LORA_🕊️ᥫ᭡፝֟፝֟
4.3K subscribers
Similar Channels
Swipe to see more
Posts
අර්න්සට් හෙමිංග්වේ එක වතාවක් මෙහෙම කියනවා අපේ ජීවිතේ අඳුරුම මොහොතවල්වලදි අපිට ඕනේ විසඳුම් හෝ උපදෙස් නෙමෙයි. අපි ඒ වෙලාවට හොයන්නෙ අපේ ළඟ ඉන්න සූදානම් මනුස්සයෙක්ව. නිහඬව අපේ ළඟ ඉන්න, මෘදු විදිහට අපිව අල්ලගෙන ඉන්න කාව හරි කෙනෙක්වයි අපි හොයන්නෙ. විශේෂයෙන්ම ජීවිතේ අපිට දරාගන්න බැරි තරම් අපහසු එකක් කියලා හිතෙන දවස්වලට මේ කුඩා ස්පර්ශයන්වලට පුළුවන් අපිව ඉතාම තිර විදිහට අල්ලගෙන ඉන්න. " ඒ නිසා කරුණාකරලා මාව 'හරි ගස්සන්න' උත්සහ කරන්න එපා. ඔයා මගේ වේදනාව ඔයාගෙ කරපිටට ගන්න ඕනේ නෑ. මගේ අඳුරු හෙවණැලි එක්ක ඔයා ගැටෙන්න ඕනේ නෑ. මම මගේ අභ්‍යන්තරික බරපතල කුණාටු හරහා ගමන් කරනකන් මගේ ළඟින් ඉඳගෙන ඉන්න. මට ඒ ඇති හොඳටම. මම ආයේ මගේ පාර හොයාගෙන ඇවිදන් එද්දි මට එන්න උදව්වෙන්න මාව අල්ලගන්න එක අතක් ඕනේ. පුළුවන්නම් ඒ කෙනා වෙන්න මට. මට ගෙදර එනකන් අල්ලන් ඉන්න ඕන කරන අත වෙන්න. මගේ වේදනාව මම අරගෙන යන්නම්. මගේ සටන්වලට මම මුහුණදෙන්නම්. ඒත් ඔයා මගේ ළඟ ඉන්න එක මට මතක් කරාවි මේ ගමනෙදි මම තනි නැහැ කියලා. මේ බය හිතෙන ලෝකේ ඇතුළෙ මම තනිවෙලා නැති බවත්, මම කුඩුපට්ටම් වෙලා කියලා හිතෙද්දිත් ආදරේ ලබන්න තරම් මම වටින කෙනෙක් බව ඔයාගෙ පැවැත්ම මට මතක් කරාවි. මට පාර වැරදුණාම, ඔයාට පුළුවන් වෙයිද මං වෙනුවෙන් මෙතන ඉන්න? මාව බේරගන්න කෙනා හැටියට නෙමෙයි මගේ ගමන් සඟයා හැටියට? ඉතාම ඝනදුරු රැයකට පස්සෙත් උදා ආලෝකය දර්ශනය වෙනවා කියන ඇත්ත මට මතක් කරමින් මගේ අත අල්ලගෙන, මට අමතක වෙලා ගිය ශක්තිය මතක් කරමින් මගේ ළඟ ඉන්න පුළුවන්ද? ඔයාගෙ නිහඬ සහයෝගය තමා ඔයා මට දෙන විශාලම තෑග්ග. මට මාව අමතක වෙන වෙලාවටත් ඔයාගෙ ආදරේ මට මතක් කරාවි මම කවුද කියලා. ඒක ඒ වගේ ආදරයක්. ඉතින් ඔයා මගේ ළඟ ඉන්නවද?" ♥️✨ අනුවර්තනය: ෂෙනූ පෙරේරා Art: Manka Kasha _______________________________ Follow us 👇 https://whatsapp.com/channel/0029VamVfngKwqSQbNYV6T3q

