♥️EXTRAORDINARY THINKERS♥️
February 4, 2025 at 10:41 PM
⭕️Personal Computer එකක් ගමු...(PART 03) 💐තමන්ට කියලා Business එකක් පටන් ගන්න. ❤️‍🔥ඔන්න ඉතිම් අද කතා බහා තමයි Business ගැන. මොකද ඇත්තටම කිව්වොත් ඔයාලට Business කරලා හිතනවට වඩා හම්බ කරන්න පුලුවන්. ඒත් ඒක ඇත්තටම ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් ලංකාව වගේ රටක කරන්න සෑහෙන්නම අමාරු දෙයක්. ඒත් ඉතිම් එහෙමයි කියලා මේකේ ගේමක් ගහන්නේ නැතිව ඉන්න අය නෑනේ. අන්න ඒක නිසා හිමීට කාලය තියෙනවා නම්, ඉවසීමෙන් ඉන්න පුලුවන්නම්, අන්න ඔයාට business එකක් ඇදගෙන යන්න පුලුවන්. ❤️‍🔥එතනදී ඉතිම් ඔයාලගේ අම්මලා තාත්තලා Business නම් කරන්නේ ඔයාට කොහොමත් මේ ගේමට ලේසියෙන්ම බැහැ ගන්න පුලුවන්. ඒත් ඔයාගේ අම්මලා තාත්තලා Business නොකරනවා නම්, ඔයාලට මේකට බහින්නම හෙනම කට්ටක් කන්න වෙනවා, මොකද අම්මලාට තාත්තලාට Business කියන දේ තේරුම් කරවන්නම ඔයාලට සෑහෙන්නම උත්සහයක් දරන්න වෙන නිසා...🙂 ඒත් ඉතිම් හොදටම මතක තියාගන්න ඔනි දේ තමයි කවුරු මොන සුරංගනා කතාව කිව්වත්, Business කරනවා කියන එක කරන්න අමාරුම වැඩක්. අන්න ඒක නිසා මේක දිගටම කරනවද නැද්ද කියන එක ඔයාගේ මතේ...❤️‍🔥 🤭හැබැයි අපේ Target එක ඒක නෙවෙයි නේ. අපිට ඔනි ටග්ගාලා රු.50 000ක් වගේ හොයාගෙන PC එකක් ගන්න නේ. අන්න ඒක නිසා අපි ඒකට මේ Business කියන දේ පාවිච්චි කරගන්න විදිහ දැන් කතා කරමු. 🤭ඉතිම් සරලවම ඔයාලට මෙතනදී කරන්න තියෙන්නේ එක්කෝ මොකක් හරි Service එකක් or නැත්නම් Product එකක් Sale කරන එකනේ. ඉතිම් ඔයාලට පුලුවන් ඔන්න ඔය වැඩේ Dropshipping විදිහට කරන්න. ඒ කියන්නේ අපිට ඔනි Risk එකක් නැතුව මේ වැඩේ කරගන්න නේ. එතනදී ඉතිම් අපිට පුලුවන් Dropshipping විදිහට මේ ගේම ඇදගෙන යන්න. ඒ කිව්වේ ඔයා හිතන්න කෝ, ඔයා දකිනවා කොහේ හරි තියෙන පාන් ගෙඩි ටිකක්. ඔන්න දැන් ඔයාට අදහසක් එනවා පාන්වලින් Online Marketplace එකක් හදන්න ඔනි කියලා. ඔයා දැන් මොකද කරන්නේ, මුලින්ම ඔයාගේ Business එකට නමක් දාගන්නවා. උදාහරණයකට අපි හිතමු "සමන් පාන්" කියලා ඔයා Business Name එකකුත් දාලා, Logo එකකුත් හදලා දාලා වැඩේ පටන් ගන්නව. 