ලස්සනට ඉමු with Hashee ( Official )
February 1, 2025 at 01:24 PM
සතියක් ඇතුලත සම පැහැපත් කරන whitening Cream එක.
🌾🌾Rice whitening cream🌾🌾
මේකත් අනිවාර්යයෙන් ම ලොකුම ලොකු බීසනයක් වෙයි ලමයි. වයිට්නින් ක්‍රීම් එකක් කිව්ව ගමන් බය වෙන්න එපා මේක සමට කිසිම හානියක් නැතිව සම පැහැපත් කරන හදාගන්න හරිම ලේසි natural whitening cream එකක්.
ප්‍රතිඵල මොනවද බලමු
🌾🍚 සම පැහැපත් කරයි
🌾🍚 glass skin එකක් ලබා දෙයි
🌾🍚 කුරුලෑ සුව කරයි
🌾🍚 ලප කැලැල් වලින් තොර පැහැපත් පැහැදිලි සමක් ලබාදෙයි
🌾🍚 සම දීප්තිමත් කරයි
🌾🍚 රැලි වැටීම එල්ලා වැටීම වැනි වයස්ගත ලක්ශන පාලනය කරයි.
🌾🍚 සමට තෙතමනය ලබා දෙයි
අවශ්‍ය ද්‍රව්‍ය
🌾 ඕනෑම සහල් වර්ගයකින් කෝප්පයක්
🌾 කෝමාරිකා මේස හැඳි 03
🌾 සුදු පොල්තෙල් මේස හැඳි 03
🍚🍚සාදන ආකාරය🍚🍚
සහල් කීපවරක් හොඳින් සෝදාගන්න.
සෝදාගත් සහල් වලට වතුර අඩු කෝප්ප බාගයක් එකතු කර සහල් හොඳින් පෙඟීමට පැය 24ක් තබන්න.
පැය 24කින් පසුව අර වතුරත් සමගම හාල් හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.පෙරාගන්න.
ඉන්පසු පෙරාගත් මිශ්‍රණය මද වේලාවක් නිශ්චලව තබන්න ( වතුර සහ සහල් පේස්ට් එක වෙන්වීම සඳහා )
වතුර පරිස්සමට පෙරා ඉවත් කර උකු සහල් පේස්ට් ( දියරමය ස්වභාවයක් තියෙනව නම් පදම හරි) එකෙන් මේස හැඳි 03ක් තම්බා පිරිසිදු කරගත් වීදුරු භාජනයට දමන්න.
එයට පිලිවෙලින් කෝමාරිකා මදය මේස හැඳි 03ක් සහ පොල්තෙල් මේස හැදි 03 එකතු කර smooth creamy paste එකක් හැදෙනකම් හැන්දකින් කලවම් කරන්න.
දිනපතා පිරිසිදු කරගත් මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න පුළුවන්
ඕනෑම skin type එකකටත් පාවිච්චි කරන්න පුළුවන් . Sensitive අය පොඩ්ඩක් patch test එකක් කරලා ඉන්න.
(ප.ලි. ඔයිලි අයට මේක ප්‍රශ්නයක් නෑ පාවිච්චි කරන්න පුළුවන් .. බයයි වගේ නම් ගාන්න එපා. මේස හැඳි 03 වෙනුවට තේ හැඳි 02ක් වගේ අඩු ප්‍රමානයක් දාගන්නත් පුළුවන් . පොල්තෙල් නොදා හදාගන්නත් පුළුවන් )
පාවිච්චි කරලා රිසල්ට් එක බෙදාගන්න.