
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
February 17, 2025 at 11:57 AM
✨ *චිත්‍ර කලාව අරුත් පැහැදිලි කිරීම* ✨
01- *පේසා වළලු* :- දාගැබක පාදමට ඉහළින් ඇති වෘත්තාකාර වළලු ත්‍රිත්වය.අතීතයේ දී මෙයට පියවසාව යන්න භාවිතා කර ඇත.
02- *ථූපඝර* :- අව්වැසි ආදියෙන් කුඩා චෛත්‍යය ආරක්ෂා කිරීමට එය වටා ඉදිකරවන ගොඩනැගිල්ල,මෙයටම වටදාගය යන්නද ව්‍යවහාර වේ.
03- *හර්මිකාව* :- ලාංකික දාගැබ් වල ඇති හතරැස් කොටුව වෙනුවට සාංචි ස්ථූපයේ ඇති හතරැස් ගල් ගරාදි වැට.
04- *ගෝපුරම්* :- හින්දු කෝවිලේ පිව්සුම දොරටුව හා සම්බන්ධ ප්‍රධාන ගෘහනිර්මාණ අංගය.
05- *නන්දි වෘෂභ* :- හින්දු ආගමික සංකේතයක් ලෙස සැලකෙන අතර ගවරුව කලාත්මකව යොදා ගෙන ඇත.
06- *ගර්භගෘහය* :- හින්දු කෝවිල තුල ප්‍රතිමා තැන්පත්කර ඇති කුටිය.
07- *කුබ්/කුෆා* :- ඉස්ලාම් පල්ලියේ ප්‍රධාන ගොඩනැගිල්ලේ ඉදිරිපස ඇති,උල් තුඩක් සහිත ගෝලාකාර ශිඛරය මින් හැඳින්වේ.
08- *මිනාර්/ මිනරෙට්* :- මුස්ලිම් පල්ලිය දෙපස ඉදිකර ඇති කුළුණු.
09- *කැලිග්‍රැෆි ( Calligraphy)* :-කුරාණයේ එන ආගමික පාඨ විවිධ හැඩ අනුව කලාත්මකව ලිවීමේ කලාව.
10- *රෝස් වින්ඩෝ Rose Window* :- රෝමානු ක්‍රමයේ දේවස්ථාන වල (බොකුවහල හා රවුම් ආරුක්කු සහිත )
ඉදිරිපස දොරටුවට ඉහලින් ඇති අලංකාර වීදුරු වලින් නිමවූ වෘත්තාකාර
කවුළුවකි.
11- *රංජිත වීදුරු (Stain glass)* :- ගොතික් ක්‍රමයේ දේවස්ථානවල(තුඩු සහිත ආරුක්කු සහ දළ බෑවුම් සහිත වහල) තුඩුසහිත කවුළු වල අලංකාර වීදුරු කැබලි වලින් ක්‍රිස්තු චරිතයේ සිද්ධි හා අවස්ථා නිර්මාණය කර තිබීම.
12- *යටිපෝරුව* :- චිත්‍ර ගුරුතුමා විසින් අධුනිකයා හට චිත්‍ර ඇඳීමට ලබා දෙන පුවරුව.
13- *වකදෙක* :- ආධුනිකයා හට සුභ මොහොතින් යටිපෝරුව මත අඳින්නට දෙන ප්‍රථම මෝස්තර අභ්‍යාසය.
14- *තිරිඟිතලය* :- වකදෙක ඇඳීමෙන් පටන්ගන්නා කලාත්මක අභ්‍යාසකරණයේදී ආධුනිකයාට ලබාදෙන අවසන් සංකීර්ණ අභ්‍යාසය වනඅතර වකදෙකෙහි වර්ධනීයම මෝස්තරය ද මෙයයි.
15- *කාටුන් වැඩසටහන්* :- සරල හා වියුක්ත හැඩතල සහිතව නිර්මාණය කරන ලද රූප පරිගණක තාක්ෂණයෙන් සජීවීකරණයට ලක්කර කරනුලබන නිර්මාණ.
16- *කඩහම්* :-තල්කොළ ඇසුරෙන් නිපදවන විශාල පෙට්ටි.
17- *කුට්ටාන්* :- තල්කොළ ඇසුරෙන් නිපදවන තල්හකුරු බහාලන උපකරණය.
18- *කදීර්පායි* :- ධාන්‍ය වර්ග මෙන්ම වී සහ තම්බාපු වී වේළීම සදහා භාවිතා කරණ තල්කොළ පැදුරු.
19- *පඩුක්කේයි පායි* :- නිදාගැනීමට පාවිච්චි කරන තල්කොළ පැදුරු.
