
DREAMBOOKS🌼✨️
February 10, 2025 at 12:20 PM
දඩබ්බර සිතක සදාකාලික තනි රකින පුංචි අරලියා මල....
*අරලියා* 🌸❤️🩹
සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගදුම ඇදලා
අද නම් ඔයා ලස්සනයී
ඇස් දෙක පියන් ඉන්නෙපා තරහා වීලා
මගේ හිතට දැන් හරි බයයී
පාලුවේ....මාව තියලා
යන්නෙපා තරහා වීලා...
දම් පාට අහස් කුසේ ගිනි පාට වලාකුළු සිතුවම් අතරින් ඈතට ඉගිලෙන විහගුන් ඈතට දිස් වනුයේ අහස් කුසේ අභ්‍යන්තර කලු කුහර පරිද්දෙනි.මේ හැමදේම වසාගෙන ලොවට විවේකයක් අරන් එන්න හිරු අවරගිරෙන් බැස යන්නේ දිනක නිමාවක් සටහන් කරමින්.වැව් තාවුල්ලේ සීතල වැව් දිය එකතු කරන් හමාන එන සීතල සුළඟ කියන්නේම අදට විවේකයක් ගත යුතුයි කියලමයි.දින ගණනකින් නැලැබුනු මේඝය නිසාම පාර පුරාවට දුහුවිලි අංශු සිත් සේ සරන්නේ තම රාජ්‍ය බවට වැව් ඉවුර යටත් කරමින්.මේ දුහුවිල්ල අවුස්සාන නවීන පන්නයේ මෝටර් රථයක් ඉදිරියට ඇදෙන්නේ රටක් වනසන්න ආපු යෝද බල සේනාවක් සිහි ගන්වමින්...
පුංචි ලංකාවේ සුන්දර ගම්මනායක් මිද්දෙනියාය.අවට කදු පංති රැසකින් වටවුනු මේ ගම්මනාය තවමත් හරිත වර්ණයෙන් විරාජමාන වෙන්නේ කුමන හේතුවක් නිසා හෝ කෙතරම් නවීන උවත් වෙනස් කල නොහැකි ස්වබාවදහමේ අපුරූ නිමැයුමක් නිසාම විය හැකිය.අවට හැම තැනකම තිබුණු පැරණි උලු හෙවිලි කරපු මැටි ගෙවල් වෙනුවට දැන් තහඩු දාපු ලස්සන තීන්ත ආලේපිත ගෙවල් ඉදි වෙලා තිබුනත් ඒ පැරණි ගැමි සුන්දරත්වය ඒ විදිහමයි.වෙල් යාය මැද තිබුණු පුංචි කඩේ තමා මුලු ගමටම තිබුණු එකම කඩේ.ඒත් දැන් ගමේම තියෙන පුංචිම පරනම කඩේත් වෙලා තියෙන්නේ ඒක.ගම ඇතුලෙම සුපර් මාකට් දෙකක්...හ්ම්....මට පුරුදු එදා වගේම අදත් සුමනෙ මාමගේ පුංචි කඩේ...
*මුදලාලි මට දෙන්නකෝ චොක්ලට් එකයි,ඕඩිකොලෝන් එකයි,නිල් පාට රිබන් පටියකුයි,සුදු පබළු මාලෙකුයි,මුරුක්කු දහයකුයි
*පොඩ්ඩක් ඉන්න මහත්තයෝ...මුදලාලි සීයේ මෙන්න කඩේට ඇවිල්ලෝ...ගාන හදන්න එන්නෝ....
අවුරුදු දහනවයක විතර පුංචි කොල්ලෙක් කෑ ගහගෙන කඩේ ඇතුලට දිව්වේ සුමනෙ මාමටත් කෑ ගහන.එදා වගේමයි හැමදාම සුමනෙ මාමගේ කඩේ මුදලාලි මාමා ගේ ඇතුලේ විටක් කොටනවා ඇති අනිවාර්යයෙන්ම...මං තනියම කල්පනා කරමින් වාඩි උනේ කඩේ බැම්ම උඩින්...එදා හුරු පුරුදු බව තවමත් මට දැනෙනවා ඒත්.....