අවුල් සහගතයි , විෂ සහිතයි කියලා හොඳටම දන්න රිලේෂන්ශිප් එකක දිගටම ඉන්න හිතෙන්නෙ ඇයි? බලන්න ඔයාට මේ ලක්ෂණ තියෙනවද කියලා * ඔයා එක්ක දිගටම ඉඳීවි කියලා විශ්වාස කරන්න අමාරු/ කොයි වෙලේ හරි ඔයාව අත් හරින්න නියමිත බව දන්න අයටම ආකර්ශනය වෙන පුරුද්දක් ඔයාට තියෙනවද? * ඔයාට අවශ්‍ය දේවල් ඒ කියන්නෙ ස්ථිරසාර ආදරය, අවධානය, ඔයාව කෙයා කිරීම වගේ දේවල් ලබා නොදෙන අයටම ආකර්ෂණය වෙන පුරුද්දක් ඔයාට තියෙනවද? * මොකක් හරි අවුලක් තියෙනවා කියලා, ඒත් ඒ මොකද්ද කියලා හරියටම තේරුම් ගන්න බැරි අපහැදිලි තැන් වල රැඳිලා ඉන්න පුරුද්දක් ඔයාට තියෙනවද? * ඔයා ඔයාගෙ සම්බන්ධතාවය ඇතුළෙ තියෙන අසතුට ගැන, ප්‍රශ්න ගැන, නොසළකාහැරීම් ගැන ඔයා ඔයාගෙ යාලුවො එක්ක චෝදනාත්මක ස්වරූපයෙන් කතා කරමින් . නමුත් ඔයා දිගින් දිගටම ඒ සම්බන්ධයටම ආශක්තව ඉන්නවද? සමහර විට මේක ඔබේ කුඩා කාලයේ සිට පැවතුන පුරුද්දක ප්‍රතිඵලයක් විදියට වර්තමානයේ ඉබේම සිද්ධවෙන දෙයක් වෙන්නත් පුලුවන්. කුඩා අවධියේදි දරුවෙක් විදියට ඔයාට උවමනා වුණ ආදරය, කරුණාව, රැකවරණය නිසි අයුරෙන් ලැබිලා නැත්තම්, ප්‍රමාණවත් නැති තරම් අවමයකින් සෑහීමකට පත් වෙන්න ඔයාට සිද්ධ වුණා නම් ඒකෙ ප්‍රථිඵලයක් විදියට ඔයා වැඩිහිටියෙක් බවට පත් වුණාට පස්සෙත්; ඔයාගෙ චිත්තවේගීය අවශ්‍යතා සම්පූර්ණ කරන්න බැරි, සෞඛ්‍ය සම්පන්න බැඳීමක් නිර්මාණය කරගන්න නොදන්න, අන්‍යෝන්‍ය වශයෙන් තෘප්තිමත් වෙන්න බැරි විදියෙ බැඳීම් වලටම , ඒ බව දැන දැනම ආකර්ශණය වෙන්න පුලුවන්. කුඩා අවධියෙදි කරලා තියෙන විදියටම ඔයා ලැබෙන දෙයින් සතුටු වෙන්නත්, සියලු අකටයුතුකම් සාධාරණීකරණය කරමින් ලැබෙන කුඩාම දෙයක් දිහා සතුටින් සහ කෘතඥතාවයෙන් බලන්නත්, වැඩි වැඩියෙන් ඉවසන්න සහ දරාගෙන ඉන්නත් උත්සහ කරනවා. ඒකට හේතුව තමයි ඔයාගෙ කුඩා අවධියෙදි අහන්න සිදු වුණ මෙන්න මේ වගේ වාක්‍ය ඔයාගෙ මනසේ තැම්පත් වෙලා තියෙන එක. * ලැබෙන දෙයින් සතුටු වෙන්න ඕනෙ. අනික් අයට මෙහෙම වත් දේවල් නෑ. * ඔයා හැම වෙලේම හිතන්නෙ ඔයා ගැන. * ඔයා ඇයි ඔච්චර අවධානෙ බලාපොරොත්තු වෙන්නෙ? ඒක ඕනවට වඩා වැඩියි. * ඔයාගෙ විකාර වැඩ වලට වඩා ගොඩක් වැදගත් දේවල් මට කරන්න තියෙනවා. * ඔයාගෙ බලාපොරොත්තු යථාර්ථවාදී නැති ඒවා. මේ ලෝකෙ නැති හීන ඔයාට තියෙන්නෙ. * පුලුවන් තරමට තමයි අපි ඔයාව බලාගන්නෙ. අපේ වැරදො හොයන එකෙන් පේන්නෙ ඔයාගෙ කළගුණ නොදත්කම. * කියවගෙන ආවොත් ඔච්චර වත් කරන්නෑ කුඩා දරුවෙක්ට දිගින් දිගටම මෙහෙම කතා අහන්න ලැබුණට පස්සෙ එයා ඒ ගැන තේරුම් ගන්නෙ මෙන්න මේ විදියට. * මම නරකයි, *මගෙ මොකක් හරි අවුලක් තියනවා, *මම මම විදියටම හිටියොත් ඒක අනික් අයට අපහසුවක්, *ඒකෙන් අනික් අයට තරහ යනව, *මගෙ හැඟීම් අවුල් සහගතයි, *මම ඕනවට වඩා දේවල් බලාපොරොත්තු වෙන කෙනෙක්. ඉතින් මේ විදියට හිතන අභ්‍යන්තර දරුවෙක් ඔයා තුළ ඉන්නතාක් , ඔයා ඒ අභ්‍යන්තර දරුවාව සුවපත් නොකරගන්නා තාක්කල් ඔයා චිත්තවේගීයව අසම්පූර්ණ බැඳීම් වලට ආකර්ශනය වෙනවා. අනුවර්තනය; උපේක්ෂා ගලප්පත්ති Heart Of Healing උපුටා ගැනීමකි. _______________________________ Follow us 👇 https://whatsapp.com/channel/0029VamVfngKwqSQbNYV6T3q

