♥️EXTRAORDINARY THINKERS♥️
February 8, 2025 at 07:42 AM
❤️🔥Psychology අනුව දක්ශම විශය තෝරාගැනීම...💐
🫣අද කතා කරමු මනෝවිද්‍යාව අනුව ඔයා කොහොමද ඔයාට ගැලපෙන දක්ශම විශය හොයාගන්නේ කියලා.
මොකද මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඒ කිව්වේ තමන් ආස දේ තමන්ට හොයාගන්න බැහැ. අන්න ඒක නිසා මම අද කියන්නම් ඒක කොහොමද ඔයාලා හොයාගන්නේ කියලා.
ඒත් මම කතා කරන්නේ IT ක්ශේත්‍රය ගැන නිසා, ඒකට සම්බන්ද කරලා කතා කරන්නම්. ඔයා ඊට පස්සේ ඒක ඔයා ඉන්න ක්ශේත්‍රයට ගලපා ගන්න.
එහෙනම් අපි දැන් යමු කතාවට.
💐මෙහෙමයි මොලේ කියන්නේ හරි අපූරු දෙයක් කියලා මම ආය අමුතුවෙන් කියන්න ඔනි නැහැ නේ. ඔයා මොලේට දාන දේවල් අනුව තමා අනිත් පැත්තට ඔයාට හම්බෙන Output එකත් තීරණය වෙන්නේ. අන්න එක නිසා මෙ වෙද්දී ඔයාගේ මොලේ රැදිලා තියෙන දේවල් අනුව තමයි දැන් ඔයාගේ හැකියාව තීරණය දෙන්නේ. ඒ කිව්වේ ඔයාට හැකියාව වර්දනය කරගන්න පුලුවන්, ඒක හරි ඒත් මොන හැකියාව වර්දනය කරගත්ත්ත්, ඒක තමන්ට ගැලපෙන්නේ නැත්නම් ඒක දිගටම කරගෙන යන එක සෙට් මදි. අන්න ඒක නිසා තමන්ට හරියටම ගැලපෙන්නේ මොකක්ද කියන එක අපි දැන් තෝරා බලමු.
🫣මෙතනදී අපිට මුලින්ම ඔනි වෙනවා කොල කෑල්ලක්. දැන් ඔය කොල කෑල්ල අරගෙන ඔයා ලියාගන්න ඔනි ඔයාට පුලුවන් දේවල් ටික. ඒ කියන්නේ ඔයා Dancing වලටද ආස, එහෙමත් නැත්නම් Mathsවලටද ආස වගේ ඔයාලට ඒ දේවල් ටික ලියාගන්න පුලුවන්.
ආයම මතක් කරනවා ඔයාලා ඔහොම ලියාගන්න ඔයාගේ කොලේ. ඒත් මම මගේ කොලේ ලියන්නෙර් IT ක්ශේත්‍රයට සම්බන්ද දේවල් විතරයි.
🫣ඔන්න දැන් මම කොලයක් අරගෙන ඒකේ ලියාගන්නවා,
📌Programming
📌Networking
📌Application Development
කියලා මට දැනට පුලුවන් සහා මම ආස දේවල් ටික මුලින්ම අපි ලියාගන්න ඔනි.
මෙතනදී ඔයාට මේ දේවල් පුලුවන් නොවුනත් හිත අස්සේ තියෙන දේ ලියන්න අමතක කරන්න එපා.
ඊට පස්සේ ඔයා යන්න ඔනි Google එකට. ගිහිල්ලා අපි කියමු කෝ ඔයා Development Side එකට කැමතී ගොඩක්ම කියලා. අන්න එහෙනම් දැන් ඔයා පටන් ගන්න ඔනි ඒක ගැන හොයන්න. හොයාගෙන හොයාගෙන යද්දී ඔයාට සමහර විට තැනකදී හිතෙයි අප්පෝ මේක සෙට් වෙන්නේ නැහැ කියලා.
ඊට පස්සේ ඔන්න දැන් ඔයා ඔහොම ඊලගට Networking ගැන හොයාගෙන යනවා. හොයාගෙන යද්දී ඔයාටත් ඕකත් යම් තැනක තේරෙයි, අප්පෝ මේකේ තියරි ගොඩයි නේ, මන් ඕවට ආසම නෑනේ මට ඕක සෙට් නෑ කියලා.