🥶ඊට පස්සේ දැන් ඉතිම් ඔයාලට පාන් ගන්න සල්ලි නෑනේ. අන්න ඒකට ඔයාට පුලුවන් ඔය අදුරන අදුරන ගමේ තියෙන බේකරි 2 ක් 3 ක් Contact කරගන්න. ඊට පස්සේ ඔයාට පුලුවන් ඒ බේකරිවල තියෙන පාන් ගෙඩිවල Photos ගහගෙන එන්න. ඊට පස්සේ අන්න ඒ Photos ටික Google Lens දාලා ඊට පස්සේ ඒ ඔයා ගහගත්ත පොටෝ ටික වගේ හොද පිලිවල Professional Photos ටිකක් ඔයාට පුලුවන් Google එකෙන් හොයාගන්න. දැන් ඔයාට තියෙන්නේ ඒ ටික පොඩ්ඩක් එහෙන් මෙහෙන් Edit කරලා අරගෙන ඉවර වෙලා ඔයාගේ දැන් සමන් පාන් කියන Brand Name එකෙන් හදාපු Facebook Page එකට, Tiktok එකට ඕවා Upload කරන එක. 🤭 ඊට පස්සේ ඉතිම් ඔයාට පුලුවන් ඒවා Boost ගහලා හරි, නැත්නම් Share කරලා හරි, නැත්නම් Reels වලින් හරි වැඩේ ඇදගන්න. ඊට පස්සේ ඔන්න දැන් කට්ටිය පාන් ඔයාගෙන් ඉල්ලන්න ගන්නවා නේ. එතකොට ඔයාට කඩෙන් ඔයාට පාන් ගෙඩියක් හම්බෙන්නේ රු 50 ට නම්, ඔයා අර් Online Marketplace එකේ ඒ පාන්ගෙඩිය විකුණන්නේ රු.150ට. එතකොට අපි හිතමු කෝ දවසට Orders 50 ක් ආවා කියලා. ඒ කියන්නේ එක පාන් ගෙඩියකින් ඔයාට රු.100 ගානේ Profite නිසා, ඔයාට දවසකට රු,5000ක් හම්බෙනවා. ඊට පස්සේ ඔයාට ඔය වගේම එක දිගට මාසෙම Business ආවොත්, දවසකට Average 5000 ගානේ මාසේ අගට ඔයාට රු.150 000ක වගේ ගාණක් එකතු කරගන්න පුලුවන් වෙනවා. 🤭ඉතිම් මම ඔය පාන් ඔහොම කිව්වට, ඔයාට පොඩි දැනුමක් තියෙන ඔනිම දෙයක් ඔන්න ඔය විදිහට විකුණන්න පුලුවන්. ඉතිම් ඔහොම විකුණ විකුණ ගියොත් ඔයාලට ලොකු වැඩක් කරගන්නත් පුලුවන්. 🥶ඉතිම් Dropshipping කියන්නේ කොහොමත් පොඩ්ඩක් ලොකු කතාවක්. ඒකට අපි Accounts හදාගන්න විදිහේ ඉදලා පොඩිපොඩි කතා ටිකක් තියෙනවා. ඒත් ඉතිම් ඒ අපි International Market එක අල්ලද්දී තමා ඒ දේවල් කර කර දගලන්න ඔනි. අපි මේ ලංකාව ඇතුලේ ඉන්න අයව විතරක් නම් දැනට Target කරගන්නේ, අපිට මහා ලොකුවට නටන්න දෙයක් නැහැ. ඔය මම කිව්ව විදිහටම එක එක Products ටිකක් Contact කරගෙන වැඩේ කරගෙන යන්න තියෙන්නේ. එහෙනම් ඉතිම් අපි කිව්ව කතාව තේරෙන්න ඇති කියලා අපි හිතනවා. එහෙනම් ඉතිම් දැන් ඒකත් Try කරලම බලන්න ඔයාලට සෙට් වෙයිද කියලා...🤭♥️ ♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️
❤️ 8

Comments