*අනේ අම්මාපා මේ කොලුවට මං හැමදාම කියනවා මේවා පුරුදු වෙන්න කියලා.අම්මපා තාත්තත් එකයි මුනුපුරත් එකයි...මං නැති දවසක මෙව්වා නැති බංගස්තාන වෙලා යනවා විතරයි...කියාපිය බඩු ටික
ඒ කෑගැම තාම ඉතින් එදා වගේම තමා...මට කට කොනින් හිනාවක් නැඟුණේ අවුරුදු ගානක අතීතේ මතක් වෙලා...
*නිල් රිබන් පටියයි...
ආ...20
සුදු පබළු මාලෙයි
රුපියල් 80
චොක්ලට් එකයි
100යි
මුරුක්කු දහයයි...
*අන්තිම දේත් කිව්ව වෙලේ සුමනෙ මාමගේ ඒ ඇස් ගැස්සෙනවා මං හොදාකාරවම දැක්කා...ඔව් මට විස්වාසයි එදා වගේම අදත් සුමනේ මාමා බඩු ටික දීලා දිග හුස්මක් අරන් පිට් කරයී...
*සීවරන් දෙයියනේ....ප්..පුංචි මහත්තයා....
*සුමනේ මාමට එහෙනම් මාව මතකයි...
*,කොහොම අමතක වෙන්නද මයේ අප්පේ අපේ රත්තරන් පුංචි මහත්තයාව...
මද සිනාවක් මූවට ආයාසයෙන් ඇද ගත්තේ වෙන කියන්න දෙයක් මට නැති කමට...ඔව් කොහොම අමතක වෙන්නද...හ්ම්....
*කීයද සුමනේ මාමේ ගාන
*210යි මහත්තයෝ
සල්ලි දීලා මං කඩෙන් එළියට එනවත් එක්කම මට ඇහුණා සුමනේ මාමගේ බර සුසුම් හඬ පිටවෙනවා...ඒ බර අවුරුදු ගානක් මං මගෙ පපුව අස්සේ හිර කරන් ඉන්නවා...වෙනදා පුරුද්දට ඈත පේන දං ගස් යාය එක්ක තියෙන වෙල් ඉවුර දිහා බැලුවට අද එතන තිබ්බේ හිස් පාළු මුඩු බිමක් විතරයි...
*කාටද මාමේ ඔය....
*අහ් පුතා....ඒක මං පුතාට හෙට කියන්නම්...ම්ම්...
*මේ ගම හරි ලස්සනයි නෙද මාමේ...
*හ්ම්ම්ම්
*ඇයි මාමා මෙච්චර ලස්සන ගමක් දාලා මෙලෝ රහක් නැති රටකට ආවේ...
හැමදාම වගේ අහන ප්‍රශ්නේ අදත්...මුකුත් නෑ පුතා කියලා අදත් ශේප් වෙනවද...නෑ මං ඇයි හැමදාම මේ දේවල් හංගන්නේ...එයාලා මේවා දැනගන්න ඕනී....ඒත් දැන් නෙවෙයි
*ඒක මේ වැව තරම් ලොකූ කතාවක් පුතා..මං පුතාට හෙට ඔක්කොම කියන්නම්...
*සීරියස්ලී...මාමා ඇත්තටමද කියන්නේ...ඇත්තමයි I'm so so happy මට විස්වාස කරන්න බෑ මාමා එහෙම කීවාම...
හ්ම්ම්....ඔව් මගේ කතාව මටවත් විස්වාස නැති කොට කොහොමද තව කෙනෙක් විස්වාස කරන්නේ...මේ වැව තරම්ම ලොකු මතක ගොඩක් පිරුණු කතාවක්...පිටට පේන වැව් වතුරේ සුන්දරබව වගේම ඇතුලින් තියෙන සැඩ බව ඒ විදිහටම මගේ කතාව ඇතුලෙත් තියෙනවා.ඒ හැම දෙයක්ම හිත ඇතුලේ දරාගෙන හරියටම හයිය වැව් බැම්මක් වගේ මං බලන් ඉන්නවා තවමත්...
