Nathasha vlogs ❤️
February 12, 2025 at 01:33 PM
කාලයක් යනතුරු මම හිතුවා මම වගේම හැම මනුස්සයෙක්ම හරිම හොඳයි කියලා ! මම හිතුවා මම හිතන විදියට හැමෝම තව කෙනෙක්ට හානියක් නොවන විදියට ජීවත් වෙන්න උත්සාහ කරනවා කියලා ! ඒත් ඒක වැරදියි ! ඒක මට පෙන්නලා දුන්නු හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා ! මාව අත්හැරපු , මගේ දේවල් මගේ ඇස් පනා පිටම හොරකම් කරපු , මගේ හිත කෑලි කෑලි වලට කැඩෙන විදියට නරක විදියට කතා කරපු , මගේ ජීවිතයට මහා තිත්ත ම තිත්ත අත්දැකීම් අරගෙන ආපු හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා ! එයාල නොඉන්න මම තාමත් හිතන්නේ මේ මුළු ලෝකෙම හරිම පිරිසුදුයි කියලා ! එයාල එදා ඒ පාඩම් ඉගැන්නූවෙ නැත්නම් මම තාමත් හිතන්නේ හැමෝම මම වගේ කියලා ! ඉතින් ස්තූතිවන්ත වෙන්න වුවමනා නැද්ද ඔයාගේ මගේ ජීවිතයට නරක අත්දැකීම් ගෙනාපු අයට ! එයාලා ඒ වෙලාවට වේදනාවකට හේතුවක් වුනත් ඇත්තටම එයාලා නිසා අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා ! එයාලා නිසා අපෙන් වැහිලා හිටපු සමහර මුහුණු අපි අදුරගත්තා ! එයාලා නිසා අපෙන් හැංගිලා හිටපු සමහර මුහුණු අපි එළිපිට දැක්කා .. ඉතින් වෛර කරන්න එපා.. සමාව දීල අත්හැරලා අමතක කරලා ස්තුතිවන්ත වෙන්නත් අමතක කරන්න එපා ! ☕ - Gumiho's Diary -
❤️ 13

Comments