
DREAMBOOKS🌼✨️
February 10, 2025 at 04:15 PM
*බලාපොරොත්තු ......*
බලාපොරොත්තු මිනිස්සුන්ව ජීවත් කරවනවා..ජීවත් වෙන්න හේතුවක් නැති සමහර මිනිස්සුන්වත් බලාපොරොත්තු කියන දේ හරි අපූරුවට ජීවත් කරවනවා එහෙම නේද..?
ඒත්.., ඒ වගේම බලාපොරොත්තු මිනිස්සුන්ගෙ සැනසීම නැති කරනවා... කොහොමද දන්නවද..? ඒ බලාපොරොත්තු බිදිලා ගියාම....
ඒ බලාපොරොත්තු සුන් වෙලා ගියොත්... බිදිලා විසිරිලා නැත්තටම නැති වෙලා ගියොත් ... අන්න ඒ බලාපොරොත්තු බිදිමට පුලුවන් මිනිස්සුන්ගෙ හැඟීම් බිමටම වට්ටන්න... සමහර දේවල් ගැන විශ්වාසය උනත් සුනු විසුණු කරන්න පුලුවන්...කරදරයකදි දෙවියන් මොනා හරි කරයි කියලා හිතන මනුස්සයෙක්ට කිසි දෙයක් සිද්ද නොවුණොත් එයා දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය අතාරිනවා... අන්න ඒ වගේම තමයි.... අනික් දේවල්වලටත් ඒ දේවල් සාපේක්ෂයි...
*ඒ නිසා තමන් බලාපොරොත්තු ඇති කරගන්න කොට පරිස්සමෙන් .... ඒ වගේම අනික් අයට බලාපොරොත්තු දෙන කොට , බලාපොරොත්තු ඇති කරවන කොට පරිස්සමෙන් ....මොකද ඒක තමන්ගේ හෝ අනෙකාගෙ ජීවිතේ කණපිට හරවන්න පුලුවන් වෙන නිසා....ඒ නිසා බලාපොරොත්තු එක්ක පරිස්සමෙන් ..*
#ස්නේහා ..✍🏻🌼
❤️
💯
😭
🤍
✨
🖤
🩷
🫀
36