Past Papers WiKi ✨🌟🎉 Official Educational Channel
Past Papers WiKi ✨🌟🎉 Official Educational Channel
February 16, 2025 at 01:07 AM
☘️🌸ජිවිතේ කියන්නේ එක විදියක ක්‍රිඩාවක් වගේ..අපි හැමෝම ක්‍රීඩකයෝ.අපි හැමෝම ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කරනවා.ඒ අතරේ සමහරු ජයග්‍රහණය අතෑරල දාලා ඕනවට එපාවට ක්‍රීඩා කරනවා...ඔබ ජයග්‍රහණය අතෑරලා නම් ඉන්නේ ඔයාටයි පුතේ මේ කතාව..... මතකද අම්මයි තාත්තයි?ඔව් ඔයාලා වෙනුවෙන් හැමදාම දුක් විඳින දෙන්නා තමයි.හිතන්න පොඩ්ඩක් ඒ මිනිස්සු කරන කැපකිරීම ගැන.සමහරවිට දෙවන සතිය වන විට කෑම බීම වලට පවා යන වියදම අඩු කරනවා ඇති පන්ති සල්ලි දෙන්න.කාලෙකින් හොඳ ඇඳුමක් අරන් නැතුව ඇති.හිතලා බලන්න අම්මා තාත්තා කොච්චර කැපවීම් කරනවද කියලා.හොඳට හිතන්න...කල්පනා වුණාද?ඒහෙනම් දැන් මේකත් මොහොතක් හිතන්න.ඒ අම්මා තාත්තා ඔයා විභාගෙ සමත් උනත් නැතත් ඔයාව බාරගන්නවා තමයි.ඒත් ඔයා A 9 ක් දාලා සමත් වුණොත් ඒ දෙන්නා කොයිතරම් සතුටු වෙයිද?සතුටෙන් කෑ ගහලා ඔයාව බදා ගනීවි.නෑදෑයින්ට කෝල් කර කර කියාවි.ඔයාලට හිනාවුණු මිනිස්සුන්ගේ ගෙදරටම ගිහින් කියාවි.. ආදරණිය දුවේ පුතේ ඔයාලා ඒ ව්දියට ඒ වැඩේ කරලා පෙන්නපු දවසට මතක ඇතුව අම්මගේ තාත්තගේ ඇස් දෙක දිහා බලන්න.ඒ ඇස් වල කඳුළු පිරිලා තියේිවී එදාට..ඔයාට හොරෙන් කඳුළු පිහිදාලා ඔයාව ආදරයෙන් තුරුළු කර ගනීවි..ඔයාට ජීවිතේ ලැබෙන ලොකුම සතුට අනිවාර්යෙන් එදාට ලැබේවි. අම්ම තාත්තා කරන කැප කිරීම් නිසා අපි එයාලට ණයයි.මේ සංසාරේ මදි අපිට ඒ ණය ගෙවන්න.එත් දුවේ පුතේ ඔයාට පුලුවන්නම් මේ වගේ සතුටක් දෙන්න ඒ දෙන්නට අපි ණයෙන් භාගයක් ගෙව්වා වගේ ...ඒක ඒ තරම් පිනක් පුතේ... ඒ නිසා පුලුවන් උපරිමයෙන් කරන්න.ඔයාට පුලුවන්...උත්සහය කැපවීම විශ්වාසයට කරන්න බැරි දෙයක් නැ පුතේ..ඔයාලා හැමෝටම පුලුවන් A -9 ගන්න...ඔයාලගේ හීනවගේම ඒ දෙන්නගේ හීන පාට කරලා හරි ලස්සන අනාගතයක් හදාගන්න...මහන්සි වෙමු අපි..ඔයාට අනිවාර්යයෙන් පුලුවන් හොදද..🌸☘️💜️.
❤️ 👍 🙏 137

Comments