Astronomy Lanka 🇱🇰

7.4K subscribers

About Astronomy Lanka 🇱🇰

*WELCOME TO OUR ASTRONOMY CHANNEL :)* 💖 *No #01 Astronomy Channel 🇱🇰* *Let's look for things outside our world..🔭* *අභ්‍යාවකාශ විද්‍යාව කියන්නෙ වෙනම පිස්සුවක්...♥️😌🚀* *Road to 8️⃣K*🚀💫 *.................................................................................*

Similar Channels

Swipe to see more

Posts

Astronomy Lanka 🇱🇰
6/16/2025, 3:37:52 PM

විශ්වයේ බලවත්ම කාන්දම් !! අපි හැමෝම වගේ ඉතින් චූටි කාලෙ කාන්දම් එක්ක සෙල්ලම් කරලා තියෙනවනේ. ඒත් ඔයාලා කවදහරි හිතල තියෙනවද මේ විශ්වයේ තියෙන බලවත්ම කාන්දම මොකක්ද කියලා? ඉතින් අද අපි ඒ ගැන කතාකරමු. සූර්‍යයා වගේ 10-15 ගුණයක ස්කන්ධයක් තියෙන තාරකාවක් එයාගේ හරයේ තියෙන න්‍යශ්ටික ඉන්ධන සියල්ල දහනය කරලා ඉවර උනාට පස්සේ, මෙයාගේ හරයේ යකඩ තමයි ඉතිරිවෙන්නේ. යකඩ න්‍යශ්ටික ඉන්ධනයක් විදිහට භාවිත කරන්න බැරි නිසා මේ හරයෙන් ශක්තිය නිදහස් වීම නවතිනවා. ඒ නිසා මේ හරය එයාගෙම ගුරුත්වය යටතේ දැඩි මේ සම්පීඩනයකට ලක්වෙනවා. මේ සම්පීඩනයත් එක්ක තාරකා හරය තුළ උෂ්ණත්වට හා පීඩනය අධික ලෙස ඉහළ යෑමේ ප්‍රතිඵලයක් විදිහට මේ හරයේ තියෙන ඉලෙක්ට්‍රෝන පෝට්‍රෝන එක්ක එකතුවෙලා නියුට්‍රෝන නිපදවනවා. එකදිගටම සම්පීඩනය වෙන හරය, එක මට්ටමකදී මේ නියුට්‍රෝනවලින් යෙදෙන ක්වන්ටම් යාන්ත්‍රික පීඩනයක් මගින් ස්ථායීභාවයට පත්වෙනවා. ඒ කියන්නේ නියුට්‍රෝන මගින් යෙදෙන මේ පීඩනය, හරයේ ස්කන්ධය මගින් යෙදෙන ගුරුත්වජ පීඩනයට විරුද්ධව ක්‍රියාකරනවා. අපි නියුට්‍රෝන මගින් යෙදෙන මේ පීඩනයට කියන්නේ නියුට්‍රෝන පරිහානීය පීඩනය/Neutron degeneracy pressure කියලා. ඉතින් මේ විදිහට වැඩි වශයෙන්ම නියුට්‍රෝනවලින් සමන්විත වෙන, නියුට්‍රෝන පරිහානීය පීඩනය මගින් ස්ථායීභාවය පත්වුනු මේ වස්තුවට අපි කියනවා නියුට්‍රෝන තාරකාවක් කියලා. කොහොමහරි Neutron degeneracy pressure එක යටතේ ස්ථායීභාවයට පත්වුන තාරකා හරය මතට තාරකාවේ පිටත ස්ථර ඇදවැටෙනවා. පොළොවේ වැදුන බෝලයක් නැවත Bounce වෙලා යනවා වගේ මේ පිටත ස්ථර අවට අභ්‍යවකාශයට විසිරිලා ගිහින් අති දැවැන්ත පිපිරුමක් ඇතිකරනවා. අපි මේ පිපිරුමට තමා කියන්නේ සුපර්නෝවා පිපිරුමක් කියලා. හරි. දැන් අපි අපේ කතාවට එමු. මේ නියුට්‍රෝන තාරකා සාපේක්ශව ප්‍රමාණයෙන් ගොඩාක් කුඩා දේවල්. එයාලගේ විශ්කම්භව සාමාන්‍යයෙන් කිලෝමීටර 30 වගේ. ඒත් එයාලගේ ස්කන්ධය සූර්‍යයා වගේ තුන්ගුණයක් විතර වෙනවා. මේ තාරකාවේ ඝනත්වය කොච්චරද කිව්වොත්, මේ නියුට්‍රෝන තාරකාවෙන් එක