
DREAMBOOKS🌼✨️
February 10, 2025 at 04:29 PM
> ආදරණීය සේපාලිකා වෙත🌼🤍
ප්‍රේමයෙහි මිහිරි තැන් සීරුවට කිතිකවා
හදවතෙහි ගැඹුරු තැන් හීනියට පිසදමා
ආලයෙහි උණුහුමක් දෙතොල අග තවරලා
සොදුරියෙනි රෑ සිහින ගානෙ නුඹ පැමිණිලා
මල් පිපුණු මාවතක දෑත්ගෙන ඇවිද යමු
වසන්තය සුන්දරය කියා කවි පද ලියමු
පාරවන තැන්වලත් අපි අපේ වී ඉඳිමු
කටුකතම සෘතුවෙත් පෙම් බොජුන් රස විදිමු
මධුවිතත් පරදවන නුඹේ ප්‍රේමයෙ බිදක්
හදවතම සරසවන උමතු හැගුමන් ලොවක්
උරට හිස තබාගෙන මවපු සිහිනයෙ ඉමක්
පිපුණු තරු කිනිති මැද සොදුර නුඹ පුන් සඳක්
ආදරයෙ හැගුම් පොඳි සෛලයන් කළඹන්න
දැනෙන නුඹෙ සුවඳ මගෙ නාස්පුඩු පුරවන්න
හදවතෙහි කුටි සතර නුඹ හින්ද මත්වන්න
ප්‍රේමියේ කල්පයක් මා ළගම දැවටෙන්න
✍️මියුලැස් අත්තනායක
❤️
🤍
💜
🖤
🌼
🥹
🩵
🩷
🫀
🫶
86