැත්තට එන පහන්දිව දුටුවේය.. පහන්දි ලගට ගොස් පහන්දිට තර්ජනය කල ශෙරිල් පහන්දිවත් තල්ලු කරදමා යන්නට ගියේය.. නොවැටී බේරුන පහන්දි කිසිත් සිතාගත නොහැකිව නිතුන්ගේ රූම් එකට ගියේ මූණත් හකුලාගෙනය.. 🕊️මොකො සුදූහ් මූණ එල්ලන්.. පහන්දි කිසිත් හංගන්නෙ නැතුව නිතුන්ට පැවසුවේ නිතුන්ගේ කෝපයට අත මිටමෙලවෙද්දිය... නිතුන්ගේ කේන්තිය දුටු පහන්දි වටපිට බලා නිතුන්ගේ කම්මුල කිස් කර ෆයිල් එක ටෙබල් එකෙන් තියා යන්න ගියේ නැවතත් හැරී නිතුන් දෙස බලාය...😜 සිදුවූ දෙස සිතාගත නොහැකි වූ නිතුන්ගේ මුවින් පිටවුනේ ආදරණීය සිනහවකි..❤️ . . . 💙මාම්..ඩෑඩ් ඔයාලා ෆ්‍රීනම් මට කියන්න දෙයක් තියෙනවා.. ⚪මොකක්ද පුතා... 💙මේකයි මාම්..මන් ගර්ල් කෙනෙක් එක්ක සම්බන්දකමක් පටන් ගත්තා.. 🟤එයාගේ පවුල් පසුබිම කොහොමද පුතා..මන් අහන්නේ එයාව අපිට මැච් වෙනවද.. 💙එයාගේ තාත්තා බිස්නස් කරන්නේ..අම්මා doctor කෙනෙක්..තව ස්කූල් යන මල්ලි කෙනෙක් ඉන්නවා.. ⚪එහෙනම් ප්‍රශ්නයක් නෑනේ අසේල..කොහොමත් අපේ පුතා වැරදි තීරණයක් ගන්නේ නෑ කියලා අපි දන්නවනේ.. 🟤ඔව් ප්‍රියානී..කොහොමද එයාව හම්බුනේ... 💙කැම්පස් එකෙන් තමයි😁 🟤හරි හරි ..ඒ දරුවගේ දෙමාපියන් එක්කත් කතා කරලා අපි එහෙ ගිහිම් කතා කරමු..එතකල් ඉවසන් ඉන්න.. 💙thank you ඩැඩ්..😁 නිසල් සතුටින් රූම් එකට ගියේ අම්මලා කැමති උන නිසාය.. නිසල් සකූට කෝල් එකක් අරන් විස්තරය කිව්වේ සකූද සතුටින් උඩ පනිද්දිය...😜 .. . . කට්ටිය ට්‍රිප් එක යන දවසත් ඉක්මනින් ලං උනේ සියල්ලන්ගෙම හිත් සතුටින් පිරෙද්දිය.. හසීටනම් ඉතිම් ගෙදරින් චුට්ටක් බර බරේ දැම්මත් නිතේෂ්ද යන්නම් කියු නිසා ප්‍රශ්නයක් උනේ නෑ.. හසී ,නිතේෂ් යන නිසා සකූටද නිතූටද යන්න අවසර හම්බුනේය.. විහස් යන නිසා ශානිත් යන්න ලෑස්ති විය.. බඩූ ලෑස්ති කර රාත්‍රි ආහරාගත් හසී කලින්ම නින්දට ගියේ හෙට පාන්දරින්ම පිටත් වෙනවා යැයි විහස් කියූ නිසාය... . . . කාමරේ එහාට මෙහාට ඇවිදිමින් සිටි ශාමිත්ද හිත මදකට සැහැල්ලු කරගෙන නින්දට ගියේ ට්‍රිප් එක කෙසේ ගතවෙදැයි සිතමින් ය.. . . . උදෑසනම අවදි වූ විහස් වොශ් එකක් දාගෙන ලෑස්ති උනේ ශානිටද ලෑස්ති වෙන්න යැයි පවසමින් ය. (මෙයාලා මේ ට්‍රිප් එක යන්න සෙට් කරගත්තෙ පොඩි බස් එකක්..😜🩷) විහස් හා ශානී ලෑස්ති වී පැමිණි බස් රථයට නැග ගත්තේ ශාමිත්ව හා දනෝෂ්ව ගැනිමට යාමටයි.. දනෝෂ්ද ශාමිත්ලගේ නිවසට පැමිණ සිටියේය.. සකූ හා නිතූද හසීලගෙ නිවසට පැමිණ් සිටියේ වඩාත් පහසු වීමටය... ශාමිත්ලව නග්ගගෙන හසිලා නිවස අසල බස් රථය නවත්වා හසීලවද ගෙන නිවසියන්ටද සමුදී ගමන ආරම්භ කලේය.. හසී විහස් හා නිතූ සකූ ශානී හා නිතේෂ් දනෝශ් ශාමිත් පිළිවෙලින් අසුන් ගත්තේය .. ගමන මුලදිනම් කට්ටියම නිදාගත්තේ පාන්දරම නිසාය... එළිය වැටෙද්දි කට්ටියම ඇහැරුනත් හසීනම් විහස්ට තුරුලු වෙලා හොදටම නිදි..විහස්ද හසීව ඇහැරවන්නැතුව තුරුලු කරන් ඉන්නේ අනිත් අයගේ විහිලු මැදය.. උදේ ආහාරයට හසීලා මව සාදා දුන් සැන්විචර්ස් කන්නට බස් එක ඇලක් කිට්ටුව නවත්වලා කට්ටියම බැස්සේ විහස්ටද හසීවත් රැගෙන එන්න යැයි පවසමින් ය.. විහස් හසීව ඇහැරවලා බහින්න හැරුනත් සිතට ආව ක්ෂනික සිතුවිල්ලකට නැවත හසී දෙසට හැරී හසීගේ ලිප්ස් කිස් කලේ හසීද අවනතවී දෑස් පියාගද්දිය... විනාඩි 2-3කට පසුව විහස් හසීගෙන් ඈත් වුනේ හසීගේ නලලද සිපගනිමින් ය.. දෙදෙනාම බස් එකෙන් බැස අහාර ගෙන අනිත් අයත් සමග ඇලට බැස මූණ අතපය සෝදගෙන නැවතත් ගමන් පටන් ගත්තේය... ගමන මැදද කට්ටියම සිංදු කිය කියා නටනටා විනෝදයෙන් ගමන් කලේය... ඇල්ලට කිට්ටුව ඇති රාවණා ඇල්ලද බලාගෙන එතන පොටෝස්ද ගසමින් සතුටින් ගමන ගියේය. පැය ගානක ගමනාන්තය අවසන් කරමින් කට්ටියම නුවර එළියේ තියන ලොකු බංගලාවක කට්ටියම නතර උනෙය.. කට්ටියම බංගලාවට ගොස් තම තමන්ගෙ රූම්ස් වලට ගොස් වොශ් දමා රාත්‍රි අහාර ගෙන නින්දට ගියේ ගමන් මහන්සිය වැඩි වූ නිසාය... ඔන්න එපියක් ගෙනාවා..හිතපු නැති විදියට කතාව වෙනස් වෙන්නයි යන්නේ...😳 කතාව ලියන මං, පාරූ🎀🪄


මේ එපිසෝඩ් එකටනම් රියැක්ට් ඔනී ළමයී...🙂මුලදී ඔයාලගෙන් රියැක්ට්100+ ලැබුනා..දැන් රියැක්ට් 50ක් වත් නෑ..😪