සීනි කැටයක පරිමාවක් ගත්තොත්, ඒකේ ස්කන්ධය පෘථිවියේ ඉන්න මුළු මනුශ්‍ය ජනගහනයේ ස්කන්ධය තරම් විතර වෙනවා. මේ වගේම, හරයේ ප්‍රමාණය කුඩා වීම නිසා මේ හරයේ චුම්බක ප්‍රවාහයේ ඝණත්වයත් වැඩිවෙනවා. වෙන විදිහකට කිව්වොත් චුම්බක ක්ශෙත්‍රයේ ප්‍රබලත්වය වැඩිවෙනවා. කොහොමහරි ඉතින් මේ තාරකා හරය නියුට්‍රෝන තාරකාව බවට පත්වෙද්දී එයා ප්‍රමාණයෙන් ගොඩාක් කුඩා වෙන නිසා, එයා භ්‍රමණය වෙන වේගය ගොඩාක් වැඩිවෙනවා. නියුට්‍රෝන තාරකා වැඩි වශයෙන් නියුට්‍රෝන වුනාට නියුට්‍රෝන තාරකාවල සුළු වශයෙන් ඉලෙක්ට්‍රෝන පෝට්‍රෝන වගේ ආරෝපිත අංශු පවතිනවා. ඒ විතරක් නෙමේ, මේ නියුට්‍රෝන තාරකාවේ අභ්‍යන්තරයේ සංවහන චලිතය පවතිනවා. (ඒ කියන්නේ නටන උණුවතුර භාජනේක ජලය හැසිරෙනවා වගේ) මේ සංවහන චලිතයේ සහ නියුට්‍රෝන තාරකාවේ අධිවේගී භ්‍රමණයේ බලපෑම යටතේ චලිත වෙන නියුට්‍රෝන තාරකාවේ අභ්‍යන්තරයේ පවතින ආරෝපිත අංශු මගින් අතිප්‍රබල චුම්බක ක්ශේත්‍රයක් නිර්මාණය කරමින් කලින් පැවතුනු චුම්බක ක්ශේත්‍රයත් එක්ක එකතු වෙලා, සමස්ථයක් ලෙස අධිතීව්‍ර චුම්බක ක්ශේත්‍රයක් නිර්මාණය කරනවා. ඒ විතරකුත් නෙමේ, සමහරවිට කාලයත් එක්ක මේ නියුට්‍රෝන තාරකාවේ අභ්‍යන්තරයේ තියෙන නියුට්‍රෝනවලට Superfluid එකක් විදිහට හැසිරෙන්න පුළුවන් වෙනවා. සරලව කිව්වොත් Superfluid එකක් කියන්නේ පදාර්ථයේ තවත් අවස්ථාවක් (මේක ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාත්මක දෙයක්. දැනට අපිට ලොකුවට විස්තර ඕනේ නැහැ). මේ Superfluid එකකට පුළුවන් විද්‍යුත් ධාරාවක් ප්‍රතිරෝධයකින් තොරව රැගෙන යන්න. ඉතින් අපි කතාකරපු ආරෝපිත අංශුත් විද්‍යුත් ධාරාවක් වශයෙන් මේ ප්‍රතිරෝධයකින් තොර නියුට්‍රෝන Superfluid එකේ ගලාගෙන යද්දී, කලින් තිබුනටත් වඩා අපේ චුම්බක ක්ශේත්‍රය ප්‍රබල වෙනවා. ඉතින් මේ නිර්මාණය වුනු චුම්බක ක්ශේත්‍රය කොච්චර ප්‍රබලද කියල කිව්වොත්, ඒකෙ ප්‍රබලත්වය අපේ පෘථිවි චුම්බක ක්ශේත්‍රයේ ප්‍රබලත්වය වගේ ට්‍රිලියන දහස් ගුණයක්/1,000,000,000,000,000 විතර වෙනවා. ඔයා මේ නියුට්‍රෝන තාරකාවට ආසන්නයෙන් හිටියොත් ඔයාගෙ ශරීරය මේ චුම්බක ක්ශේත්‍රය මගින් සම්පූර්ණයෙන් කැඩිලා,ඉරිලා ගිහින් විනාශ වෙලා යනවා. ඉතින් මේ විදිහේ හිතාගන්නවත් බැරි තරම් ප්‍රබල චුම්බක ක්ශේත්‍රයක් තියෙන නියුට්‍රෝන තාරකාවකට අපි කියන්නේ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “Magnetic stars” එහෙමත් නැත්තම් කෙටි කරලා “Magnetars” කියලා. ⚡🧲ඉතින් Magnetars තමයි මේ විශ්වයේ තියෙන බලවත්ම කාන්දම් ⚡🧲 copied:-(AstronerdZ) > Astronomy Lanka 🇱🇰

