DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
February 12, 2025 at 08:09 AM
මට තාම මතකයි ඒ දවස.. එදා අහස වෙනදටත් වැඩිය ලස්සනයි..වෙනදා නැති ලස්සනක් එදා ඒ අහසේ තිබුනා.. එදා ගෙදර යද්දි කව්ද ඉන්නවා ගෙදර ඉස්තෝප්පුවේ.. මම බැලුවා කව්ද මේ හාදයා කියලා..එයා අපෙ අම්මගෙ හොදම යාලුවගේ ලමයා.. එයාව මම කවදාවත් දැකලා තිබුනෙ නෑ..එයාව දැක්කම මට වෙනදා නැති අමුත්තකුත් දැනුනා.. ඒ ඇස් දෙකෙන් එයා මම දිහ බැලුව හරි ආදරනීය විදිහට.. එයා මම දිහා බලන් ඉන්නවත් මම දැක්කා.. මමත් වශී වුනා ඒ ඇස් දෙකට..කොච්චර වශී උනා ද කිව්වොත් මට තාමත් ඒ ඇස් මතකයි.. එදා විතරක් මම ඒ දැක්ක ඇස් දෙකට මම මෙච්චර වශී උනෙ ඇයි කියලා තාම මට හිතා ගන්න බැහැ.. ඒ ඇස් දැකපු දවසෙ ඉදන් දැන් ගොඩක් කල් ගත වෙලා..එයා දැන් ඉන්නේ දුර ඈත රටක... අයෙ කවදා හම්බවෙය්ද දන්නේ නැහැ ... එත් මට ඒ ආදරනීය ඇස් දෙක කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලා විශ්වාසයි... 🦢✨ ~ M ~
❤️ ❤‍🩹 🖤 🤍 😏 🥺 🩵 🩷 🫀 57

Comments