LORA_🕊️ᥫ᭡፝֟፝֟
January 30, 2025 at 10:16 AM
මනෝචිකිත්සක Morgan Pomells කියන්නෙ Trauma Therapist කෙනෙක්. විවිධාකාර වයස් සීමාවන්වල මිනිස්සුන්ගෙ මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටළු විසඳන්න ඇය සම්බන්ධ වෙනවා වෘත්තීයෙන්. ඇය ඇගේ ආචාර්ය උපාධියට අධ්‍යනය කරන්නෙත් චිත්තවේගීය වශයෙන් අපරිණත දෙමාපියො, දරුවොන්ට බලපෑම් කරන්නෙ කොහොමද කියන කාරණය.
ඇය කාලෙකට කළින් අන්තර්ජාලයට එකතු කරපු සටහනක ඇය දෙමාපියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින කාරණා කිහිපයක් ලියලා තිබ්බා. Things I’m begging parents to stop doing as a Trauma therapist කියලා තමයි ඇය ඒ සටහන් හඳුන්වලා තිබ්බේ. Begging කියන්නෙ ආයාචනා කරනවට. ඇය මොනාද ආයාචනා කරලා ඉල්ලන්නෙ?
1. රැකියාව අවසන් කරලා ගෙදර ආපු ගමන් දරුවොන්ට බනින/ කෑ ගහන එක කරුණාකරලා නවත්තන්න
2. ඔයාට මොකකට හරි කේන්ති ගියාම, කළකිරුණම, ඒ ගැන මුළු පවුලටම දඬුවම් දෙන එක නවත්තන්න. මුළු පවුල එක්කම කතා නොකර Silent treatment දෙන එක නවත්තන්න.
3. ඔබේ දරුවන්ව උදෑසන අවදි කරවද්දි කෑ ගහලා, මහ හයියෙන් බෙරිහන් දීලා, විශාල විදිහට සද්ද කරලා ඇහැරවන එක නවත්තන්න
4. එක එක දරුවන්ට එක එක විදිහට සලකන එක නවත්තන්න. විශේෂයෙන්ම පුතාට එක විදිහකට සහ දුවට තව විදිහකට සලකන එක කරන්න එපා
5. දරුවෙක් ඔබට ඔබේ වරදක් ගැන හෝ ඔබේ හැසිරීමක් නිසා ඔවුන්ට රිදුණු බව කිව්වම " ආහ් හරි හරි මම තමා ලෝකේ ඉන්න නරකම අම්මා/ තාත්තා" කියලා කියන එක නවත්තන්න
6. ඔබ අතින් වරදක් වුණාම " මම අම්මනෙ/තාත්තනෙ. මම මොකටද සමාව ගන්නෙ? මම සමාව ගන්න ඕනේ නෑ නේ" කියන එක නවත්තන්න
7. ඔබ upset mood එකක ඉන්න වෙලාවට පවුලෙ හැමෝම ඉතාම බයෙන් සහ කල්පනාවෙන් හැසිරෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන එක ( walk on eggshells) නවත්තන්න
8. ඔබේ සැමියා/බිරිඳ ඔබේ දරුවට හානිදායක යමක් කරන වෙලාවල්වල 'එයාගෙත් දරුවනෙ' කියලා හිතලා දරුවව බේර නොගෙන ඉන්න එක නවත්තන්න
9. ඔබේ සහකරු/සහකාරියගෙන් බලාපොරොත්තු වෙන චිත්තවේගී සහනය ( emotional support), ඔබේ කුඩා දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන එක නවත්තන්න