Post image
😮 ❤️ 💀 🧠 👍 💠 😵‍💫 🤔 39
Image
Astronomy Lanka 🇱🇰
6/14/2025, 2:18:54 AM

*ඔබ දන්නවාද?* *සූර්යයා පෘථිවියේ සිට බලන විට කහ පැහැයෙන් දිස් වුවද, අභ්‍යවකාශයේ සිට බලන විට එය ඇත්ත වශයෙන්ම සුදු පැහැයක් ගන්නා බව.* *හිරු එළියේ දෘශ්‍ය ආලෝකයේ සියලුම වර්ණ අඩංගු වන අතර * රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ සහ වයලට් යන වර්ණයන් මිශ්‍ර වී සුදු ආලෝකය සාදයි.* *සූර්යාලෝකය පෘථිවි වායුගෝලය හරහා ගමන් කරන විට, කෙටි නිල් සහ වයලට් තරංග ආයාමයන් රේලී විසිරීම ලෙස හැඳින්වෙන සංසිද්ධිය නිසා වැඩිපුර විසිරී යයි.* *මෙය රතු සහ කහ ආලෝකය වැඩි කරන අතර, බිම සිට බලන විට අපගේ ඇස්වලට සූර්යයා කහ පැහැයෙන් දිස් වේ.ඇත්තෙන්ම සූර්යයා ශ්වේත වර්ණ වන අතර පෘථිවි වායුගෝලය හේතුවෙන් එය කහ පැහැයෙන් දිස් වේ.* *Copy ;;;* *Admin Ash* > Astronomy Lanka 🇱🇰

