Astronomy Lanka 🇱🇰
February 8, 2025 at 03:54 AM
NGC 6872 මෙතරම් දිගු වන්නේ කුමක් නිසාද? 😱😱☹ ඉහළ සිට පහළට ආලෝක වර්ෂ 700,000 කට වඩා දිගැති, NGC 6872 යනු දන්නා විශාලතම බාධක සර්පිලාකාර මන්දාකිණි වලින් එකක්. මන්දාකිනියේ දිගටි හැඩයට මධ්‍යයට මදක් ඉහළින් පෙනෙන කුඩා මන්දාකිණි IC 4970 සමඟ අඛණ්ඩව ගැටීමක් වැනි යම් සම්බන්ධයක් තිබිය හැකිය. විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණ නම්, ඉහළ වම්පස ඇති NGC 6872 හි සර්පිලාකාර මණ්දාකිණි භාහුව, ඉහත ඡායාරූපයේ පරිදි, අසාමාන්‍ය ලෙස ඉහළ නිල් පැහැති තරු සාදන කලාප ප්‍රදර්ශනය කිරීමයි. අද අපි මෙළෙස දකින ආලෝකය, ඩයිනෝසෝරයන්ගේ කාලයට පෙර, එනම් වසර මිලියන 300 කට පමණ පෙර මෙම ගැටෙන සර්පිලාකාර මණ්දාකිණි වලින් පැමිණි ආලෝකයන් ය. NGC 6872 පාවෝ තාරකා මණ්ඩලයේ කුඩා දුරේක්ෂයකින් පවා දැක ගැනීමට හැකියාව තිබෙනවා. > Astronomy Lanka 🇱🇰
❤️ 😮 5

Comments