N&N Online store
N&N Online store
February 8, 2025 at 12:29 PM
*🤔අනංමනං වැඩත් එක්ක පාඩම් වැඩ හරියටම කරගන්නෙ කොහොමද???* *අද අපි බලමු කොහොමද මේ අනංමනං වැඩත් එක්ක ඔයාලගෙ පාඩම් වැඩ ටික මඟඅරින්නෙ නැතුව කරගන්නෙ කියලා..😊* *👉 පාඩම් කරන්න කලින් හොඳින් සූදානම් වෙන්න.* ඒ කියන්නෙ ඔයාලට timetable එකක් තියෙනවා නම් වඩාත් හොඳයි කියන එකයි. මොකද එතකොට ඔයාලා දන්නවා ඒ වෙලාවෙ ඔයාලා කරන්න ඕන මොනාද කියන දේ. ඒ වගේම තමයි ඒ timetable එක හදාගනිද්දි ඔයාලා පැහැදිලිව පාඩම් කරන්න වගේම ඔයාලගෙ අනිත් අමතර වැඩ වලටත් වෙලාව වෙන් කරන්න.. එතකොට ඔයාලගෙ මොළයට පණිවිඩයක් යනවා ඔයාලගෙ පාඩම් වැඩ වගේම, ඔයාලා කැමති දේවල් කරන්නත් ඔයාලගෙ දවසේ වෙලාව තියෙනවනෙ කියලා.. *👉 ඔයාලගෙ phone එක අයින් කරන්න.* මේ වෙද්දි අපි හැමෝගෙම phone පාවිච්චිය ඉතාමත් ඉහළ මට්ටමක තියෙන්නෙ. ඉතින් ඒත් ඔයාලා ඒක ඔයාලගෙ පාඩම් වැඩ වලට බාධාවක් කරගත්තොත් ඔයාලගෙ exam වලට මොකද වෙන්නෙ?? ඒ නිසා ඔයාලට පුළුවන් මෙන්න මේ tips ටික try කරන්න. - silent කරන්න - airplane mode දාන්න - අම්මට හරි, තාත්තට හරි phone එක දෙන්න - ඔයාලටම targets දෙන්න. හරියට "මේ පාඩම ඉවර කළාට පස්සෙ phone එක බලන්න පුළුවන්" වගේ - ඔයාලා ගන්න short breaks වලදි phone එක බලන්න (හැබැයි control එකක් නැත්නම් ඒක කරන්න එපා). *👉 Wifi off කරන්න.* මේක ගොඩක් වැදගත් වෙන්නෙ laptop ඔයාගෙ studies වලට පාවිච්චි කරන කෙනෙක්ට තමයි. ඔයාලට අවශ්‍ය notes, tutes ඔක්කොම කලින්ම download කරලා තියාගන්න. Internet යන්න අවශ්‍යම නම් විතරක් ඇරෙන්න ඒක තියාගන්න එපා.. මොකද නැත්නම් ඔයාලට YouTube එකේ video එකක් බලන්න හිතෙයි, game එකක් ගහන්න හිතෙයි, FB එක පැත්තෙ පොඩ්ඩක් යන්න හිතෙයි... ඒ නිසා ඒ වගේ දේවල් නිසා ඔයාලගෙ මානසික ඒකාග්‍රතාවය නැති කරගන්න එපා. *👉 පුද්ගලයන්ගෙන් එල්ල වෙන බාධා අවම කරගන්න.* ඔයාලගෙ ගෙවල් වලත් මේ දවස් වල හැමෝම වගේ ඉන්න නිසා ගෙදර අයගෙන් වගේම අසල්වැසියොන්ගෙනුත් ගොඩක් බාධා එනවා ඇති. සමහර විට ඔයාලා පාඩම් කරද්දි ගෙදර අය ඔක්කොම එකතු වෙලා කෑමක් හදනවා, film එකක් බලනවා වගේ දේවල් කරනවා වෙන්න පුළුවන්.. එතකොට ඔයාලටත් එතනට යන්න හිතෙයි.. ඒ වගේ වෙලාවට ගෙදර අයව නම් ඔයාට කලින් දැනුවත් කරලා තියන්න පුළුවන් ඔයාලගෙ time table එක ගැන. මොකද එතකොට පුළුවන් විදිහකට එයාලා ඔයාලට සහයෝගය දෙයි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගෙ කාමරේ දොර වහගෙන පාඩම් වැඩ කරන්නත්.. *👉 බඩගින්නෙ ඉන්න එපා.* ප්‍රධාන කෑම වේල් 03 කොයිම වෙලාවකවත් මඟ ඇරගන්න එපා. මොකද බඩගින්න කියන්නෙ අපි හැමෝගෙම මානසික අවශ්‍යතාවක්. ඒකෙන් අපිට අපේ වැඩ වලට හොඳට අවධානය යොමුකරන්න පුළුවන් වෙනවා. ඒ වගේම අතරමැදි වෙලාවන් වලදි ඔයාලට බඩගිනි එද්දි ඔයාලට පුළුවන් බිස්කට් එකක්, පලතුරක් වගේ පොඩි දෙයක් කන්න. හැබැයි ප්‍රධාන කෑම වේල් 03 නම් කොයිම වෙලාවකවත් miss කරගන්න එපා. *👉 හොඳ නින්දක් ලබාගන්න.* ඔයාලට හිතෙයි මේක වැදගත් නෑ කියලා. ඒත් ඔයාලා දන්නවද හොඳ නින්දක් ලබාගත්තොත් අපේ මොළය, මතක ශක්තිය වගේම මානසික ඒකාග්‍රතාවයත් වර්ධනය වෙනවා.. ඉතින් අපි ඇයි ඒ දේ සුළුකොට තකන්නෙ??? ඒ නිසා කොයිම වෙලාවකවත් ඔයාලගෙ නින්ද වැදගත් නෑ කියලා හිතන්න එපා. මොකද තද නිදිමතක් පාඩම් කරන වෙලාවට ආවොත් කොයි වගේ හැඟීමක්ද ඔයාලට ඇති වෙන්නෙ කියලා මං අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.. මොකද ඒක අපි හැමෝම අත් විඳලා තියෙන දෙයක්.. *මං හිතනවා AL/OL ළඟ ළඟම එන නංගිලා මල්ලිලාට මේ post එක හුඟක් වැදගත් වෙයි. හැබැයි ඒ වගේම පාඩම් වැඩ කරද්දි ලෝකෙ නැති හැම වැඩක්ම ඔළුවට එන මං වගේ තවත් අයටත් මේ post එක හුඟක් ප්‍රයෝජනවත් වේවි..* *හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..* > ✍🏻gimhani_senarathne > *❛ᴀʟʟ ᴄʀᴇᴅɪᴛ ɢᴏᴇꜱ ᴛᴏ 𝙾𝚁𝙸𝙶𝙸𝙽𝙰𝙻 𝙰𝚄𝚃𝙷𝙾𝚁❜* *❝හීන┃𝙱𝙴𝚂𝚃 𝙼𝙾𝚃𝙸𝚅𝙰𝚃𝙸𝙾𝙽❞ᴬ&ᴺ 🇱🇰🕊️*
❤️ 👍 🥰 17

Comments