DREAMBOOKS🌼✨️
February 12, 2025 at 01:52 AM
*හැමදාමත් ආදරෙයි!!*
සදවන් ඔය රුව,
දුටුවා පෙර හැන්දෑවක,
වින්දා ඒ ලස්සන,
සිතින් හොරාවට....
සිතුනා ළග ගැවසෙන්නට,
දැරුවා වෙහෙසක් එය කර ගන්නට,
මොහොතක් එනතුරු ගැන්නා දින දින,
සිතයි කියූමට ඔබේ ලස්සනට ඔබ හට....
කඩා වැටුනු කැරලි කොණ්ඩේට,
වශියක් වූ ඔය දෙනෙතට,
ලස්සනට මැවුනු ඒ සුරගන හට,
බැන්දා ආලය නොසිතූ විලසට.....
සිතට හොරා පෙම් බැන්දා ඔබ හට,
දැකුමත් ඇතිය ඔය මුව නිවෙන්නට මා හට,
භාවනාවකි ඔබ මට හමුවූ මිහිපිට,
ආදරෙයි එය මෙපණක් කියා නොහැකි තරමට....
සෙව්වා සැම විට ඔබේ රුව මා අසලින්,
ආලය කෙරුමට හිතයි සිට ඔබ අසලින්,
ඔය හැඩ දැක්කා දැවටුන විට මා අසලින්,
උඹ හරි හැඩයි ආදරෙන් ඔය මුව හැඩ වෙද්දී.....
මුව ගැවසුන ඔය සිනහව,
හුරතලේට කරනා ඔය දග වැඩ,
ළගින් හිදිනා විට මා අසලින්,
මේ සිත වඩයි ආලය ඔබ වෙනුවෙන්....
කෙසේ සිදු වුණි ද,
කුමක් සිදු වුණි ද,
ආදරෙයි ඔබ හට,
මා හැමදින එක ලෙසටම.....
#ආදරෙයි!!!😭❤️
_T_
11/02/25
(ඇයිද?නොදනිමි,එහෙත් මා සැමවිට ඔබව සොයනෙමි.🥹🤍)
❤️
🤍
♥️
✨
💐
😢
🫀
42