
හොල්මන් කතා 🇱🇰
February 28, 2025 at 01:50 PM
*• සෙදෝ මැණිකේ •*
පෙර කොටසින්
...දෙදෙනාම ගෙවල් වලට බොරු කියා සොහොන වෙත ආවේ මිනියට පණ දීමටය.
----------------------------------------------
රෑ 12.30 පමණ වන විට මිනිය ගොඩ ගැනීමට තරුණයයන් දෙදෙනා සමත් වූ අතර වයස 19ක් පමණැති මියගිය නමුදු රූමත් පිරිපුන් සිරුරැති යුවතිය නිසොල්මන්ව මොවුන් ඉදිරිපස වැතිර සිටියාය.ඉදිරි කටයුතු සදහා අවශ්‍ය අඩුම කුඩුම සකසමින් සිටි සදුන් දුටුවේ මිය ගිය යුවතිය දෙසම බලා සිටින සුද්දාවය..
'සුද්දො උබට පිස්සුද බං..ඔය මැරිච්ච එකී දිහා බලං ඉන්නෙ,ඕකි මැරිල තියෙන්නෙත් බෙල්ලෙ වැල දා ගෙනලු..ඔන්න ඔය මල් තටුව දීපං'
ඕං ශි වනතුං වය්කප ඛං මහ් ............ මෙලෙස පුස්කොල පොතට අනුව සදුන් මතුරන අතර සුද්දාද ඔහුට උදවු දෙමින් පාලු සොහොනේ හෝරා කිහිපයක් ම ගෙවුවෝය.
උලලේනුන්ගේ කෑ ගැසිල්ලද නරියන්ගෙ හූ හඩෙහිද අඩුවක් නම් ඒ රැයෙහි නොවූ අතර වේගයෙං හමන තද සිහිං සුළගද මිතුරන් දෙදෙනාට මහත් බාධාවක් විය.
'අම්බොහ් පට්ට හීතලක් නෙ බං තියෙන්නෙ සදුවො...ඕක තාමත් ඉවර නැද්ද දැං උදේ 4.30 විතර වෙලා බං'
'ඒකනෙ බං මම පුලුවං තරං හරියටම වැඩේ කරා බං තාම කිසිම හැල හොල්මනක් නැනෙ...එහෙම වෙන්න බෑ බං දැං හරිනං මේකිට පණ එන්න ඕන...'
'උබට වැරදෙන්නැති බං කොහෙහරි ඕව කරල පුරුදු වැඩ නෙවෙනෙ යමං ගෙදර' ලෙසිං පැවසූ සුද්දා සදුන්ද රැගෙන නිවෙස්වලට ආවෝ ය.
පසුදා දහවල් 1.00පමණ වන විට සදුන්ගෙ නිවසට සුද්දා දිව ආවේ හති හලමිනි.
'සදුවො සෙදෝ ට පණ ඇවිත් බං. අර සේතං ඒකිව දැකල කැලේ ගාව ඉන්නව...ඒත්...ඒත් බං ඒකි ව බලන්නවත් බැහැයිලු බඩේ නහර එලියට ඇවිත්ලු... සේතං ට නං තාම උණ විකාරෙං කියවන්නේ...උබෙ ආතා ආවෙ නැද්ද තාමත්...'
'ආතා නං හවසට එනවලු බං.අනිවාරෙං දැං ඔය සේතනුත් එනවනෙ ආතව හම්බෙන්න...අහුවේවිද දන්නෙත් නෑ අපේ වැඩේ...ඒත් බං ඒක වැරදෙන්නෙ කොහොමද? ඒකිට පණ එන්නෝනෙ ඔහොම නෙවෙයිනේ බං...ඔය කියන විදියට නං ඒකි යකින්නක් වගේ ඇතිනෙ...'
'ඒක තමා බං උබට ඕනනං සීයටත් කියල මේකට මොනවහරි කරපං...'
මෙලෙස පැවසූ සුද්දා කැලේ අසලිං ගෙදර ගියේ තමාටද සෙදෝව මුණ ගැසේදෝයි බියෙනි.එක්වර ම ඔහු පසුපසින් කාන්තාවකගෙ හඩක් ඇසිණි.
'සුද්දයියා.....'
-ඇසූ කතාවක් ඇසුරිනි-
*-sewmi-*🩶
❤️
😮
👍
😢
👹
👻
🔜
🫀
58