Post image
❤️ 😮 🧠 👍 😂 😢 🧍‍♂️ 33
Image
Astronomy Lanka 🇱🇰
6/14/2025, 2:14:41 AM

අදින් වසර බිලියන 3 කට පමණ පසු රාත්‍රී අහසේ මේ වගේ දර්ශනයක් දැක්ගන්න පුලුවන්. මේ තියෙන්නේ අපේ අසල්වැසි ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය. වර්තමානයේ නම් ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය අහසේ පේන්නේ අපිට හරිම පොඩියට. පෘථිවියේ ඉඳලා පියවි ඇසින් බලන්න පුලුවන් උනත්, ආලෝක වර්ෂ මිලියන 2.5ක විතර විශාල දුරකින් මෙය පිහිටා තිබෙන නිසා තමයි අපිට ඉතා කුඩාවට මේ මන්දාකිණිය පේන්නෙ. කාලයකට කලින් මිනිස්සු හිතාගෙන හිටියේ ඒක අහසේ තියෙන තවත් එක් තාරකාවක් කියලා. හැබැයි කාලයත් එක්ක දියුණු දුරේක්ෂ බිහි වීම නිසා ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය අනාවරණය කරගන්න අපට පුලුවන් උනා. ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණි, අපේ ක්ෂීරපථ මන්දාකිණිය දෙසට ලං වෙමින් තියෙන්නෙ. ඒ තත්පරයට කිලෝමීටර් 110ක විතර වේගයකින්. මේ නිසා දුර අනාගතයේදී මේ මන්දාකිණි දෙක ගැටීමකට ලක් වෙලා මිල්ක්ඩ්‍රොමීඩා නම් අලුත් මන්දාකිණියක් බිහි වේ යැයි අනුමාන කරනවා. ඒ අදින් වසර බිලියන 4.5කින් විතර. මේ නිසා තවත් වසර බිලියන 3කට විතර පස්සෙ අපිට අහසේ මේ වගේ මනස්කාන්ත දර්ශනයක් බලාගන්න පුලුවන් වෙයි. *Credits ÷ Janith Tharaka Jayasinghe* *Admin Ash* > Astronomy Lanka 🇱🇰

Post image
❤️ 😮 🥲 🧠 😂 😍 🥰 27
Image
Astronomy Lanka 🇱🇰
6/13/2025, 6:50:36 PM

"විශ්වය ප්‍රසාරණය වෙන්නේ කොහාටද?" කියන එක බොහෝ දෙනෙකුට ඇතිවන ගැටළුවක්.. අපි පොදුවේ හිතන්නේ විශ්වය කියන්නේ යම්කිසි සීමාවක් තියෙන "දෙයක්" ඇතුළේ ප්‍රසාරණය වෙනවා කියලයි. හැබැයි, විද්‍යාවට අනුව විශ්වය කියන්නේ හිස් අවකාශයක් ඇතුළේ ප්‍රසාරණය වෙන දෙයක් නෙවෙයි. විශ්වය කියන්නේ අවකාශයම (Space itself) ප්‍රසාරණය වීමයි. "තෙරුනා මදි වගේද ?" සරලව කිව්වොත්, විශ්වය කියන්නේ "කොහේටවත්" ප්‍රසාරණය වෙන්නේ නැහැ. එය තමන් තුළම ප්‍රසාරණය වෙනවා. ඒක මෙහෙම හිතන්න.. ඔබ රබර් බැලුනයක් උඩ තිත් කිහිපයක් අඳින්න. දැන් ඔබ බැලුනය පිම්බුවොත්, ඒ තිත් එකිනෙකින් ඈතට යනවා. ඒත්, ඒ තිත් "කොහාටද" ප්‍රසාරණය වෙන්නේ? බැලුමේ මතුපිටම තමයි ප්‍රසාරණය වෙන්නේ. බැලුනයෙන් පිටතට ප්‍රසාරණය වෙන්නේ නැහැ. අපේ විශ්වයත් මේ වගේම, තිත් (ග්‍රහලෝක, මන්දාකිණි) එකිනෙකින් ඈතට යනවා, ඒත් ඒ අවකාශයම තමයි ප්‍රසාරණය වෙන්නේ. පාන් ගෙඩියක් හදනකොට, ඇතුළට මුද්දරප්පලම් දාලා, ඒක පුප්පනකොට මුද්දරප්පලම් ටික එකිනෙකින් ඈතට යනවා. ඒත් පාන් ගෙඩිය "කොහාටවත්" ප්‍රසාරණය වෙන්නේ නැහැ. එය තමන් තුළම විශාල වෙනවා. ඉතින්, විද්‍යාඥයන්ට අනුව, විශ්වය ප්‍රසාරණය වෙන්නේ "කොහාටද" කියන ප්‍රශ්නයට උත්තරය වෙන්නේ "විශ්වය තමන් තුළම ප්‍රසාරණය වන නිසා, එය කිසිම 'පිටත' අවකාශයකට ප්‍රසාරණය වන්නේ නැත!" කියන එකයි. මෙය අපේ සාමාන්‍ය බුද්ධියට එකවරම නොවැටහෙන ටිකක් පුළුල් සංකල්පයක් වුණත්, විශ්වයේ හැසිරීම පැහැදිලි කරන්න මේ අදහස ඉතා වැදගත් වෙනවා.. copied > Astronomy Lanka 🇱🇰