10. "ලෝකේ කියන්නෙ කොහොමත් සාධාරණ තැනක් නෙමෙයි. ඒ නිසා අසාධාරණකම් ගැන ඕනවට නටන්න එපා. බබෙක් වෙන්න එපා" වැනි දෑ කියමින් ඔවුන්ට අසාධාරණ ලෙස සැලකීම නවත්වන්න. ඔවුන් කිසිදාක ඒ හැසිරීමෙන් යහපත් දෙයක් ඉගෙනගන්නෙ නෑ. ජීවිතකාලයක් පුරා පවතින කම්පනයන් මිසක් වෙන කිසි දෙයක් ඔය හැසිරීම්වලින් දරුවන්ට ලැබෙන්නෙ නැහැ
11. ඔබේ දරුවො කියන්නෙ ඔබේම තව කොටසක් හෝ දිගුවක් හැටියට හිතන එක නවත්තන්න. ඔවුන් තව කෙනෙක්ගෙ කොටසක් හෝ දිගුවක් වෙනවට වඩා විශාල ජීවිතයක් හිමි අය
12. ඔබ ඔවුන්ට ඉන්න තැනක් සහ කන්න බොන්න දීපු නිසා ඔවුන් සඳහටම ඔබට ණය බව හිතන එක නවත්තන්න. ඒ කොටස කරන එක දෙමව්පියන්ගෙ වගකීම සහ යුතුකම
13. ඔබ දරුවට කේන්තිය පෙන්වන ක්‍රමය (පහරදීම, බැණ වැදීම, නොසලකා හැරීම, අපහස කිරීම, පහත්කොට සැලකීම, සංසන්දනය කිරීම) සාධාරණීකරනය කරන්න " කවුරු හරි එයාට උගන්නන්න එපැයි කොහොමත්" වගේ තර්ක ගේන එක නවත්තන්න
14. දරුවව මට්ටු කරන්න ඔබේ සහකරුව/සහකාරියව ආයුධයක් කරගන්න එක නවත්තන්න (උඹ හරියට උඹේ තාත්තා වගේම තමයි)
15. ඔබට උවමනා දේ දරුවා ලවා කරගන්න සහ දරුවව පාලනය කරන්න "ලැජ්ජාව" ආයුධයක් කර ගැනීම නවත්තන්න (ඔහොම හැසිරුණොත් නම් කිසිම කොල්ලෙක් ඔයාට කැමති වෙන්නෙ නෑ ඉතින්.. ඔහොම කොන්ද පණ නැතුව ඉඳලා නම් පිරිමියෙක් වෙන්න බෑ ඉතින්)
16. දරුවන්ව පාලනය කරන්න ඔබ කරපු "පරිත්‍යාග" ආයුධයක් හැටියට පාවිච්චි කරන එක නවත්‍තන්න ( මම මගේ ජීවිතේම උඹ වෙනුවෙන් කැප කරා. දැන් මෙහෙමද උඹ ඒ ණය ගෙවන්නෙ?)
17. දරුවා අඬද්දි " ඕනවට වඩා රඟපාන්නෙපා.. මේ මොන විකාරයක්ද මේ" වැනි කතා කියමින් ඔවුන් පාලනය කිරීම නවත්වන්න
18. පවුලෙ උත්සවවලදි අනිත් අයව හිනස්සවන්න ඔබේ දරුවගෙ පෞද්ගලික කාරණා කියන එක නවත්තන්න
19. පවුලෙ ඕනම අවස්ථාවකදි " ගෑණු ළමයි ටික භාජන හෝදලා ගේ අස් කරලා කරන්න පිරිමි ටික ටීවි එක බලනකන්" වැනි පුරුදු ස්ථාපිත කරන එක නවත්තන්න
20. එක දරුවෙක් එක්ක එකතු වෙලා අනෙක් දරුවව විහිළුවට ගන්න එක නවත්තන්න. ඒ දරුවා වේදනාවට පත් වුණාම " ආපෝ ගණන් ගන්නෙපා, තාත්තයි අයියයි විහිළු කරේ" වගේ කතා කියන එක නවත්තන්න
ඔබ දෙමව්පියෙක් නම්, ඔබේ අතින් මේවා වෙනවද කියලා හිතන්න.
ඔබ මේවට මුහුණ දීපු දරුවෙක් නම්, මේ හැසිරීම් විසින් ඇති කරපු වේදනාවන් ඔබ සඳහටම ඔබ එක්ක අරගෙන යා යුතු නැති බව මතක තියාගන්න!!
Here’s to a healed generation of parents and children ❤️
Shenu Perera
Painting: Alev Neto (Together we bloom)
❤️
2