
හොල්මන් කතා 🇱🇰
February 26, 2025 at 02:33 PM
කොටස් දෙකක
කෙට්කතාවක්.
අතකොළුව
🥀🥀🥀🥀🥀
පළවෙනි කොටස
🥀🥀🥀🥀🥀🥀🥀
"තුක් විතරක්. අර මූ/ස/ල ගෑ/ණි හිරෙන් නිදහස් වෙළා ඇවිල්ලා"
ඇඳ උඩ තිබූ ඇතිරිළි හා පොරෝනා අව්වට දමන්නට මිදුලට බැස්ස සඳනි අල්ලපු ගෙදර පැත්තට ඔරවා බැලුවාය.
සේපාළිකා පෝටිකෝවේ මිටි බිත්තිය මත වාඩිවී මේ පැත්ත බලාසිටී. වැළට රෙදි දමා එන අතරේද ඒ පැත්තට එරවූ සඳනි උගුර කාරා කෙළ තම්බක් මිදුළට විද්දේ දැඩි කෝපයෙන් මෙන්ම වේදනාවෙනි.
මීට විසි දෙවසරකට පෙර සිය මව ඝාතනය කල තැනැත්තිය නිදහස්ව පැමින සිටීම ඇයට ඉවසිය නොහැකි කාරණාවක් විය.
එකවරම සිරුර අඩපණ වූ බවක් දැනුනෙන් සාලයට ඇතුළු වූ ඇය මේසය අසල පුටුවක හිඳ අත්ලට නලල බරකොට දෑස වැසුවාය.
ඇගේ අත වැදී පුටු ඇන්දට හේත්තු කොට තිබූ කොස්ස බිම වැටින.
"අනේ ඇත්තට මෙච්චර අපරාධයක් කරලත් මේ අම්මන්ඩි යහතිං ආවනෙ"
කිසිවකුත් නැති පාළු නිවසේ නිදහසේ තනිවම මිමිණූ සඳනිගේ සිත පෙළෙන්නට වූයේ වෛ/යි/ර/ය ද්/වේ/ෂය දුක වේදනාව ආදී සිතිවිළි වලිණි.
මල් දමක් පළඳවා, බිත්තියෙහි එල්ලා තිබෙන සිය මවගේ ජායාරූපය දෙසට ඇගේ දෑස යොමුව්ය. මීට දෙවිසිවසරකට පෙර අකාලයේ මරු වැළඳගත් ඇය පිළිබඳ මතකය දැනුදු ඇයට ගෙනෙන්නේ කඳුළකි.
ඒ ඇය තමා බිහිකළ මවගේ ම/ර/ණ/ය දෑසින් දුටු නිසා එසේ වැඩියෙන් දැනෙනවා වන්නටත් ඇත.
'කොයි වලාවෙද දන්නෑ එයා ආවෙ! අහ් ඊයෙ රෑ නවේට විතර වාහනයක් එන සද්දෙ ඇහුනනෙ. ඒකෙ එන්න ඇති'
ඒ සිතිවිල්ලත් සමග සිතට ගලා ආව පරාජිත සිතිවිළි ගොන්න හේතුවෙන් තෙත්වී ගිය දෑසින් යුතු සදනිගේ ළයෙහි මතු උණේ දැවිල්ලකි. මේසයට නලල ඔබාගත් ඇය මොහොතක් නිසලව ගත කළාය.
පපව දැවෙනිනාක් මෙන් දැනෙයි. කපුටකු වේගයෙන් නාද කළේ ජනෙල් පියනේ රැදෙමිණි. දඩබඩ ගාගෙන වහළ දිගේ දිවගිය ලේනෙකු ටිං ටිං ගා හඞ තලන්නට විය.
අද කුරුළු පාළුවට බත් ඇට ටිකක් දමන්නට සඳනිට මතක් වූයේ නැත. මේ අඞහැරය එහෙයිනි. හිස එසවූ ඇය මලානික අයුරින් වටපිට බැලුවාය. අතේ පයේ ජීවය පවා වියැකී ගිය සේය.
ඇයට සිතුනේ ඇඳට වැටෙන්නටය. එලෙස කල් මරන්නට කාළයක් නොවේ. එහෙත් සිතට අවනත වු ඇය කාමරයට වැදුනාය.
දනුක් පුතු එන්නට පෙර දවල්ට යමක් රත්කර තැබිය යුතුයයි මතක් වූ නමුත් ටික වේලාවකින් නින්ද ඇය කරා ලඟාවිය.
සඳනි නවත පිබිදුනේ උදේ දහයටය. දෙවන දරු උපත බලා සිටින ඇගේ දවසේ වැඩ පිළිවල කොහොහටත් දැන් අක්‍රමවත්ය. උදේ වරුව හිස ඔසවා සිටීම අසීරුය.
