Nathasha vlogs ❤️
February 10, 2025 at 11:51 AM
දන්නවද මගෙ පුංචි ලමයෝ.. 🧚♀🦋♥️
අපි හිතන විදියට අපි ආස කරන විදියට දේවල් වෙන්නේ නෑ.. 🥹🫂🌝 මේ විශ්වයට හොදම විදියට දේවල් වෙන්නේ.. 🌸🦋🤍 ඔයාට වගේම මටත් ඒ දේවල් පොදුයි.. ඉතින්, මේක ලොකු කතාවක අවසානයක් වගේම ලොකු කතාවක ආරම්භයක්.. 🤍🕊
දිව්‍යලෝකේ ඉදන් මායාකාර පුංචි සුරංගනාවියක් එවලනේ අද ඉදන් ඔයාලා එක්ක ඉන්න.. 🧚♀💐🌈✨ මායාකාර ලස්සන ගෑණු ලමයෙක් එයා.. 🧚♀💍🌼 ඔව් හරියට ඔයා වගේ.. මාව හැමදාම අහන් ඉදලා, මාත් එක්ක හැමදාම හිටපු ඒ මායාකාර පුංචි සුරංගනාවිට හෙට ඉදන් මම ඔයාව භාර කරනවා.. 🫂🕊🌼💐 දන්නවද එයාගේ වචන අස්සේ තියන ආශිර්වාදය ඔයාට හැමදාම ලැබේවී..🤍🕊 මාත් ඒ ආශිර්වාදයේ කොටස් කරුවෙක් වෙලා ඈත ඉදන් ඔයා දිහා බලන් ඉන්නවා හරි ආදරෙන්.. 🧚♀🌼🌈✨
ඉතින්, 🧚♀💍🌈✨
ආදරේට ආදරේ කරන්න. කෙනෙක්ගේ හිනාවකට හේතුවක් ගේන මනුස්සයෙක් වෙන්න, ඔයාට රිදුන තැනක් තව කෙනෙක්ට නොවෙන්නට වග බලා ගන්න, දෙයක් කරන්න බැරිනම් කෙනෙක්‍ට බලාපොරොත්තුවක් නොවී ඉන්න, සැහැල්ලුවෙන් ඉන්න,හැමදේකටම ස්තූතියිවන්ත වෙන්න.. 🦋🌈✨🫂 හීන දිනන්න ඔයාට මේ විශ්වයේ ආශිර්වාදය හැමදාම තියේවී.. 🌸🧚♀✨🌼
මාත් එක්ක වගේම එයත් එක්කත් දිගටම රැදිලා ඉන්න, ඔයාව නිමන්න වගේම ඔයාට නිමෙන්නත් හේතු හොයලා දේවී... 🧚♀🌈✨🌸
ඉතින්.. 🌼✨🌈🧚♀
දිනපු දවස, ලස්සන මතක ගොඩක් එක්ක, හරි රහට කියන්න පුලුවන් ලොකු කතා ගොඩක් එක්ක වගේම, විදින්න හේතු ගොඩක් එක්ක, දිනපු දවසක හමුවෙන විශ්වාසයෙන් මං නවතින්නම්.. 🧚♀✨🌈🌼
මම,
හැමදාම ඔයාට ගොඩාරියක් ආදරේ ගෑණු ලමයා.. 🫶♥️
🦋|*Positive Vibes By Kassi*| 🦋
Nathasha vlogs ❤️
❤️
6