මට සල්ලි තියෙනවනං මං ගෙවල් හදන්නෑ. ගෙයක් ගන්නව කුලියට , මූද අයිනෙ ඉන්ඩ හිතුනොත් මූද අයිනෙ ගෙයක්, එහෙම නැත්තන් කන්දක් උඩ, එහෙමත් නැත්තන් ටවුම මැද්දේ , එතකොට ගේ විතරක් නෙමෙයි වටපිටාවත් හැම දා ම අලුත්. තමාගෙම කියන ගෙයක් හැදුවොත් පණ තියෙන කල් ඒක ම බදාගෙන ඉන්ඩ වෙනව. ♥️ මහගමසේකර|මනෝමන්දිර _______________________________ Follow us 👇 https://whatsapp.com/channel/0029VamVfngKwqSQbNYV6T3q

_______________________________ Follow us 👇 https://whatsapp.com/channel/0029VamVfngKwqSQbNYV6T3q

"You decide when it's the end." _______________________________ අපේ චැනල් එකට Follow කරන්න. https://whatsapp.com/channel/0029VamVfngKwqSQbNYV6T3q

40 දී ඔබ මෙය අවබෝධ කර ගැනීමට තරම් බුද්ධිමත් විය යුතුය. 1. යමෙක් 9-5 රැකියාවක දී ඔබට වඩා 10 ගුණයක් වැඩියෙන් උපයන්නේ නැත. ඔවුන්ට ඔවුන්ගේ රැකියාව සමඟ වැඩි “උපුටා ගැනීමක්” ඇති බැවිනි. 2. අවධානය වෙනතකට යොමු කිරීම සාර්ථකත්වයේ විශාලතම ඝාතකයාවේ. එය ඔබේ මොළය ක්ෂය වී විනාශ කරයි. 3. ඔබට ජීවිතයේ සිටීමට අවශ්‍ය තැන නැති අයගෙන් උපදෙස් නොගත යුතුය. 4. ඔබේ ප්‍රශ්න බේරගන්න කවුරුත් එන්නේ නැහැ. ඔබේ ජීවිතය 100% ඔබේ වගකීමයි. 5. ඔබට ස්වයං උපකාරක පොත් 100 ක් අවශ්‍ය නැත, ඔබට අවශ්‍ය වන්නේ ක්‍රියාව සහ ස්වයං විනය පමණි. 6. ඔබ නිශ්චිත කුසලතා (එනම්. වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ) ඉගෙන ගැනීමට විද්‍යාලයට ගියේ නම් මිස විකුණුම් ඉගෙනීමෙන් පමණක් ඉදිරි දින 90 තුළ ඔබට වැඩි මුදලක් උපයා ගත හැකිය. 7. කිසිවෙකු ඔබ ගැන සැලකිල්ලක් නොදක්වයි. එබැවින් ලැජ්ජා වීම නවත්වන්න, පිටතට ගොස් ඔබේ අවස්ථා නිර්මාණය කරන්න. 8. ඔබට වඩා දක්ෂ කෙනෙකු ඔබට හමු වුවහොත්, ඔවුන් සමඟ වැඩ කරන්න, තරඟ නොකරන්න. 9. දුම්පානයෙන් ඔබේ ජීවිතයට කිසිදු ප්‍රයෝජනයක් නැත. මෙම පුරුද්ද ඔබේ සිතීම මන්දගාමී වන අතර ඔබේ සමාධිය අඩු කරයි. 10. සැනසීම යනු මානසික අවපීඩනයට නරකම ඇබ්බැහි වීම සහ ලාභ ප්‍රවේශ පත්‍රයයි. 11. මිනිසුන්ට දැන ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා නොකියන්න, ඔබේ පෞද්ගලිකත්වයට ගරු කරන්න. 12. ඕනෑම වියදමකින් මත්පැන් වළක්වා ගන්න. සිහිය නැති වී මෝඩයෙකු ලෙස හැසිරීම තරම් නරක දෙයක් නැත. 13. ඔබේ ප්‍රමිතීන් ඉහළ මට්ටමක තබා ගන්න, යමක් තිබෙන නිසා ඒ සඳහා නොසැලී සිටින්න. 14. ඔබ උපන් පවුලට වඩා ඔබ නිර්මාණය කරන පවුල වැදගත් වේ. 15. මානසික ගැටලුවලින් 99.99% කින් ඔබව ගලවා ගැනීමට පෞද්ගලිකව කිසිවක් නොගැනීමට ඔබම පුහුණු කරන්න. 16. ඔබ අවධානය වෙනතකට යොමු කිරීමෙන් ඔබව වෙන් නොකරන්නේ නම්, ඔබේ අවධානය වෙනතකට යොමු කිරීම ඔබේ ඉලක්කවලින් ඔබව වෙන් කරයි. Translate by Ruwan Nishshanka _______________________________ Follow us 👇 https://whatsapp.com/channel/0029VamVfngKwqSQbNYV6T3q

You're the peace, i crave in this chaotic world. _______________________________ Follow us 👇 https://whatsapp.com/channel/0029VamVfngKwqSQbNYV6T3q

_______________________________ අපේ චැනල් එකට Follow කරන්න. https://whatsapp.com/channel/0029VamVfngKwqSQbNYV6T3q
