LIFE MOTIVATION 🤍🌻🧿🧚♂️
February 14, 2025 at 11:05 AM
*Study Tips* 🤍📚
*Exam එක ළගටම එනකන් ඉන්නේ නැතුව ඔයත් දැන්ම ready වෙන්න...* 🤗💗📚
*මෙන්න Tips ටික...* 📋♥️👇🏻
1️⃣ *`Exam එකට තියෙන දවස් ගණනට Plan එකක්...`🗂️*
*මුලින් ම ඔයාගේ exam එකට තව කොච්චර දින ගණනක් තියෙනවද බලන්න. ඒ දවස් ගානට ඔයාට කරන්න තියෙන වැඩ ටික වෙනම කොලේක ලියාගන්න. ඒකට අනුව ඔයාට පුලුවන් Daily plan හදන්න.* 📆
*2️⃣ `කොහොමද Daily plan එක හදන්නේ...`🗂️*
*ඔයා කලින් දවසේ රෑ හරි නැත්තන් අද දවසේ උදේ හරි මේක කරන්න ඕනේ. කොළයක් අරගෙන ඔයා අද දවසේ මොනාද කරන්නේ කියලා ලියාගන්න point විදියට. ඊටපස්සේ ඒ එකින් එක කරලා ඒ point එකට හරියක් දාන්න ✅. කෝමහරි ඔයාගේ daily plan එක ඉවර කරන්න. ඊලග දවසටත් ආයේත් ඒකම කරන්න. දන්නෙම නැතුව ඔයාගේ වැඩ පිළිවෙලට ඉවර කරගන්න පුලුවන් වෙයි.*
*3️⃣ `Phone එක අයින් කරන්න...` 😒📱*
*පාඩම් කරන වෙලාවට whatsapp, Facebook යන්න තියාගන්න එපා. ඔයාටත් නොදැනිම ඔයා ගොඩක් වෙලා ඒවායේ ඉන්න පුලුවන් 😮💨. ඒ නිසා ඔයාගේ වැඩ වලට අවශ්‍ය pdf කලින්ම download කරලා තියාගන්න.*
*4️⃣ `Recordings...`* 😫
*Online clz කරන ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක් මේ 🫠 Recording ගොඩ ගැහිලා නම් ඒවා fast forward ( speed වැඩි කරලා) ඉක්මනට බලලා ඉවර කරගන්න.*
*5️⃣ `Films, Dramas එපා...`✋🏻📺*
*මේ දේවල් ගැන නම් හිතන්නවත් එපා. ඔයාගේ කාලය නිකරුනේ නාස්ති වෙන එකයි වෙන්නේ මේකෙන්. Control එකක් තියෙනවා නම් කන වෙලාවට එක episode එකක් විතරක් බලන්න.*
*6️⃣ `වැඩිය නිදාගන්න එපා...`🙂*
*සාමාන්‍යයෙන් පැය 6ක් වගේ නිදාගන්න ඕනේ. නින්දත් ගොඩක් වැදගත් අපිට. හැබැයි exam එකක් කට උඩ තියාගෙන අපේ වැඩ ටික හරියට කරගන්න නම් නින්ද පැය 4 කට වගේ සීමා කරන්න වෙනවා. exam එක ඉවර වුණාම ඕන තරම් නිදාගන්න පුලුවන් නේ. ඒ නිසා ඔයාගේ නින්ද කැප කරලා වැඩ ටික කරගන්න.*
*7️⃣ `අමතර වැඩ දාගන්න එපා...` ✋🏻*
*පාඩම් කරන වෙලාවට වෙන වෙන වැඩ කරන්න යන්න එපා. මහන්සියක් දැනුනොත් ගේ වටේ වටයක් ඇවිදලා ඇවිත් ආයෙත් පාඩම් කරන්න පටන් ගන්න.*
*8️⃣ `හොදට වතුර බොන්න...`*
*පාඩම් කරන වෙලාවට වතුර බෝතලයක් ළග තියාගන්න. එතකොට නිතරම ඔයාට යන්න ඕන වෙන්නේ නෑ. නිතරම වතුර බොන්න. එතකොට ඔයාට එන නිදිමතත් මගහැරිලා යනවා. නිතරම fresh එකේ ඉන්න පුලුවන්.*
*9️⃣ `ඔයාගේ හීන පේන්න තියන්න...`* 👩🏻🎓🧑🏻🎓🚗🏍️🏡
*ඔයාගේ ලස්සන හීන පේන තැනක තියාගන්න. පාඩම් වැඩ කරලා මහන්සියක් දැනුනම ඒ දේවල් බලන්න... හිතින් සිහි කරලා බලන්න, ඔයා අනාගතේ ඒ දේවල් ඔයාගේ කරගන්න හැටි. ඔයාට තවත් ටික වෙලාවක් වැඩ කරන්න ඒ දේවල් ශක්තියක් වෙයි.*
🔴 _*හැමදාම රෑට ඔයා exam ඉවර වෙලා ජොලියේ ඉන්න හැටි මතක් කරන්න... 🙃 සතුටින් නිදාගන්න... උදේට කම්මැලි නැතුව ඇහැරෙන්න... මහන්සි වෙලා වැඩ කරන්න... 🤗❤️*_
*`ඔයාගේ හීන හැබෑ කරගන්න ඕනේ ඔයා...` 🫵🏻😊♥️*
> වැදගත් වුණා නම් React එකක් දාන්න අමතක කරන්න එපා...❤️😇
> *#𝐋𝐢𝐟𝐞 𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧 ❀✦•*
😊🤍🌻☘️✊🏻
❤️
👍
♥️
💓
🥰
☺️
😂
🤗
🥹
🫶
135