20- *වර්ණ පායි* :-මංගල අවස්ථා වල භාවිත කරන වර්ණවත් තල්කොළ පැදුරු.
21- *සෝට්ටුප්පායි* :- බත්දැමිමට යොදාගන්නා තල්කොළ පැදුරු.
22- *දුම්බර කළාල* :- නියඳ හෝ හණකෙඳි වලින් වියනු ලබන පැදුරු විශේෂයකි.
23- *පන්නම්කළාල* :- දුම්බර කළාල කර්මාන්තයේ දී නිපදවන සාමාන්‍ය පැදුරු.
24- *වැඩකළාල* :- දුම්බර පැදුරු කර්මාන්තයේදී මිශ්‍ර සැරසිලි සහිතව(රත්වත්තේ අලංකාරය,තොරණ් පෙත්ත ආදී සැරසිලි මෝස්තර) නිර්මාණ කළ පැදුරු.
25- *කුරුලු කළාල* :- සත්ත්ව හා පක්ෂී මෝස්තර සහිතව (ඇතා,මුවා,නාග,තාරාවා සහ කුරුල්ලන්) නිපදවන දුම්බර පැදුරු.
26- *ඔන්ඩිප්පායි* :- මඩකළපු පන් පැදුරු වල ජ්‍යාමිතික මොස්තර සහිත පැදුරු.
27- *පුනිප්පායි* :- සමාන්තර රටා සහිත මඩකලපු පන් පැදුරු.
28- *යාගසාලෙයි* :- හින්දු කෝවිලේ පැවැත්වෙන කුම්බාබිෂේකම් ශාන්ති කර්මය සඳහා අඹ ලී වලින් සාදන මඩුව.
29- *තෛමින්තිය* :- හින්දු කෝවිලේ දිනපතා පවත්වන පුජාවන් මෙයින් හැඳින්වේ.
30- *සකපෝරුව* :- සාම්ප්‍රදායික වළං කර්මාන්තයේදී මැටි වළං සෑදීම සඳහා භාවිතා කරනුලබන අතින් කරකවන වෘත්තාකාර පුවරුව.
31- *වළං පත්ත සහ අත් ගල* :- සකපෝරුව මඟින් සාදා ගත් වළං වල අඩිය(පල්ල)සාදාගැනීමට භාවිත කරන උපකරණ.
32- *තළන වැඩ* :- පිත්තල තහඩු උපයෝගී කරගෙන භාණ්ඩ නිපදවීම.
33- *වාත්තු වැඩ* :- පිත්තල උණුකර අච්චුවලට වත්කර භාණ්ඩ නිපදවීම.
34- *පිත්තල තිරුවාසී* :- හින්දු කෝවිල් වල දේව ප්‍රතිමා වටා සවිකරන පිත්තල ලෝහයෙන් නිමවූ රැස්වලල්ල.
35- *ඌරා කැට ළිං* :-කුඩා විශ්කම්භයකින් යුත් ළිං සඳහා යොදා ගන්නා මැටි බට.
36- *ගණ කැපීම* :- වෙස් මුහුණු සෑදීමේ පළමු පියවර වන මෙය ලී කඳන් කපා පොතු ගසා අවශ්‍ය ප්‍රමාණයට කපා ගැනීම.
37- *පායම් පෑහීම* :- ගැට සහිත තැන් කපා වෙස්මුහුණ සෑදීමට අවශ්‍ය ලෙස පැතලි කරගැනීම.
38- *කිරි හිඳවීම* :- වෙස්මුහුණ කැපීමට සකසාගත් කදුරු ලීයේ අධික කිරි ගතිය ඉවත්කිරීම සඳහා දුමේ දමා හෝ මද අව්වේ දමා වේලා ගැනීම.
39- *ලකුණු කැපීම* :- වෙස්මුහුණේ ඇස් කන් නාසය වැනි සියුම් අංග මතුකිරීම.
40- *අල්ලියාදු* :- වෙස්මුහුණ වර්ණ ගැන්වීමට පෙර එහි ආලේප කිරීමට කිරිමැටි හෝ මකුළු මැටි දියකර පෙරා සාදාගත් මූලික ආලේපනය.
*2k24 Friends Batch G_06*😇
https://chat.whatsapp.com/IImZO7r9aiK0OFzf3EdeZW
☆OL Short Notes 💫
☆ PDF Notes 🖇️
☆ Past papers 📑
☆ Study Tips and Tricks 🤩
☆ Study Motives 😇
> පරාර්ථකාමී විදිහට හිතලා ලින්ක් එක යාළුවන්ටත් ශෙයා කරලා හැමෝවම එකතු කරගන්න 😊💓
❤️
2