Astronomy Lanka 🇱🇰
February 5, 2025 at 12:48 PM
NASA හි සෙනසුරු ගවේෂක කැසිනි යානය, ටයිටන් වෙත යන ‍ හියුජන්ස් probe එක සමඟ සවිකර 1997 ඔක්තෝබර් 15 දා අලුයම සාර්ථකව අහසට එක්වුනේ මේ විදියට. Cape Canaveral ගුවන් තොටුපළේ 40වන දියත් කිරීමේ සංකීර්ණය වෙතින් ප්‍රබල Titan 4B Centaur රොකට්ටුව තුල අභ්‍යාවකාශයට ගෙන ගිය කැසිනි නම් වූ, බස් රථයක ප්‍රමාණයේ අභ්‍යවකාශ යානය එහි ගමන් කරමින් තිබුණා. සෙනසුරු වෙත සැතපුම් බිලියන 2.2 ක ගමනක, වසර 7 ක පළමු ග්‍රහලෝක මාර්ගය වූයේ සිකුරු වෙත ය. මෙහෙයුම්දී කැසිනි 1998 අප්‍රේල් සහ 1999 ජූනි මාසවලදී සිකුරු ද, 1999 අගෝස්තු මාසයේදී පෘථිවිය ද, 2000 දෙසැම්බර් මාසයේදී බ්‍රහස්පති ද පසු කළා. මෙම එක් එක් "gravity assist" හමුවේ ටොන් හයක් බරැති අභ්‍යවකාශ යානයට සෙනසුරු වෙත ළඟා වීමට අවශ්‍ය ශක්තිය ලබා ගත්තා. > Astronomy Lanka 🇱🇰
❤️ 😮 😍 14

Comments