Nathasha vlogs ❤️
February 15, 2025 at 03:59 PM
> *Study Tips📍* *මේ, ඔයාලට දෙයක් කියන්නද?😁* *ඔයාලට class video ගොඩ ගැහිලා ඇති,,,, ඔයාට මග හැරිලා තියෙන වීඩියො බලන්නැතුව දැන් උගන්නන ඒවට සම්බන්ධ වෙන්නත් බැරුව ඇති😐* *ඒත් ඒ මොනා වුණත්, Class video  ඔක්කොම එක ගොඩේ බලන් ගිහින් ඉවර වෙලා පස්සෙ, ප්‍රශ්න කරන්නම්, කියන ගොන් වැඩේ නම් කරන්න එපා😂* *මොකද TV series  බලනව වගේ මේක කරන්න බෑ...😂* *ඔයාලට තාම නොතේරෙන හින්දද දන්නෑ ඔය වගේ වැඩ කරන්නෙ.😐* *දෙයක් කරන පිළිවෙලක් තියෙනව,... Physical class එකක ඔහොම ඔක්කොම එක පාර උගන්නලා ඊට පස්සෙ නෙමේ නේද ප්‍රශ්නෙ කරන්නෙ🙊* *තේරුන් ගන්න..* *ඔයාට කොච්චර class video ගොඩ ගැහිලා තිබ්බත්, ඒක, කරන පිළිවෙලට කරන්න ඕන...* *පිළිවෙල කිව්වෙ මේකයි🤓👇🏻* *ඔයා මොකක්හරි පාඩමක වීඩියො එකක් බලලා ඉවර වෙලා ඒකට අදාළ pastpapers ප්‍රශ්න ටික කරන්න ඕන.. pastpapers කිව්වෙ, mcq, රචනා ඔක්කොටම තමා....🖐🏻* *ඔයා ඒ පාඩම ගැන අවබෝධයක් අරගෙනයි ඊළඟ පාඩමට යන්න ඕන.🙈* *Video බලාගෙන පාට පාට නෝට් ලියාගෙන පොත් පිරෙව්ව කියල ඔයාලට ඒ පාඩමෙන් අහන ප්‍රශ්නවලට උත්තර ලියාගන්න හම්බෙන්නෙ නෑ...* *ඒකට පාඩමත් එක්ක ඔට්ටු වෙන්න ඕන බොලව්😅* *පාඩම පුළුවන් වෙනකම් ප්‍රශ්නම කරන්න ඕන.. එතකොටයි උබ ඊළඟ පාඩම ඉගෙනගන්න සුදුස්සෙක් වෙන්නෙ😈* *උබේ ඔලුව විකාර වෙලා ඇති මේ කේස් එක නිසා.🤐 ඒත් වීඩියො ටික බලලා ඉවර වුණා කියල උබට විශය පුලුවන් වෙන්නෙ නෑ.. වීඩියො ටික බලලා ඉවරයි, අම්මො ඇතියන්තන් කියල හිතෙද්දි එක feeling එකේ ආතල් හොඳයි ඉතින්😂 ඒ උබට පේපරයක් ගත්තහම දෙලොව රත් වෙයි ආ.... පේපරයක් දැක්කම වෙවුලන්න ගනියි....* *"වීඩියො ටික ඉක්මනට බලලා ඉවර කරගත්තොත් ඇති කොහොමහරි" කියන කාලකණ්ණි සිතුවිල්ල ඔලුවෙන් අයින් කරගන්න😐* *වෙන්න ඕන විශය පුළුවන් වෙන එක, ඒ පාඩමෙන් ප්‍රශ්නයක් දුන්නහම කරන්න පුළුවන් වෙන්න ඕන🙊 ඒකට වීඩියො ටික බලලා ඉවර කරගත්ත කියල හරියන්නෑ..* *ඒවාට අදාළ pastpapers  ටික අවුරුදු 10 ක වත් කරන්න ඕන...🤓* *ඒත් බැරිනම් 20 ක....* *ඒත් බැරිනම් modelpapers..* *මේක සෙල්ලමක් නෙමේ....☺️* *ඔයාලට ඕන තරම් කාලෙ තියෙනව... නෑ කියන්න බෑ, උබලා කාලෙ කනව වැඩියි. ඒකයි උබලට වෙලාව මදි බොලව්..😐* *නිදියන වෙලාව හරි පොඩ්ඩක් කැපකරලා මේ ටික ඉවර කරපන්..ඉක්මනට..🤩* *ඉක්මනට කියන්නෙ වීඩියොත් බලන ගමන් ප්‍රශ්නත් කරන ගමන්..* *නැත්තන් මුකුත් නොකර හිටහන්😒* *වීඩියො බලන එක ආතල් වෙන්නැති😂 ඔහොම යන්කො ඒ අය... ප්‍රශ්නයක් දුන්නහම "හික්" ගෑවෙයි..🙂* *එච්චර කාලයක් නෑ කියන එක නිදහසට කාරණයක් නෙමේ.. වැරද්ද ඔයාලගෙනෙ.. ඒක නිසා වැරැද්ද හදාගන්න කැපකිරීම් කරන්නම වෙනව...😌* *අවසානෙ video ටික නම් ඉවර වෙලා තියෙයි... හැබැයි උබට ප්‍රශ්නෙකට උත්තර ලියාගන්න තියා හිතාගන්නවත් බැරිවෙයි..🤓🤓* *කැමති තීරණයක් ගන්න..😏☺️👇🏻 ♥️* > ~ දිසාපාමොක් 😈💞 > *❛ᴀʟʟ ᴄʀᴇᴅɪᴛ ɢᴏᴇꜱ ᴛᴏ 𝙾𝚁𝙸𝙶𝙸𝙽𝙰𝙻 𝙰𝚄𝚃𝙷𝙾𝚁❜* *❝හීන┃𝙱𝙴𝚂𝚃 𝙼𝙾𝚃𝙸𝚅𝙰𝚃𝙸𝙾𝙽❞ᴬ&ᴺ 🇱🇰🕊️*
❤️ 2

Comments