𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 : 🇱🇰
January 18, 2025 at 11:58 PM
අහලා තියෙනවද 'Let Them Theory' එක ගැන ???
මොකක්ද මේ 'Let Them Theory' කියන්නෙ??? මාත් මුලින්ම මේක ගැන ඇහුවහම දන්නෙ නෑ මොකක්ද කියලා. ඊට පස්සෙ ටිකක් හොයලා බැලුවා.
ඉතින් සරලවම මේකෙන් කියන්නෙ අනිත් අයට ඕන දෙයක් කරන්න කියලා, ඔයා ඔයාගෙ ජීවිතේ විඳින්න කියන එකයී. මොකද දන්නවද, මිනිස්සු හුඟක්ම අසතුටින් ඉන්නෙ තමන් නිසා නෙමෙයී. ඒ එයාලගෙ වටේ ඉන්න අනිත් අය නිසා.
හිතන්නකො, පුංචි කාලෙ ඉඳලා අපි අපිව අසතුටු කරගත්තෙ මේ වගේ දේවල් නිසා නෙමෙයිද කියලා..
😐 අපේ අම්මා තාත්තා එයාට වඩා නංගිට මල්ලිට ආදරේ නිසා
😐 මගෙ යාළුවා මං එක්ක තරහ වුණු නිසා
😐 Teacher ස්කෝලෙදි මට වඩා එයාගෙ පන්ති එන ළමයින්ට විශේෂයෙන් සළකන නිසා
😐 කැම්පස් එකේදි lecturerගෙන් නොසෑහෙන්න නෝක්කාඩු අහන්න වෙන නිසා
😐 Office එකේදි bossට බය නිසා
😐 ඔයාගෙ partner ඔයාට සමහර දේවල් නොකියන නිසා
ඔන්න ඔය වගේ නොයේකුත් දේවල් නිසා නෙමෙයිද ඔයා හුඟක් දවස් වල අසතුටින්, දුකින් ඉඳලා තියෙන්නෙ ??? හිතලා බලන්න පුංචි වෙලාවක් අරන් ඔයා අසතුටින් හිටපු දවස් කීයෙන් කීයක් ඇත්තටම ඒ ඔයා නිසාද කියලා..
ඉතින් ඉතින් ළමයීනේ,, 'Let them Go'.. ඒ ඒ අයට කැමතී විදිහකට හිතන්න, කරන්න, react කරන්න කියලා ඉඩදෙන්න. ඔයා ඔයාගෙ පාඩුවේ, ඔයාගෙ මනස නිරවුල්ව තියාගෙන ජීවත්වෙන්න..
දන්නවා, බැඳීම් හුඟක් එක්ක ජීවත්වෙන මිනිස්සුන්ට මේ දේ කරන්න හරිම අමාරුයී. හැබැයී උත්සාහ කළොත් බැරි නෑ.. අනිවාර්‍යෙන්ම පුළුවන්.. හැමවෙලේම මතක තියාගන්න, ඔයාගෙ ජීවිතේ සතුටෙ යතුර ඔයා ගාවම විතරක් තියාගන්න.. එතකොට ජීවත්වෙන්න හරිම ලේසියී..
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..
©️ Admin Ruvina
#studywithgimi #positivevibes #fyp
❤️
👍
11