හොල්මන් කතා 🇱🇰
                                
                            
                            
                    
                                
                                
                                February 28, 2025 at 01:45 PM
                               
                            
                        
                            Episode 6🍂
          තමා සොයා ගෙන ගිය කාන්තාව තම කාමරයෙහි ජනේලය අසල සිට ගෙන පහළ බලා සිටියි.ඉහළට ගත් හුස්ම පහලට ගැනීමට පවා සේහාට අමතක විය.ඇගේ මුළු සිරුරම අප්රාණික වූයේ කාන්තාව තමා දෙස ට සෙමින් හැරෙන බව දුටු නිසාවෙනි.
       ඇගේ මුව වියළී යත්ම හදවත ඇත්තේ පපුව මත දැයි හැගීමක් ඇයට පහල විය.තමා ඉදිරියෙහි සිටින්නේ දිනී බව හදුනා ගැනීමට ප්රමාද වූයේ ඇගේ මුහුණ බොහෝ සේ විකෘති වී තිබූ නිසා ය.ඇද වැටෙන්නට ඔන්න මෙන්න තිබියදී ඇය වාරු ගත්තේ අසල වූ බිත්තියට හේත්තු වීමෙනි.
 " සේහා,ඇයි ඔයා මාව නොදැක්කා වගේ දොර වහල දැම්මෙ?මම ඔයාගෙ ළගමනෙ හිටියෙ"
   "දි......දිනී.....මං.... මං...ඔයා...."
  "ඇයි බය වෙලා,මම දිනී.මම ආවෙ ඔයාවත් එක්ක යන්න .මම තනියම යන්න බයයි"
  " අනේ ....අ...අනේ,මං..මට එන්න බෑ"
   "  ඒ ඇයි?අපි දෙන්නා හොදම යාළුවො නේද,ඔයා එදා මාත් එක්ක ආවෙත් නෑ අද නම් කොහොම හරි එක්කරගෙන යනවා "
  "අනේ ,දි....දිනී"සේහා මුවින් වචන පිට කළේ අපහසු වෙන්ය.ඇගේ මුවින් වචන පිට වෙන්නේ නැත.
     කාමරයෙහි දොර විවෘත කරගෙන යමෙකු කාමරයට කඩා වැදිණ. ඒ සාරා ය.සේහා සිටින විලාසය දැක සාරා මවිත විය.
"සේහා,මොකද ඕයි? තමුසෙ අඩල නේද?"
සාරා පැමිණෙන ද්දී දීනී කොහේ ගියාදෝ සොයා ගත නොහැකි ය වට පිට බැලූ සේහාට කිසිවක් සිතා ගත නොහැකි ය.
"මම ඇඩුවෙ නෑ,මම හීනයක් දැක්කා ඔයා යන්න"
"ඔය හීනෙ ඉවර වෙන්නෙ ම නැද්ද?"සාරා පිටව ගිය පසු සේහා සිටි තැනින් නැගිට පිය මැන්නේ යහන වෙතටයි.
ඊළගට මොකද වෙන්නේ 🥺🥺🥺🥺😕
ඊළග කොටසින් 🤗🤗🤗🤗🤗🤗
ලෝභ නැති හැමෝම මේකට රිඇක්ට් කරන්න 🥺🥺🥺🥺🥺🥺
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                        
                                            😢
                                        
                                    
                                        
                                            🫀
                                        
                                    
                                    
                                        39