
හොල්මන් කතා 🇱🇰
February 28, 2025 at 01:49 PM
• *සෙදෝ මැණිකේ* •
1️⃣
බලගතු වූ යන්ත්ර මන්ත්ර සම්බන්ධ දැනුමකින් යුත් පරම්පරාවකින් පැවත ගෙන එන ජයමාන්න පරම්පරාවේ ලොකු ගුරුන්නාන්සේගේ මුනුබුරකු වන සදුන් 22හැවිරිදි තරුණයෙකි.තම හොද ම මිතුරා වූ සුද්දා ද සමග තරමක් සෙල්ලක්කාර වැඩවල නිරත වූවද මොහු යන්ත්ර මන්ත්ර ශාස්ත්රය තම අත්තාගෙන් හැදෑරූ දක්ෂ තරුණයෙකි.
සෑම දිනක ම හවස කැලෑ රොදට යාබද ගල් පර්වතයට වී සිටීමට මොහුද මිතුරාද පුරුදු වී සිටියෙ කුඩා අවදියේ පටන්ම ය.
'බං සුද්දො අප්පච්චි ඊයෙ මට කියනව කුඹුරෙ වක්කඩවල් බදින්නලු.කොච්චර කිව්වත් වැඩක් නෑ බං මං ඕවට ආස නැහැයි කියල'
'උබ කොච්චර ආස වුනත් ඔය මන්ත්ර ගුරුකං ඒ තරම් හොද නෑනෙ බං... ඒක වෙන්නැති ඔය ගෙදර අය ගොවිතැං කරන්නෙයි කියල කියනව ඇත්තෙ..'
'ආ..උබට කියන්න බැරි උණානෙ,මේ බලපං අපෙ අත්තගෙ පුස්කොළ පොතක්...අත්තා තොයිලෙකට පෙරෙයිදා කුරුණෑගල ගිය වෙලේ මං ඉස්සුවා ලාච්චුවෙ තිබිලා.යකුං බැද වැඩ ගැනීම කියල මන්තරේකුත් තියෙනව බං... කරගත්තොත් හරියට උබත් ගොඩ මාත් ගොඩ...'
' ඔක්කොම විස්තර තියනවනං මාත් එන්නං ඕකට...මේ...මේ මොකද්ද... අලුත මැරිච්ච මිනියකට නූලක් දානංනෙටි කියල නේද කියල තියෙන්නෙ... ඉතිං බං අර සෙදො මැණිකෙ මැරිල තාම 48 පැයක්කත් නැහැනෙ'
'ඒක තමා උබට මං කියන්න හැදුවෙ...යමං දැංම මළ ගෙදර ,මේකෙ ලියාපු හැටියට මතුරල මිනිය උඩිං නූල තියන්නනේ තියෙන්නේ...ඊට පස්සෙ හෙට වැලලුවම ඉතුරු ටික බලාගමු.'
මිතුරන් දෙදෙනා කතා කරගත් ලෙස ම නූල දැමූ අතර මිනිය වලළන ලද දා රැයෙ දෙදෙනාම ගෙවල් වලට බොරු කියා සොහොන වෙත ආවේ මිනියට පණ දීමටය....
-ඇසූ කතාවක් ඇසුරිනි-
ඉතිරිය කොටස් වශයෙන් පල කරමි...
*-sewmi-*🩶
❤️
👍
😮
☠️
🏴☠️
👹
😇
🩶
🫀
45