ගම් මැද්දට වෙන්න තවමත් පතාක යෝදයෙක් වගේ දිස්වෙන මිද්දිනිය වලව්ව අද නවීකරණය වෙලා තිබ්බත් ඒ තේජාන්විත බව එහෙන්මමයි.මගේ ජීවිතේ සතුට වගේම දුකත් මේ වලව්වේ බිත්ති හතර තරම් දන්න වෙන කෙනෙක් නැතුව ඇති...මේ බිත්තිවලට කතා කරන්න පුළුවන් උනොත් දවසක මේ බිත්ති කෑ ගහලා කියාවී මිද්දිනියේ හාමුමහත්තයාගේ මාන්නක්කාර නම්බුව වෙනුවෙන් වලව්වේ අනාගත උරුමක්කාරයා වෙච්චි පුංචි මහත්තයා තමන්ගේ මුලු ජීවිතෙන්ම වන්දි ගෙව්ව හැටි...තවමත් ගෙවන හැටි...
එදා වගේම අදත් කවුදෝ මැදි වයස පුද්ගලයෙක් දුවන් ඇවිත් ගේට්ටුව විවර කලේ මගේ මේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිටියා වගේ..එහෙම වෙන්නත් පුළුවන්
*වාව්...මාමා මේකද ඔයාලගේ ගෙදර ඇත්තමයි මාරයිනේ...හරියට නිකන් පැලස් එකක් වගේ...අම්මා...සුපබ් මාමා..
*හ්ම්ම්..යමුකො ඇතුලට...
*දෙන්න පුංචි බේබී මං ගන්නම්...
*කමක් නෑ මට පුළුවන්.පුතා එන්න යන්න
අවුරුදු 22න් මිද්දෙනිය වලව්වේ එලිපැත්ත පාගන්නේ.ඒත් එදා දැනුණු ඒ හුරුව අද නොදැනීම...හ්ම්....නව්‍යකරනය උනු වලව්වේ ඉස්සරහම හිතන්නත් කලින් මතු උනේ ඒ රුව...මිද්දෙනිය වලව්වේ තේජස ඉහ පැලදපු වලව්වේ මහා මැණිකේ දිස්නා හෙට්ටිපොළ.එහෙම නැත්නම් මගේ අම්මා....
*දෙයියනේ මගේ පුතා....අපේ මහත්තයා මේ බලන්නකෝ...අනේ මගේ රත්තරන් පුතා ආවා කියලා මට හිතාගන්න බෑ...
*අභිෂේක්......
ඒ හඩේ ප්‍රතාපවත් බව තව එහෙන්මමයි...වෙනදා ඒ හඩට දුවන් ගිහින් අම්මගේ ඔසරි පොටේ එල්ලුනේ මිද්දෙනියේ හාමුගේ සැර කෝටු පාරින් බේරෙන්න.ඒත් අද...මට ඕන්නෑ කතා කරන්නවත්..වලව් මාන්නේ ඉහ පැලදන් ඉන්න මාන්නක්කාර වලව් පැලැන්තියට
*අප්පච්චී,අම්මා මේ ලොකූගේ පුතා සචේන් සේනාධීර
*අනේ අප්පේ...අපේ ලොක්කිම තමා මේ නම්...
*ආත්තම්මා....සීයා...කොහොමද ඉතින්
*සචේන් කාමරේට එන්න ඔයා මං යනවා
අභිෂේක්...ඔහොම ඉන්නවා
මට මහන්සි අප්පච්චී...පාඩුවේ ඉන්න දෙන්න....
රැයක්....ඔව් මේ වලව්වේ මං රැයක් ගත කරන්න ඕනි...මගේ කාමරේ පුරාවට මං තියලා තිබුණු හැම දෙයක්ම ඒ වගේමයි...ඒ කියන්නේ මේ කාමරේට කවුරුත් ඇවිත් නෑ...ඔව් එන්න තියෙන උවමනාව මොකද්ද එක අතකින්...
____________________________________
මාමේ මාමේ දොර අරින්නෝ...
එන්න සචේන්....ලොක් කරලා නෑ
මාමේ අපි ඇවිදින්න යන්නේ නැද්ද අනේ...