...ටිළින් ටිළින් ටිළින්...
ලියුම් කාරයාගේ බයිසිකල් සීණුව නාද වන්නට විය. වහා නැගිටගත් සඳනි කඩිනමින් දොර දෙසට ගියාය. කකුලක් බිම ගසා කරබාගෙන ළිපි තෝරමින් සිටි වසන්ත යන්තමින් හිස ඔසවා බලා මද සිනහවක් පෑවේය.
ඔහු සඳනිගේ පාසැල් වියේ මිතුරෙකි. හයමසක පමන කාළයක සිට මේ හරියේ වැඩ කරයි.
"ළිවුමක් තියනවා"
ඔහු කීය.
"ආ ඇත්තද? මම හිතුවෙ එළවළු පළතුරු කියලා"
ඇගේ කවට කමට හඞ නගා සිනාසුනු වසන්ත ඉගිළ ගියේය. සඳනි ගෙට හැරුණේ ළිපිය පරික්ෂා කොට බලමිණි. එය සැමියාගේ නමට බැංකුවෙන් එවන ලද්දකි.
ළිපිය සහිත අත පහතට දමමින් ඇය යටැසින් අල්ලපු ගෙවත්ත දෙස යළි බැලුවාය. එවිට සේපාළිකා එහි පෙනෙන්නට නොවීය.
🥀🥀🥀🥀🥀🥀🥀🥀
තමාව දැක සඳනි කාරා කෙළ ගසනු දුටු සේපාළිට දැනුනේ තදබල සිත් වේදනාවකි. ඇය පැනගෙන ඇවිත් තමාගේ ගෙල සිරකරාවිදැයි සිතී බියට පත් සේපාළි වහා ගෙට වැදී දොර වැසුවාය.
සාළයේ සැටිය මත හිඳගත් ඇයට සඳනිගේ බාල කාළය සිහියට නැගිණ. තමා විසින් කුඩා කල ඇකයේ හොවා ඇති දැඩිකල දැරිය දැන් තමාට සැතිරියකව සිටී. සඳනි තමා වෙත හෙළු රුදුරු බැල්ම ඇගේ හද ගැබ රිදෙන තැන් සොය සොයා විඳින්නට විය.
ඇය නැගිට කාමරයට ගොස් පෙරදා රාත්‍රියේ නිදාගත් ඇඳමත වැතිරුණාය.
'එයා විතරක්යැ මේ ගෙදර අයත් මම ආව වෙලාවෙ ඉඳලම කලේ මට පල නොකිය පලා බෙදන එකනෙ. මොනව කරන්නද ඉතින්. මගෙ'
සේපාළිකාගේ අයියාගේ ලේළිය වන ජයමිණී තම සැමියා රැකියාවට නික්ම ගිය ගමන්ම මෙන් මහ ගෙදර හදිස්සියක් යයි කියා පිටව ගියාය. මගෙ නැන්දේ යයි කියමින් කුඩා කල නිරතුරුව තමා පස්සේ වැටුණු නදීරටද දැන් තමා ආගන්තුක යයි ඇය සිහි කලේ වේදනාවෙනි.
'එක අතකට කාටවත් දොස් කියල පළක් නෑ. මගෙනෙ වැරැද්ද'
ඇය සිතුවාය. එහෙත් තමා වරදක් කලාදැයි ඒ සමගම ඇගේ සිතෙහි නැගුනේ පැණයකි. තමා සිතා මතා කාටවත් වරදක් නොකල බව ඇගේ හෘද සාක්ෂියට එකඟව කිව හැකිය.
තමාව මේ අඝාදයට ඇද දැමූ ඒ අඳුරු දවස කරා සේපාළිකාගේ සිත දිව යන්නට ව්ය.
🥀🥀🥀🥀🥀🥀🥀🥀
අළුයම එකට පමන සේපාළිකා අවදි වූයේ කිසිදා නොවූ අයුරෙණි. කාගේදෝ කෙඳිරිළි හඞක් ඇසෙයි.
ඇයට එක්විටම සිහියට නැගුනේ රෝගීව සිටින තම මිත්තණියයි. වහා ඇඳෙන් නැගිටගත් සේපාළිකා විදුළි පන්දම දල්වමින් වහවහා පිටුපස කාමරය දෙසට ගියාය.
නැත. කෙඳිරිළි හඞ ඇසෙන්නේ එයින් නොවේ. මිදුළ පැත්තෙනි.
'ආච්චි එළියට වත් ගිහින්ද!'
සේපාළිගේ හදවත ගැහෙන්නට වූයේ සිය මිත්තනිය දෙදිනක්ම මිදුලේ ඇදවැටී සිටිබව සිහියට නැගීමෙනි. ඇය සාලයේ ජනේලය බාගෙට විවර කොට සඳ එලියෙන් නැහැවෙන මිදුල දෙස බැලුවාය.