ඊට පස්සේ දැන් ඔයා කිසිම Idea එකක් නැතුව හොයාගෙන යද්දීඔන්න ඔයා නිකන් Nasa එකට යන්න, අනන් මනන් දේවල්වලට ආස කෙනෙක් කියමු කෝ. අන්න එතකොට ඔයාට නොදන්න ඒත් ඔයා ආස ක්ශේත්‍ර හම්බෙන්න පුලුවන්.
🤭 ඒ කියන්නේ ඔයා නිකන් ඔය FBI එකේ අය වගේ හොරු අල්ලන්න, රහස් පරීක්ශණ වැඩ කරන්න ආස කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් ඇත්තටම ලංකාවේ එහෙම ජොබ්ගැන හරියට හොයාගන්නවත් නැහැ නේ. ඒත් ඔයා ඔහොම හොයාගෙන හොයාගෙන යද්දී, Cybercrime Investigator කියලා ඔයා අහලාවත් නැති, හැබැයි ඔයා ඇත්තටම ආස දේ එතනදී හම්බෙන්න පුලුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට ඔයා ආස සාමාන්‍ය කෙනෙක් වගේ ඉන්න නෙවෙයි නම්, ඔයාට ගැලපෙන හොදම දේ අන්න එතනදී හම්බෙන්න පුලුවන්.
අපේ අය ගොඩක්ම නොකරන්නේ ඔන්න ඔය දෙයයි. ඒ ගොල්ලෝ හිතන්නේ හරි Cyber Security Engineer තමා Job එක, අහ් Software Engineer තමා Job එක කියලා විතරයි. අන්න ඒක නිසා එයාලා එයා ආස දේ පස්සේ යන්නේ නැතුව, එයා එයාට ගැලපෙන්නේවත් නැති දෙයක් හොයාගෙන යනවා.
අපි හිතමු කෝ ඔයා Management Side එකට කැමති කෙනෙක්, ඒත් ඔයාට ඔනි Chef කෙනෙක් වෙන්න. ඒත් ඒක නිකන් ඔයාට සෙට් මදි මදි වගේ නිසා ඔයා වෙන කොහෙවත් තියෙන වෙන මොනවත් ගිහිල්ලා කරනවා, ඒත් ඔයා ආස Chef සහා Management කියන දේට නේ. එහෙනම් ඉතින් ඔයාට Hotel Management කරන්න පුලුවන්නේ.
🫣ඔන්න ඔය වගේ මම මෙතන IT ක්ශේත්‍රයට බර දාලා කතා කරාට, ඔයාට ගැලපෙන හොදම දේ ඔයාම මහන්සි වුනොත් හොයාගන්න පුලුවන්.
🤭ඔයා සාමාන්‍යයෙන් IQ එක වැඩි කෙනෙක් නම්, ඔයාට කොහොමත් සාමාන්‍ය දේවල් සෙට් වෙන්නේම නැහැ. අනික මම හොදාකාරවම දන්නවා මෙතන ඉන්න බහුතරයක් අර සාමාන්‍ය අය නෙවෙයි.
♥️මොකද ඔයාලා මෙතනට ආවේ Hacking ඉගෙන ගන්න නේ. ඒත් ඔයාලට පවා කියන්න අපේ ගමින්ම මේ Cyber Security කරන්නේ මම විතරයි. මම School යන කාලේවත් කිසිම කෙනෙක් මේ Cyber Security කියන දේට කෑමතිවත් නැහැ. ඉතිම් ඒකෙන් තේරුනේ මම Super Hero 😎 කෙනෙක් කියලයි.
නෑ ඉතිම් මට ඔනි වුනේ ඒ කාල්‍රෙ ඉදලා සාමාන්‍ය දේවල් කරන්න නෙවෙයි. ඉතින් මම වගේ ගොඩක් අය මෙතන ඉන්නවා කියලත් මම හොදටම දන්නවා.
ඔන්න ඔයාලයි ඔන්න ඔය උපදෙස් ටික මම දුන්නේ. මොලේට අවශ්‍ය දේ මාත්‍රාවක් ඇතුව මොලෙට සපයන්න. අන්න එතකොට ඔයාට ඒ මෝටිවේට් එකත් තියාගෙන හොද ගමනක් ඉස්සරහට යන්න පුලුවන්.
එහෙනම් ඉතිම් එතකන් ඔයාලට සුභ දවසක්...❤️🔥
♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️
❤️
8