හ්ම්ම්...යමු...
අහ්....පුතාලා එන්න කෑම කමු...
සුදු හාලේ කිරිබතට රතු පාට ලුණු මිරිස්...එදා වගේම ලස්සනට සරසලා තිබුණු කෑම මේසේ..බඩකිනි නොවුනත් පුරුද්දටම ගිහින් වාඩි උනේ කුස්සියේ දොර පේන පුටුවෙන්...එදා වගේම බෙල්ල දාලා බලපු ඒ රූපේ අද නෑ...මං දැක්කා අම්මා අප්පච්චී දෙන්නා මූනෙන් මූණ බලන් බිම බලාගන්නවා...එදා ඉස්සිලා තිබුණු ඔලු අද පහත් වෙලා ඒත් කාලේ ගිහින් ඉවරයි
අභි...පුතා ඔයා ආය යන්නේ නෑනේ
මට මෙහෙ ඉන්න තියෙන හේතුවක් කියන්න අම්මා
අභිෂේක් තමුන් තමා මේ වලව්වේ...
ඇති අප්පච්චී...ඔය මුකුත් ඕන්නෑ මට
පුතා ඔයා ඉන්නේ අපිත් එක්ක තරහින්ද
අනේ නෑ අම්මා මගේ හිතේ තරහක් නෑ තියෙන්නේ කලකිරීමක් විතරයි...
සචේන් මං කාර් එකේ ඉන්නවා ඔයා එන්න...
අභී....
මං එනෝ මාමේ...
පැයක් විතර ගමන අතරේ කිසිම කතාවක් අපි අතර උනේ නෑ....අවුරුදු ගානක මතක එක්ක මං අද අවුරුදු 22න් පස්සේ යන්නේ ඒ මතක අලුත් කරගන්න...ගම කොච්චර වෙනස් උනත් ඒ ලස්සන තැන තවත් එහෙන්මමයි...
සචේන් එන්න...මෙතන ඉදන් පයින් යන්න ඕනී
*එදා වගේම අදත් ඒ සේපාලිකා ගහ මල් වලින් සැරසිලා...මීට අවුරුදු 22ට කලින් මං එක්ක මගේ අතේ එල්ලිලා ආවේ මගේ පුංචි කෙල්ල අද නෑ...ඒ වෙනුවට තියෙන්නේ මතකයන් විතරයි...
මාමා...are you fine
හ්ම්ම්....
මාමේ ඔයා ඇයි ආත්තම්මලාත් එක්ක තරහින් ඉන්නේ.ඊයේ ආපු වෙලේ ඉදන් ඔයා රූම් එකට ගියාට පස්සේ අද උදේ ආය ආවේ.කෑම කන්නවත් රෑ එළියට ආවේ නෑනේ සීයායි ආත්තම්මයි මොකටද ඇහුවේ ඔයා එයාලා එක්ක තරහද කියලා
ඒක ලොකු කතාවක් පුතා
ඒ කතාව අදවත් මට අහන්න පුළුවන් වෙයි කියලා හිතනවා මං
හ්ම්ම්....ඔව් එන්න වාඩිවෙන්න
මෙතන.මේ කැලෑව අස්සේ වාඩිවෙන්න
හ්ම්ම්....මේ කැලෑව තමා ඒ කතාව කියන්න හොදම තැන
හරි කියන්නකෝ එහෙනම් ඉතින්
පුතා සචේන් මේක අවුරුදු 22ක් පරන කතාවක්.පුතා දන්නවනේ මං අවුරුදු ගානක් ඉදියේ එංග්ලන්ඩ්වල කියලා.මෙච්චර ලස්සන ගමක් රටක් අතෑරලා මට යන්න උනු හේතුව තමා පුතා මං දැන් ඔයාට කියන්නේ ඔයාගේ හැම ප්‍රශ්නයකටම උත්තර මේ කතාව ඇතුලේ තියෙනවා
හ්ම්ම්.....