පෝය ළඟ හෙයින් රන් තැටියක් සේ දිලෙන සඳ අවරට ලඟා වෙමින් තිබින. සිනිඳු ජනෙල් තිරපට අභිබවමින් ගෙතුළට වැදුණු සුළං රැළි ඇගේ ගත වෙවුලවද්දී එලියෙන් ඇසුනු කෙඳිරිළි හඞ තීවුර වී ඇගේ සවන් තුළට කිඳා බැස්සාය.
එය ජේන් කුඩම්මාගේ කට හඞ වගේය.
'ඒ ඇයි ආයිත් පපුවෙ කැක්කුම වැඩි වෙලා වද්ද!'
තමාවම විමසාගත් ඇය පිටුපස දොර විවර කරමින් මිදුලට බැස්සේ ජයලතාලගෙ ගෙවල් පැත්ත කුතුහලයෙන් නරඹමිණි. අම්මාගේ සිහින් කැස්සක කාමරයෙන් ඇසුනද යළි හැරී ඇයට කතා කරන්නට නොසිතූ ඇය නොනැවතීම ගොස් අල්ලපු ඉඩමේ කම්බි වැට පැන්නාය.
මෙම ඉඩම ඇගේ පියාගේ බාල සොයුරා සතුය. චූටි බාප්පාගේ අකල් වියෝවට පසුව ජෙනට් කුඩම්මාත් ඇගේ පුතාත් ලේලිය වන ජයලතාත් කුඩා මිනිපිරියත් එහි විසූහ.
සැමියාගේ අකල් වියෝවේ කම්පණය නිසාවෙන් මෙන් ලෙඩ ඇඳට වැටුණු ජෙනට් කුඩම්මාගේ අවසාන කාලය ගෙවෙමින් තිබුනේ ශෝචණීය අයුරෙණි.
ලේලියගේ නොයෙකුත් තාඞණ පීඩණ වළට ගොදුරු වූ ඇයට අවසන් වාසස්ථාය වූයේ ගේ පිටුපස දර මඩුවයි. දයාසිරි අයියා බොහෝ ඈත ප්‍රදේශයකින් කැටිව ආව ජයලතාව මුලදී සේපාළි ඇසුරු කලේ යෙහෙළියක මෙනි.
එහෙත් තම වැඩිහිටි ඤාතිවරියට ඇය සලකණ කෲර විළාසය හේතුවෙන් සේපාළිකාට ඇයව පිළිකුළ් ව්ය. වත්තට ඇතුළු වූ සේපාළි දර මඩුව දෙසට ගියේ ඒ සියල්ල කල්පනා කරමිණි.
ජෙනට් කුඩම්මා දර මඩුවේ වැල් ඇඳමත ගුළිවී කෙඳිරි ගායි. අනුකම්පාව ඉහවහා ගිය සේපාළි වහා ඇඳට ලංවී ඇගේ සිරුරට අත තැබුවාය.
එක්විටම ඇයට දැනුනේ අයිෂ් කඳකට අත තැබුවා වැනි ගතියකි. වහා අත ඉවතට ගත් ඇය පසෙකටවී උවමනාවෙන් බැලුවාය. හැඞුම නතර කළ ජෙනට් කුඩම්මා නැගිට ඇය දෙසට හැරුණේද ඒ සමගමය.
තනිකර සුදු ඇඳුමෙන් සැරසී සිටින ඇගේ දෑසද සුදු පාටය. කළු ඉංගිරියාවක් නැත. වියරුවෙන් මෙන් සේපාළිකා දෙස බැළු ඒ රුව මුව විවර කොට උස් හඞින් සිනාසුනාය.
කවදාවත් නොදුටු ඇගේ අද්භූත පෙනුමෙන් තැතිගත් සේපාළි වහා අඩි කිහිපයක් පසුපසට වූයේ විදුළි වේගයෙනි. සරසර ගා කොළ ඉති අඹරවමින් සුළඟක් හැමුවේය.
එයට හසුව ගේ ඉස්සරහා කඩුල්ලට ඉහළින් ඔසවා තිබූ පාළම් කොඩිය හඞක් නගමින් සෙළ උනේය. සේපාළි හිස හරවා බැලුවාය.
පාර දෙපස ඇද තිබූ සුදු පිට ඉටිකොළ රැල් සඳ එළිය කාන්දුවී දිළිසෙමින් තිබිණ. මීට දෙසතියකට පෙර ජෙනට් කුඩම්මා මියගිය බව ඇයට සිහි වූයේ එවිටය.
සේපාළිකා තිගැස්සී හැරී බැලුවාය. ජෙනට් නැන්දා එහි නොවීය.
❤️
😮
👍
🤍
🫀
30