N&N Online store
February 12, 2025 at 10:37 PM
ළමයි හැමෝම හොඳින් ඉන්නවද
ළමයි ඔයාලගේ exam එකට තව එච්චර දවසක් නෑ.ඔයාලා වැඩකරනවද.
ළමයි ඔයාලා පොඩි කාලේ චූටි චූටි පන්තිවල ඉද්දි ටීචර් ඇහුවම ඔයාලා ලොකු වෙලා කවුද වෙන්න කියලා ඔයාලා එක එක කතා කිව්ව නේද
ඒත් එදා ඒවා කියන්නෙත් ඔයාලා නොදැනුවත්කම නිසා. හැබැයි දැන් ඔයාලා ගොඩක් දැනුවත්.ඔයාලට දැන් හීනයක් ඇතිකර ගත්තොත් තමයි ඒ හීන ඉෂ්ට කරගන්න පුළුවන්.මොකද ඉස්සර බොරුවට අත උස්සලා ඩොක්ටර් කෙනෙක් වෙනවා කිව්ව කෙනා අද ART කරනවා නම් ඩොක්ටර් කෙනෙක් වෙන්න බෑ.දැන් ඔයාලා දන්නවා.ඔයාල දෙයක් තෝරගෙන ඉන්නවා.ඔයාලට දැන් පුළුවන් ඔයාලගේ හරිම හීනය වෙනුවෙන් අත උස්සන්න.ඔයාගේ හීනේ මේක මම මෙහෙම කෙනෙක් වෙනවා කියලා දැන් ඔයාට බය නැතුන් අත උස්සලා කියන්න පුළුවන්. මොකද ළමයි දැන් පොඩි ළමයි නෙවෙයි ඔයාලා හැමෝම ලොකු ළමයි. ඔයාලත් දැන් අරමුණක් ඇතිකරගත්තොත් ඔයාලට අනිවාර්යෙන් ඒ අරමුණ වෙනුවෙන් යන්න පුළුවන්. ඒ නිසා ළමයි විනාස කරන එක තත්පරයක් ගානේ හිතන්න ඔයාලා මොකද කරන්නේ කියලා.ඔයාලා හිතන්න ඔයාලා අත උස්සලා දැන් කියන හීනෙට ඔයාලා යනවද කියලා.හැමෝම මෙහෙම බණ කියනවා ඇති ළමයි. හැබැයි ඔයාලට ඔයාලගේ ජීවිතේ භාගයක් ගෙවුනම මේ බණ වලයථාර්ථය තේරෙයි. එදාට පසුතැවෙන් නැතිවෙන්න අද වැඩ කරන්න. ඔයාලට බැරිවෙන් නෑ ළමයි ඔයාලට පුළුවන්.
Nathasha vlogs ❤️
❤️
5