පුතා මං ඒ කාලේ හරි දඩබ්බර සෙල්ලක්කාර කොල්ලෙක් හරියට ඔයා වගේමයි.කොච්චර හරි රණ්ඩුවක් කොහේ හරි එකෙක් එක්ක.ඒ වගේ ගෙවුණු මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න එක අහිංසක පුංචි අරලිය මලකට පුළුවන් උනා...ඒ කෙල්ල නිසා මං ජීවිතේ වින්දා අම්මගෙන් නොලැබුණු ආදරේ මං වින්දේ ඒ කෙල්ලගෙන්..ඒ වගේම තමා පුතා මං තවත් විදවන්නෙත් ඒ ආදරේ නිසාමයි....
____________+__+_________+__+_____________
වසර 22ට පෙර අතීතය
මං අභිෂේක් සසංක මිද්දෙනිය.සරලවම මං ගැන කිව්වොත් කියන්න තරම් අවුලක් නෑ කොල්ලා හැන්ඩියා.කොච්චර හැන්ඩියාද කියනවනම් ප්‍රේම යෝජනා වලින් නම් අඩුවක් වෙලාම නෑ.ඒ අතරින් ඉතින් එකක් දෙකක් තියෙනවා පිලිගත්තු.හැබැයි ඉතින් ඒවත් බොරුව.එතකොට මගේ අප්පච්චී ඒ කියන්නේ මිද්දෙනිය වලව්වේ ලොකු හාමු වික්‍රම මිද්දෙනිය අම්මා දිස්නා දිසානායක.පරම්පරාවෙන් හම්බුනු දේපල වගේම අප්පච්චිගේ ව්‍යාපාර නිසා පොඩි කාලේ ඉදන්ම මට ආර්ථික අපහසුතා මුකුත් තිබ්බේ නෑ.අම්මත් දේශපාලන වැඩවලට සම්බන්ධ නිතරම කාර්‍යබහුල චරිතයක්.කොච්චර ආර්ථික තත්වය හොද උනත් මට දෙමාපියන්ගේ ආදරේ ලැබිලා නෑ පොඩි කාලේ ඉදන්.මට හැමදාම අම්මා කෙනෙක් උනේ ගෙදර වැඩ කරන කුසුමා අම්මා.මට හිටිය එකම සහෝදරියත් පවුල් නම්බුව රැකගන්න කියලා නොදන්න එකෙකුට බන්දලා දුන්නේ අක්කගේ අකමැත්තෙන්මයි.ඒ විදිහට අපේ ගෙදර අය මගේ ජීවිතෙත් පාලනය කරන්න හැදුවත් මං ඒකට ඉඩ දෙන්නේ නෑ.ඒ කියන්නේ අපේ අප්පච්චිට අනුව මං කියන්නේ මිද්දෙනිය පරම්පරාවෙම නම්බුව නැති කරන්න ඉපදුනු හැම පවුලෙම ඉන්නවා වගේ රාමුවෙන් පිට පනින එකා...
මට ඒ වැඩ වලට උදව් කරන්නේ මගේ පරම මිතුරා අසංක...
ඈ බන් අභියෝ මාලතී එක්ක තිබ්බ සම්බන්ධය නැද්ද උබේ...
නෑ බන්
ඇයි
ඒකි මගෙන් ඇහුවා තියෙන ඔක්කොම දේපළ මටද කියලා මං කීවා නෑ අක්කට දෙනවා මට අප්පච්චිලාගේ දේවල් ඕනි නෑ කියලා ඒකි කියාපි එතකොට ඔයාට මුකුත් ඕනි නැද්ද කියලා මං කීවා නෑ ඇයි ඔයාට දේපළ ඕනීද කියලා පස්සේ කියනවා අක්කට ඔක්කොම දෙන එකේ මටත් බාගයක් ගන්නලු...මං ඇහුවා ඉතින් ඔයාට ඕනී මාවද දේපලද කියලා කෙලින්ම.එච්චරයි කතාව ඉවරයි
උබට තියෙන ප්‍රශ්න...අනේ මංදා බන්...සිරාවටම උබට මුකුත් එපාද
අනේ මට ඕන්නෑ බන් එයාලගේ මාන්නක්කාර දේපළ
හ්ම්ම්....
මේ යමන්ද කඩේ පැත්තෙවත් බඩකිනි බන්
යමන්...