Post image
😮 ❤️ 👍 😂 🧠 😦 29
Image
Astronomy Lanka 🇱🇰
6/12/2025, 4:20:57 PM

විද්‍යාඥයින්ගේ නවතම භෞතික විද්‍යාත්මක ගණනය කිරීම්වලට අනුව අපේ විශ්වයේ අවසානය අපි කලින් හිතුවාට වඩා ගොඩක් ආසන්නයි. අපේ විශ්වයේ තියෙන සියලු තාරකා මියගියාට පස්සේ, ආලෝකය හා විකිරණ මුදාහරින වස්තූන් විදිහට ඉතිරිවෙන්නේ ඒ මියගිය තාරකාවලින් ඇතිවුනු නශ්ටාවශේෂ වන නියුට්‍රෝන තාරකා සහ සුදු වාමන තාරකා. මේ වස්තූන්ගෙත් ශක්තිය හීන වෙලා,එයාලත් සම්පූර්ණයෙන් ක්ෂරණය වෙලා ගියාට පස්සේ ඉතින් අපේ විශ්වය සම්පූර්ණයෙන් අඳුරු වෙනවා. ඉතින් අපි කලින් හිතන් හිටියේ මේ දේ වෙන්න අවුරුදු 10^1100 විතර ගතවෙනවා කියලා. (මේ සංඛ්‍යාව කොච්චර විශාලද කියලා දැනගන්න ඕනෙනම්… ඒක පිටුපසින් බිංදු 1100 දාන්න) ඒත් ක්වන්ටම් භෞතික විද්‍යාව සහ සාධාරණ සාපේක්ශතාවාදය අදාළ කරගෙන සිදුකරපු නවතම සෛද්ධාන්තික ගණනය කිරීම් තුළින් අලුත් යමක් කියැවෙනවා. අපි දන්නවනේ ඉතින් කාලය ගතවීමත් එක්ක කලු කුහර හෝකින් විකිරණ මගින් ක්ෂරණය වෙලා යනවා කියලා. හෝකින් විකිරණ මගින් කලු කුහරයේ අන්තර්ගත ශක්තිය හානි වෙනවා. ඒ අනුව කලු කුහර මියයනවා. කලු කුහරවල විනාශ වීමට බලපාන හෝකින් විකිරණ ක්‍රියාවලිය, කලු කුහර වලට විතරක් නෙමේ, ගුරුත්වාකර්ෂණය තියෙන ඕනම වස්තුවකට අදාළ වෙනවා කියන එකයි මෙතනදී කියැවෙන්නේ. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය තියෙන ඕනම වස්තුවක් හෝකින් විකිරණ මගින් ක්ෂරණය වෙනවා. ඒ අනුව නියුට්‍රෝන තාරකා, සුදු වාමන තාරකා වගේ දේවලුත් අවුරුදු 10^78 විතර, “සාපේක්ශව” ඉතා අඩු කාලයකින් ක්ෂරණය වෙනවා. credit:-(AstronerdZ) > Astronomy Lanka 🇱🇰

