LORA_🕊️ᥫ᭡፝֟፝֟
January 28, 2025 at 11:39 PM
මිනිස්සු අපිට සලකන විදිය ඇතුළෙ හැමවෙලේම ලොකු පණිවිඩයක් තියෙනවා..!
පුලුවන් නම්, අපි අවට ඉන්න මිනිස්සු අපි එක්ක ගනුදෙනු කරන විදිය දිහා, අපිට සලකන විදිය දිහා නිදහසේ හොඳට බලන් ඉන්න. එයාලා අපි වෙනුවෙන් වෙන් කරන කාලය ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද ඒ දේවල් ඇතුළෙන් අපිට එයාලගෙන් ලොකු පණිවිඩයක් හම්බ වෙනවා.
අපි එයාලට කොච්චර වැදගත් ද , ඒ වගෙම අපි එයාලට කොච්චර කරදරයක් ද කියලා ඒ මිනිස්සු අපිට සලකන විදියෙන් තේරෙනවා. අපි වෙනුවෙන් කාලය වෙන් කරන හැටියෙන් ඒක පේනවා.
ඒ නිසා හැමවෙලේම එයාලා දෙන ඒ පණිවිඩේ හරි විදියට අඳුරගන්න. මොකද, සමහර මිනිස්සුන්ට අපි කොච්චර කැමති වුණත්, එයාලට අපි කරදරයක් නම්, ඒක කිසි වටිනාකමක් නැති බැඳීමක් බවට පත් වෙන්න පුලුවන් හින්දා..! 💜
✍️ Purple Vibes by Mekala - මේකලා දහනායක
Copied