අපේ ගමටම තිබුණු එකම කඩේ සුමනේ මාමගේ පුංචි කඩේ විතරයි.ඔය කඩේ නැති දේකුත් නෑ එහෙමයි කියලා තියෙන දේකුත් නෑ හැබැයි.ඒ මොනා උනත් කොච්චර ණය තිබ්බත් නෑ බෑ නොකියා ඕනි දෙයක් දෙනවා කවදාවත් අහන්නේ නෑ සල්ලි තියේද කියලා ඒ අතින් රත්තරන් මනුස්සයා.
සුමනේ මාමේ...තේ දෙකාක්...මොනාද බන් කන්නෙ...
ඔන්න ඔය තියෙන දෙයක් ගනින් බන්...මේ එක්කෝ අපි අපේ ගෙදර ගිහින් මොනා හරි කමු බන් වරෙන් යන්න
ඈ...උබට පිස්සුද මේ කඩේ එලිපත්තේ ඉදන් ආය උබලෑ ගෙදර යන්න කතා කරන්නේ
නෑ නෑ බන් යමන්කෝ...
මූට මොන යකෙක් වැහිලද එක පාර පිස්සෙක් වගේ අතින් අල්ලන් කෑ ගහන්නේ...මූ පොල්ල තිබ්බ කෙල්ලෙක්වත් එනවද....අහ් මූ මේ යමන් ගාන්නේ ගමේ චණ්ඩි ටික එන නිසානේ....
ඇයි උබ බයද...
බයක් නෙවෙයි බන්..මොකටද අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ...
හරි හරි බලමුකෝ උබ ඉදගනින්...
ජගත්...ගමේ චන්ඩියා කියලා හිතන් ඉන්න පොරක්..කරන තරමක් කරන්නේ නීති විරෝධී වැඩ.සතියක් එළියේ හිටියොත් මාසයක් ඇතුලේ...කාත් එක්ක හරි පැටලෙන්නමයි බලන්නේ.කොහොමත් පොඩි කාලේ ඉදන් මාත් එක්ක ලොකූ ප්‍රශ්නයක් එයාට තිබුනා මං නොදන්න.
අහ්...අභිෂේක් කොහොමද ඉතින්
ඉන්නවා ජගත් අයියේ අවුලක් නෑ
ඒත් එක්කම කඩේ වැඩ කරන කොලුවා තේ දෙක ගෙනත් තිබ්බේ කඩේ තියෙන පුංචි මේසේ උඩින්.තේ දෙකක් ඉල්ලුවේ අපි කියලා හොදටම දැනගෙනත් ජගත් මුලින්ම තේ දෙකම අතට අර ගත්තේ දවසට කාත් එක්කම හරි පැටලුන් නැත්නම් නින්ද නොයන නිසා වෙන්න ඇති.
ඔය තේ දෙක උබට නෙවෙයි පුංචි මහත්තයාලට ඕක තියහන් ජගත්
අහ්...ඇයි මාමේ මේ තේ අපි බිව්වොත් පෙවෙන්නේ නැද්ද..වලව්වේ උන්ට කියලා තේ හදන්නේ අමුර්තය දාලා නෙවෙයිනේ...
මේ ජගත් උදේ පාන්දර මට උබත් එක්ක වාද කරන්න වෙලාවක් නෑ...ආවනම් ඕනී දේ අරන් පලයන් මෙතනින්...
මුදලාලිටත් වලව් රස්නේ වැදිලා වෙන්න ඇති මෙච්චර රැස්...
මුදලාලි මාමේ අපේ ගාන කියන්න
වෙන දේවල් හොඳ නෑ කියලා දැනුණු නිසාම අසංක මටත් කලින් ඉස්සර වෙලා සල්ලි දීලා කඩෙන් එළියට බහින්න ලෑස්ති උනේ මට වගේම උටත් ජගත්ව පෙන්නන්න බැරි නිසා.
