Nathasha vlogs ❤️
February 13, 2025 at 06:28 PM
උදේට ලෙමන් වතුරට සමග චීයා ඇට දලා බොමු..🍋 🍋🍃චියා බීජ වලින් බර අඩු කරගන්නේ මෙහෙමයි කියන්න සූදානම් වන්නේ බර අඩු කර ගැනීම සඳහා ඔබට ඉතා පහසුවෙන් ම භාවිතා කරන්නට පුළුවන් විශ්මිත බීජ වර්ගයක් ගැනයි. ඒ තමයි චීයා බීජ. ඕනම සුපිරි වෙළෙද සැලකින් ලබාගන්න පුළුවන් මේ චියා සීඩ්ස් බර අඩු කර ගැනීම සඳහා භාවිතා කර ගැනීමට ඉතාම පහසු ක්‍රම කිහිපයක්ම තිබෙනවා. ඉතින් මේ විශ්මිත බීජ වර්ගය ගැනයි ටිකක් දැනුවත් වෙමු.. 🍋 චියා බීජ වල අඩංගු පෝශ්‍ය පදාර්ථ මොනවද ? ජලය: 6% ප්‍රෝටීන් : 16.5g කාබෝහයිඩ්රේට්: 42.1g සීනි: 0g තන්තු: 34.4g මේදය: 30.7g ඔමේගා-3: 17.83g ඔමේගා-6: 5.84g මීට අමතරව , මැංගනීස් , පොස්පරස් , තඹ , සෙලේනියම් ,යකඩ , මැග්නීසියම් සහ කැල්සියම් යන විටමින් සහ ඛනිජලවණ ද චියා බීජ වල අඩංගු වෙනවා. 🍋චියා බීජ වලින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ මොනවාද ? * රුධිරයේ සීනි පාලනය වැඩි දියුණු කිරීම * ශරීරයට අවශ්‍ය තන්තු ප්‍රමාණය ලබා දීම * හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීම * අස්ථි සෞඛ්‍යය වැඩි දියුණු කිරීම * ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම * මල බද්ධය වැලැක්වීම * පිළිකා අවදානම අඩු කිරීම 🍋චියා බීජ බර අඩු කර ගැනීම සමග සම්බන්ධ වෙන්නේ කොහොමද ? චියා බීජ පෝෂ්‍ය පදාර්ථවල බලාගාරයක් ලෙස හැඳින්වෙනවා. එහි ඉහළ තන්තු අන්තර්ගත ය බර අඩු කර ගැනීමේ ක්‍රියාවලියට සෘජුවම සහාය වනවා. තන්තු මගින් ඔබේ ආහාර ජීරණ ක්‍රියාවලිය ඉතා හොඳින් වැඩි දියුණු කරන අතරම , තන්තු බහුලව ආහාරයට ගැනීම ඔබේ තෘප්තිමත් භාවය වැඩි කරනවා. මෙය ඔබට නිතර කුසගිනි දැනීම වලක්වන අතර ඔබ නිතර ආහාර ගැනීමත් වළක්වනවා. මේ මගින් ඔබේ බර වැඩිවීම පාලනය කරනවා. දෛනිකව ලබා ගත යුතු චියා බීජ ප්‍රමාණය කොපමණද ? ඔබේ දෛනික පරිභෝජනය සඳහා චියා බීජ ග්‍රෑම් 20 පමණ භාවිතා කිරීම ප්‍රමාණවත්. එම ප්‍රමාණය කුඩා යැයි හැඟෙන නමුත් ඒ කුඩා ප්‍රමාණය මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ අසීමිතයි 🍋 බර අඩු කර ගැනීම සඳහා චියා බීජ භාවිතා කළ හැකි ක්‍රම මොනවාද ? * චියා පුඩින් වර්ග * පලතුරු සමඟ * කැඳ , යුෂ වර්ග සහ ස්මූතීස් වලට එකතු කර * සලාද වලට එකතු කර * ජලය සමග දවස පුරා පානය කිරීම චියා බීජ පානය කළ යුතු දවසේ හොඳම වේලාව කුමක්ද ? බොහෝමයක් පෝෂණවේදීන් නිර්දේෂකරලා තියෙන්නේ සුදුසුම කාලය වන්නේ උදෑසනයි. නමුත් ඔබට භාවිතා කරන වතුර බෝතලයට චියා බීජ එකතු කර දවස පුරා පානය කිරීම ද කළ හැකියි. මේ සම්බන්දව කරුණු අන්තර්ජලයේන් සහ මා ලද අත්දැකිම ඔයලාට ගෙනාවේ... Lifestyles by Tenu's Kitchen #morningroutine #healthtips #lemonwater #lemonwaterbenefits #healthylifestyle #chiaseedsbenefits #weightloss #weightlossjourney #weightlosstips #highlightseveryonefollowers #fypシ゚viralシfypシ゚ #trendingpost #trend #followers Nathasha vlogs ❤️
👍 ❤️ 3

Comments