
Sasnaka Sansada Foundation
February 4, 2025 at 09:28 AM
"Digital Horizon" තොරතුරු තාක්ෂණවේදය සම්මන්ත්‍රණ මාලාව | කුරුණෑගල දිස්ත්‍රික්කය
අනාගත පරපුර උදෙසා තාක්ෂණයේ මං පෙත් විවර කරලීමේ අරමුණින් "Digital Horizon" ව්‍යාපෘතිය යටතේ පවත්වනු ලබන, සාමාන්‍ය පෙළ තොරතුරු තාක්ෂණවේදය පිළිබඳ සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් දිගහැරුමක් ජනවාරි මස 24 වැනි දින, කුරුණෑගල C.W.W. කන්නන්ගර මහා විද්‍යාලයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.
එදින 11 ශ්‍රේණි සිසුන් සඳහා සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කොටගත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සහ 10 ශ්‍රේණි සිසුන් සදහා වෙබ් අඩවි සංවර්ධනය පිළිබද පූර්ණ දැනුමක් ලබා දීමට ද සස්නක සංසද අපට හැකි විය.
එසේම "Pathways to IT Success" සැසිය මගින්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඔස්සේ සාර්ථක අනාගතයක් තනා ගැනීම උදෙසා සිසුන්ට දැනුම සහ අභිප්‍රේරණය ලබා දීමද සිදුවිය.
මෙම සම්මන්ත්‍රණය සඳහා සස්නක සංසද විද්‍යාර්ථයින් සත් දෙනෙකු සහභාගී වූ අතර එහි සාර්ථකත්වය උදෙසා කැපවූ සස්නක සංසද කුරුණෑගල දිස්ත්‍රික් සහෘදත්වයටත්, පාසලේ විදුහල්පති ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපගේ හදපිරි ස්තූතිය පුද කරමු.
අනාගත පරපුර තාක්ෂණයෙන් සවිබල ගැන්වීම තුළින්, තාක්ෂණයෙන් අගතැම්පත් හෙටක් නිර්මාණය උදෙසා, මෙම සම්මන්ත්‍රණ මාලාව ඉදිරියටත් දියත් කිරීම සස්නක සංසද අපගේ බලාපොරොත්තුවයි.
සස්නක සංසද
තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්... ✨
Album link
https://www.facebook.com/share/p/1B6y3dKeDm/
Photography by : Nisal Dasanayake & Oshadha Lakshan
Caption by : Pawani Kaushika
❤️
4