ඇයි ඇයි අසංක මලයා ඉක්කන්ට යන්නේ...මොකද අපි වගේ මිනිස්සු එක්ක තේ ටිකක් බොන එක වලව් පැලැන්තියේ හාමු මහත්තයාලට හොද නැතිලුද
උබත් එක්ක තේ බොන්න තිබ්බා උබ අපේ තේ දෙකත් නොබිව්වානම්...මුදලාලි ගාන කීයද
තේ දෙකක් රුපියල් තිහයි...බනිස් දෙකට පනහයි
රුපියල් අසූවයි මහත්තයා
අසංක රුපියල් පනහක් විතරක් දීපන්..මුදලාලි මාමේ තේ දෙකේ ගාන ජගත් අයියගෙන් ගන්න...
අර මොකටද මං මොකෙක්ගෙවත් ගනන් පියවන්නේ
අපි ඉල්ලුවට බිව්වේ උබ හින්දා...
ජගත්ගේ මූණ දිහාම කෙලින්ම බලාන මං කිව්වේ ඉවසීමේ අන්තෙම ඉන්න ගමන්.නොහිතපු විදිහට ජ්ගත් මගේ ඇඳුමින් අල්ල ගත්තේ පිහියකුත් ඇදලා අරන්
උබලගේ සද්දේ මට තියාගන්න එපා.උබලෑ වලව් ලේ මට ලොකු නෑ..
අතෑරහන් පුංචි මහත්තයව
මුදලිලාත් කටවහන් ඉන්න.මේක මුගෙයි මගෙයි ප්‍රශ්නයක්
ජගත් අයියේ මට උබත් එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ මගේ ඇදුම අතෑරහන්...මට උබත් එක්ක පැටලෙන්න කිසිම උවමනාවක් නෑ...
අතරිනවා වෙනුවට ජගත් මාව බෙල්ලන් අල්ලන් බිත්තියට හේත්තු කරගන්නේ උගේ පිහියට යන්තම් මගේ බෙල්ලත් සීරිලා යද්දී.මොකෙක්ගෙන්වත් වරදක් නොකර බැනුම් අහන්නේවත් නැති මගේ බෙල්ලෙන්ම මූ අල්ලන් නටන්නේ මුදලාලිගේ කෑ ගැහිල්ලට හතර පස් දෙනෙක් වටවෙලා ඉන්න තැන.අසංක එක පාරම පැන්න ගමන් ජගත්ගේ පිහිය ඇදලා ගැනීමත් මගේ තද පයින් පාරත් එකම වෙලාවේ නොහිතපු හැටියට උනු නිසා ජගත් එළියට විසි වෙලා බිමට වැටුණේ මී හරකෙක් වගේ.ඒත් එක්කම පැනලා ජගත්ට පරවල් දෙක තුනක්ම දුන්නේ මට තිබුණු තරහට.
ඇති ඇති අභිෂේක් ඕකා මැරෙයි...
අනේ පුංචි මහත්තයෝ ඔය හරකා මැරෙයි...
අසංක වගේම මුදලාලිත් මාව ඇදලා ගත්තේ ඒ වෙද්දිත් ලේ පෙරන් ඉන්න ජගත් බොහොම අමාරුවෙන් කෙලින් නැගිටිද්දී...
උබ හොදට මතක තියාගනින් ජගත් මට උබ එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ..අද උනත් උබ තමා ඉල්ලන් කෑවේ ආය ආය මාත් එක්ක පැටලෙන්න එන්න එපා එහෙම උනොත් දෙකක් නෑ මං උබව මරනවා...
අහ්...එහෙමද පුංචි මහත්තයා පස්සේ බලාගමු...කොකාට වාරයක් එනවා නම් තිත්තයාටත් වාරයක් එනවනේ...
අනේ මේ ජගත් පිං අයිති වෙයි උබට පලයන් යන්න මෙතනින්...
හරි හරි බලාගමු...
මේ පිහියත් අරන් පලයන්...මෙලෝ වැඩක් නෑ පොඩ්ඩක් මුවහත් කරගනින්....
මං ළඟ වැටිලා තිබුණු පිහිය ජගත් දිහටම විසික් කරන ගමන් මං කීවේ යන්තම් කැපුනු බෙල්ලේ ලේ පිහින ගමන්...
____________+__+_________+__+_____________
❤️
❤🩹
♥️
✨
😔
😢
🙏
🤍
27