Smart Teachers Association
February 4, 2025 at 04:39 AM
වසර 3 ක් තිස්සේ බරපතළ ගැටලු රැසක් උසස්වීම් පටිපාටියත් සංශෝධනය වී නැහැ
වසර 12කින් ලබන උසස්වීමට වසර 17ක් බලා ඉන්න සිදුවෙලා
යෝජිත ගුරු විශ්වවිද්‍යාලයත් තවම නෑ
අඛණ්ඩ ගුරු අධ්‍යාපන පුහුණුවෙන් ගුරු අධ්‍යාපනඥයන් ඉවත් කරලා
දිගු කලක් තිස්සේ පැවැති ගුරු හා විදුහල්පති සේවයේ වැටුප් විෂමතාව 2021 වසරේ ඉවත් කිරීමේදී ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් නොසලකා හැරීම නිසා වසර 3ක් තිස්සේ බරපතළ වැටුප් විෂමතාවකට මුහුණදී සිටින බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමය අවධාරණය කරයි.
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට ඇතුළත් වන්නේ ජාතික අධ්‍යාපන විiාපීඨ ගුරු විiාල හා ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානවල පූර්ව සේවා හා සේවාස්ථ ගුරුවරු පුහුණු කිරීමේ කාර්යයන්හි නිරත අධ්‍යාපනයේ විධායක නිලධාරීන් පිරිසකි.
දැයේ දරුවන්හට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට නිපුණතා පිරි ගුරු පරපුරක් හදන්නට කැපවන පිරිසගේ නොවිසඳුණු ගැටලු පිළිබඳ ඒ කරුණු දැක්වීම ඊයේ (30 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී එම සංගමයේ සභාපති අසිත බස්නායක හා ලේකම් එස්. එම්. හෙට්ටිආරච්චි යන මහත්වරු රජය මැදිහත්වී පහත ගැටලු විසඳීමට කටයුතු කළ යුතු බව අවධාරණය කළේය. ඩී. කේ. ජී. විමලරත්න හා හේමන්ත රත්නායක යන මහත්වරු එම මාධ්‍ය හමුව සම්බන්ධීකරණය සිදු කළේය.
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ වැටුප් විෂමතාව ඉවත් නොකිරීම
දිගු කාලයක් තිස්සේ පැවැති ගුරු හා විදුහල්පති සේවයේ වැටුප් විෂමතාව 2021 වසරේ ඉවත් කිරීමේදී ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් හා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් නොසලකා හැරීමක් සිදු කරන ලද අතර එම ක්‍රියාමාර්ගය හේතුවෙන් ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් වසර තුනකට ආසන්න කාලයක් බරපතළ වැටුප් විෂමතාවකට මුහුණ දී සිටිති. (මෙම වැටුප් විෂමතාවය ඉවත් කිරීමට යම් කාලයක් ගත වන්නේ නම් එතෙක් පෙබරවාරි මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් අන්තර්කාලීන ගැළපුම් දීමනාවක් ලබාදීමට යෝජනා කරමු)
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ උසස්වීම් පටිපාටිය සංශෝධනය නොකිරීම
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට සමාන්තර අධ්‍යාපනයට සම්බන්ධ අනෙක් විධායක මට්ටමේ සේවාව වන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයයි. එසේ වුවද ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 ශ්‍රේණියට පත්වන නිලධාරියකු වසර 12කින් පළමු ශ්‍රේණියට උසස්වීම් ලබන අතර ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරියෙකුට ඒ සඳහා වසර 17ක් බලා සිටීමට සිදු වේ.
එබැවින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ මෙන්ම ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් හට 3 ශ්‍රේණියේ සිට වසර 6කින් දෙවන ශ්‍රේණියට ද තවත් වසර 6කින් පළමු ශ්‍රේණියටද උසස්වීම් හිමිවන පරිදි ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ උසස්වීම් පටිපාටිය සංශෝධනය කිරීමට යෝජනා කරමු.
යෝජිත ගුරු විශ්වවිiාලය ස්ථාපනය කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීම.
ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සේවය නිසි කලට ස්ථීර නොකිරීම, උසස්වීම් ප්‍රදානය ප්‍රමාද කිරීම හා කාර්යක්‍ෂමතා කඩඉම් විභාග නිසි පරිදි නොපැවැත්වීම.
අඛණ්ඩ ගුරු අධ්‍යාපන ගුරු පුහුණුව ගුරු අධ්‍යාපනඥයන්ගෙන් ඉවත් කිරීම.
අධ්‍යාපනඥයන් 2090ක් හරිනම් ඉන්න ඕනෑ. නමුත් මේ වෙනකොට ඉන්නෙ අධ්‍යාපනඥයන් 640ක් විතර. මේක විශාල ගැටලුවක්.
මේ ගැටලු ගැන කලකිරිලා අධ්‍යාපනඥයන් තිස්දෙනෙක් රට ගිහිල්ලත් තියෙනවා. ගුරුවරුන්ට උපදෙස් දෙන්නවත් අධ්‍යාපනඥයන් හිඟ යැයිද සභාපතිවරයා කීය.
සංගමයේ මාධ්‍ය ලේකම් ඩි. කේ. ජි. විමලරත්න මහතාද සහභාගී විය.
උපුටාගැනීමකි
❤️
😂
👍
🙏
10