“ කැම්පස් Path ” Lanka 🇱🇰 – A/L & O/L
“ කැම්පස් Path ” Lanka 🇱🇰 – A/L & O/L
February 11, 2025 at 01:03 PM
මගේ දියණිය ඇතුළු සියලුම දියණිවරුන්ගෙ නෙත ගැටේවා මේ පෝසට් එක නැණ නුවන ලැබේවා නරකින් හොඳ තෝරාගන්න... (😔)උඹ ඔය සම්බන්දෙ නවත්වනවද..නැද්ද.. කොන්ද හරහා වැදුනු පාරට අම්මා දිහා මන් බැලුවෙ තරහින්.. නෑ පුළුවන් දෙයක් කරන්න.. වචනෙ පිට වෙන්නත් කලින් තාත්තගෙන් ලැබුන කම්බුල් පාරට මන් විසිවෙලා වැටුනෙ.. අපි හුරතල් කරා වැඩියි තාත්තා මොන මොනවා කිව්වත් මට මේ ගේ අපායක් උනා... මාව එක්ක යන්න මන් දිලුම් ට මැසේජ් එකක් දැම්මා.. අතට අහුවුන රෙදි ටිකත් ස්කූල් බෑක් එකට දාන් පංති පීස් ගෙවන්න දුන්න සල්ලිත් අරන් මන් ජනෙල්ලෙන් පැන්නෙ මගෙ සතුට හොයන්... දිලුම් ලගෙ ගෙදර ලඟදි බය නොහිතුනාම නෙමෙයි.. මේ කවුද දැන් උඹට ගෑණු විතරද අඩු එක්කන් ආපු දිහාට ගිහින් දාපන්.. ඒ ගෙදරත් දොරවල් වැහෙන කොට අපි එක එක යාලුවන්ගෙ ගෙවල් වල හිටියා වැඩි දවසක් යන්න කලින් හැම ගෙදරකින්ම යන්න උනේ මූණට නොකිව්වත් අකමැති හැසිරීම නිසයි.. අම්මලා ලොකු ළමෙක් වෙනකොට කරට දාපු මාලේ උගස් කරලා කුලියට ගෙයක් ගත්තෙ.. දින සති ගෙවුනේ අගහිඟකම් හිසටත් උඩින් එනකොට.. මට දැන් ඇතිවෙලා අතට අහුවෙන මොකක් හරි කරලා ගෙට ගොඩ උනේ දිලුම් ඔය වචනෙ කියන්... දිලුම් හාල් නෑ ඉතිං මට මොකද... හිත් පිං නැති වචන හතර ගාතෙන් එන හැසිරීම් අතපයේ හිරි ඇර ගන්න ගිහින් ඇඟ පුරා තියන තැලුම් පාරවල්.. ජීවිතේ වැරදුන බව මට හොදාකාරවම සිහිවුනා... ගාමට් යන්න ගත්තෙ කරන්නම දෙයක් නැති කමට.. තෝ එන්න පරක්කු මොකද මොකා එක්කද ගියේ රෑ වැඩ තිබුන හැම දවසකම දැන දැනත් දිලුම්ගෙන් ලැබුනෙ කම්බුල් පාරවල්... නිදාගෙන ඉන්නකොට සුදු මැනික මේ පිටි එක බොන්න අම්මා උදේට ඇහැරපු හැටි සිහි නොවුනාම නොවෙයි.. මොනවද මගෙ කෙල්ලට ගෙනත් ඕන තාත්තා ගේන කඩයප්පන් ඒ ආදරය සිහි නොවුනා නොවෙයි.. හදාගන්න ගැහුව එක දරා ගන්න බැරිව හිතුවක්කාර උන වරදට ජීවිතේ පුරාම දඩුවම් විදින කෙල්ලෙක් මම... B.M.N.සඳූ බස්නායක. ✍🏻 දුවෙක්, සහෝදරියක් ඉන්නවනම් හෝ ඔබ තරුණ වියේ ගැහැණු ලමයෙක් නම් අනිවාර්යයෙන්ම මෙය කියවා, අනිත් අයට බලල ආදර්ශයක් ගැනීමට share කරන්න.. හිතුවක්කාර ජීවිතේම මුලාවක්.. තේරුම් යද්දි ගොඩක් පරක්කුයි... සුරංගනා ලෝක මිහිපිට නෑ, වැදූ අම්ම තාත්ත කවදාවත්ම ලමයෙකුට වරදක් කරන්නෙ නෑ, හදාගන්න, තේරුම් කරන්න දඬුවම් කරනව මිසක තරහකට ලමයින්ට දෙමව්පියන් අත උස්සන්නෙ නෑ, ඒ වගේම දෙමව්පියන් ලමයින් එක්ක යාලුවො වගේ ඉන්න ඕන, එතකොට දෙයක් තේරුම් කරන්න තරවටු කරන්න ඕන නෑ, ලඟට අරන් හොඳින් තේරුම් කරාම එයාල තේරුම් ගන්නව..👍❤️ දෙමව්පියන්ට වගේම දරුවන්ටත් ඉතා වටිනා ඔවදනක්.. මේ ගොඩ දෙනෙක්ගෙ ජීවිත කතාව වෙන්න පුළුවන්, වැරදුන තැන ගැනම නොහිත අනාගතේ ජීවිතේ දිනන්න උස්සාහ කරමු, ඉතින් බලල ආදර්ශයක් ගන්න වගේම share කරන හැමෝටම ගොඩක් ස්තුතියි...❤️🙏
❤️ 👍 😢 🥺 💔 💯 🙏 🫀 😂 😔 135

Comments