
Sasnaka Sansada Foundation
February 4, 2025 at 08:10 PM
*සස්නක සංසද දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් පුහුණුකිරීමේ වැඩමුළුව - 2025* 💙💫
සස්නක සංසද සාමාජිකත්ව ප්‍රවර්ධන බලකණුව මගින් සංවිධානය කළ, 2025 වර්ෂය සඳහා තේරීපත්වූ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් පුහුණු කිරීමේ වැඩමුළුව පසුගිය පෙබරවාරි මස 1 සහ 2 දිනයන්හි දී සාර්ථකව පවත්වන ලදී. 🤗
මේ සඳහා සස්නක සංසද ගරු සභාපති හසිත විජේසුන්දර මැතිතුමන්, කළමනාකරණ මණ්ඩලය , නිර්දේශිත කළමනාකරණ මණ්ඩලය සහ සාමාජිකත්ව ප්‍රවර්ධන බලකණුවේ සාමාජිකයින් සහභාගී වූ අතර, මෙහිදී ආතතිය හා කාල කලමණාකරණය පිළිබඳ දැනුවත් කිරීම සහ සම්බන්ධීකාරකවරයෙක් ලෙස තම දිස්ත්‍රික්කය නගා සිටුවීමේ වැඩපිළිවෙළ මෙන්ම දිස්ත්‍රික්කය තුළ ඇතිවන ගැටළු සහ ඒවාට විසදුම් නිර්ණය කරගන්නා ආකාරය පිළිබඳව දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් හට මනා අවබෝධයක් ලබාදීම සිදුවිය.
පළමු දින රාත්‍රියේ ගිනි මැලයක් හා ඒ ආශ්‍රිත විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් වැඩමුළුව වර්ණවත් වූ අතර මෙය සාර්ථකව නිමා කරගැනීම සඳහා සහය දැක්වූ සැමට අපගේ ස්තූතිය පිරිනමමු. ♥️🤝
🔗 Album: https://www.facebook.com/share/p/1BUCRtkwHo/?mibextid=wwXIfr
සස්නක සංසද
තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්... ✨
❤️
9