Post image
😮 😢 ❤️ 👍 😦 🧠 💀 44
Image
Astronomy Lanka 🇱🇰
5/14/2025, 5:20:11 AM

ගගනගාමීන් විශ්‍රාම යන්නේ කුමන වයසේදීද? 🧐🧐 සෑම ගගනගාමියෙකුම විශ්‍රාම යන්නේ ඔවුන්ගේ සෞඛ්‍යය තත්වයන් විසින් තවදුරටත් පියාසර කිරීමට ඉඩ නොදෙන විට හෝ පෞද්ගලික හේතූන් මත ය. මේ දක්වා ඉහළ වයස් සීමාවක් නියම කර නැත, ඒ සියල්ල තනි ගගනගාමියා මත රඳා පවතී. වසර විසිතුනකට පෙර, 77 හැවිරිදි ඇමරිකානු ජෝන් ග්ලෙන් වයස අභ්‍යවකාශ ගමනට බාධාවක් නොවන බව සාධනය කර පෙන්වූවා. 1962 සිට ග්ලෙන්, අභ්‍යවකාශ ෂටලයට මුලින්ම ගොඩ වූ විට, ඔහු නැවත අභ්‍යාවකාශගත වීමට සිහින මැව් බව සඳහන්. 1998 ඔක්තෝබර් 29 වන දින, ඔහු අවසානයේ ඔහුගේ සිහිනය සැබෑ කර ගත්තා. මොහුගේ පළමු සහ අවසාන ගුවන් ගමන අතර පරතරය අවුරුදු 36 ක් ලෙස සඳහන් වනවා. *Admin Ash* > Astronomy Lanka 🇱🇰

Post image
❤️ 😮 👍 💀 16
Image
Astronomy Lanka 🇱🇰
5/14/2025, 5:20:52 AM

තාරකා විද්‍යාඥයින් පසුගිය වසර 20 තුළ බ්‍රහස්පති මත ඇති බලවත්ම ඝට්ඨනය දුටුවේ 2021 ඔක්තෝම්බර් මාසයේදී මීටර් 15 සිට 31 දක්වා විෂ්කම්භයක් සහිත වස්තුවක් බ්‍රහස්පති මතට වැටීමෙන් ඇතිවූ පිපිරුම සමගය. මෙම සිදුවීම තත්පර පහහමාරක් පැවති අතර, මුදා හරින ලද ශක්තිය TNT සමාන මෙගාටොන් දෙකකට සමාන වූ බව සඳහන්. කියෝතෝ විශ්ව විද්‍යාලයේ කෝ අරිමාට්සුගේ නායකත්වයෙන් යුත් තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් බ්‍රහස්පති මත මෙම නව පිපිරුම නිරීක්ෂණය කල බව වාර්තා කර තිබුණා. 2021 ඔක්තෝබර් 15 වන දින පස්වරුවේ මෙම සිදුවීම, භූමි පාදක (ground base) සෙන්ටිමීටර 27 ක දුරේක්ෂයක් වන PONCOTS භාවිතයෙන් පටිගත කරන ලද අතර එය දෘශ්‍ය හා ආසන්න අධෝරක්ත පරාසයන්හි නිරීක්ෂණ සිදු කර තිබුණා. *Admin Ash* > Astronomy Lanka 🇱🇰

Post image
😮 ❤️ 🚬 ⛈️ 🇺🇸 👍 🧠 20
Image
Astronomy Lanka 🇱🇰
5/14/2025, 2:15:42 AM

*සඳෙහි මෙම ස්ථාන වලට මිනිසුන් හෝ යානා ගොඩබා ඇත.* *Ash* > Astronomy Lanka 🇱🇰

Post image
❤️ 😮 👍 🧐 18
Image
Astronomy Lanka 🇱🇰
5/14/2025, 3:25:21 PM

*"Billions of objects zooming around our Sun"* *අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුළ*, - ග්‍රහයන් (Planets), - වාමන ග්‍රහයන් (Dwarf Planets), - ග්‍රහලෝකවල චන්ද්‍රයන් (Moons), - ග්‍රහක (Asteroids), - උල්කාපාත (Comets), - වියළි භූ අංශු (Space Debris) *ඇතුලු බිලියන ගණනක් වූ වස්තූන් සූර්යාගේ දැඩි ගුරුත්වාකර්ෂණය හේතුවෙන් එය වටා කක්ෂ ගත වී ඇත 😌* ᴬᴰᴹᴵᴺ 𝙓 > Astronomy Lanka 🇱🇰

