OL කුප්පිය - රුක්ෂාන් සර්
February 15, 2025 at 12:44 AM
සිංහල සාහිත්‍යය රසාස්වාදය
Lesson 18
*දිසාපති කාමරේදී ය🤍🌻*
✨ප්‍රවේශය:-
මෑත යුගයේ සිංහල කවිය පෝෂණය කළ කිවිඳියක ලෙස මොනිකා රුවන් පතිරණ කිවිඳිය පෙන්වා දිය හැක. සමාජ, ආර්ථික හා දේශපාලන වෙනස්වීම් ඇගේ කාව්‍යයන් සඳහා වස්තු විෂය වී ඇත. "දිසාපති කාමරේදී ය" යන පද්‍ය පන්තිය ද ඇයගේ සමාජ දෘෂ්ටිය හෙළිකරන්නකි. එහි තේමාව වී ඇත්තේ කුඩා කල පටන් එකටම බැඳී සිටි මිතුරන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් අධ්‍යාපනය ලබා ඉහළ තනතුරකට පත් වූ පසුව තම මිතුරා හිතාමතාම අමතක කරන ආකාරයයි.
✨උද්ධෘත:
(චිත්තරූප මැවෙන පරිදි බස හැසිරවීම හා අජීවී වස්තූන්ට සජීවී බවක් ආරෝපණය කිරීම)
⭕"එක් යුගයක ජීවනයේ සරතස නිවු මා සුමිතුර
දුර හිඳිනා ඔබ දකින්න ආයෙමි දිගු කලකට පසු"
⭕"බමන විදුලි පංකාවෙන් වා ගැබ කැළඹෙන හඬ මිස
එ සඳ ඔබේ මුව'ග රැඳුනු සාද තෙපුල් නෑසේ මට"
⭕"මේසය මත ලිපිගොනු රැස සුළඟෙ නොයා දී රකිමින්
ඒ මත හිඳිනා ගල සේ මා අබියස නිහඬය ඔබ"
⭕"බිත්තියෙ ඇති සේයා රූ එකිනෙක එබි එබී බලයි
නැතියෙන් ඔබෙ වත හසරැලි මදෙස බලා සිනා නගයි "
⭕"බාලේ අපි ගම් දොර කෙළි මඬුලු මැදින් ආ ගමනේ
මහදේ ඇඳි ඔබෙ සිතුවම කොහි සැඟවිණි දැයි නොදැනේ "
⭕"එක යුගයක ජීවනයේ සරතස නිවු මා සුමිතුර
ඔබ අසලින් බැහැරට යමි කුමටද ඔබගේ අවසර"
#admin_yasuu✍️🍃