❤️ 😮 ❤‍🔥 👍 🕋 17
Video
Astronomy Lanka 🇱🇰
5/13/2025, 3:24:45 AM

Voyager 1 සහ 2 යන අභ්‍යවකාශ යානා අද වන විට තිබෙන්නේ පෘථිවියේ සිට කෙතරම් දුරකින් දැයි දන්නවාද? 1977දී NASA ආයතනය දියත් කෙරූ Voyager 1 යානය තවමත් අභ්‍යවකාශය නිරීක්ෂණය කරමින් අපට තොරතුර ලබා දෙනවා. බ්‍රහස්පතිගේ ප්‍රථම සවිස්තරාත්මක ඡායාරූපය, සෙනසුරුගේ වළලු වල සහ චන්ද්‍රයන්ගේ විස්තර සහිත ඡායාරූප ආදී විශාල සොයා ගැනීම් ප්‍රමාණයක් මෙමගින් සිදු කර ගැනීමට හැකි වූවා. Voyager 1 මේ වන විට පවතින්නේ පෘථිවියේ සිට කිලෝමීටර් බිලියන 25ක් පමණ ඈතින්. මේ නිසා එය මිනිසා විසින් නිපදවූ, දැනට පෘථිවියෙන් ඈතින්ම පිටිහි වස්තුව වනවා. එමගින් ලබා දෙන දත්ත සහිත සංඥා පෘථිවිය වෙත ලඟා වීමට පැය 23ක් පමණ ගත වෙනවා. Voyager 2 අභ්‍යවකාශ යානයද 1977දී NASA ආයතනය මගින් දියත් කලේ Voyager ව්‍යාපෘතියේ දෙවන අදියර වශයෙන් Voyager 1 දියත් කර සති කිහිපයකට පසුව. මෙය interstellar space එකට ඇතුල් වූ දෙවන යානාවයි. මෙමගින් බලාපොරොත්තු වූයේ යුරේනස් සහ නෙප්චූන් ග්‍රහලෝක ද්විත්වය සහ ඒවායේ චන්ද්‍රයන් ගැන නිරීක්ෂණය කිරීමයි. Voyager 2 යානය මේ වන විට පෘථිවියේ සිට කිලෝමීටර් බිලියන 21ක් පමණ දුරින් පවතිනවා. එමගින් ලබා දෙන සංඥා පෘථිවිය කරා ලඟා වීමට පැය 19ක් පමණ ගත වනවා. මිනිසා විසින් ඉතා කෙටි කලක් තුළ අභ්‍යවකාශ තරණයේ ලබා ගත් ජයග්‍රහණ අසීමිතයි. හිතලා බලන්න, කාලයක් ගල් ගුහා වලට වෙලා විලෝපිකයන්ගෙන් ආරක්ෂා වෙමින් ජීවත් උන මිනිසා අද වෙද්දි අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඈතට යානා යවලත් ඉවරයි. කොයි තරම් දුරක් අපි ඇවිල්ලද. කොයි තරම් දේවල් achieve කරලද. තව අවුරුදු 1000ක් විතර මිනිස් ශිෂ්ඨාචාරය පැවතුනොත් අපි මොන තරම් දේවල් සොයා ගනියිද 😮 *Admin ash* > Astronomy Lanka 🇱🇰

Post image
❤️ 😮 👍 😳 😂 😅 😍 🧐 35
Image
Link copied to clipboard!