විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
February 28, 2025 at 06:17 AM
*හිතක් එක්ක කතාවක්😏❤️‍🔥* + මට කම්මැළියි - කම්මැළි වෙන්නේ ඔයා කරන වැඩේ ආසාවෙන් නොකරන නිසා , මුලින්ම ආසාව ඇති කරගන්න. + පොත දැක්කම ඔලුව රිදෙනවා. - මොන කරුමයක්ද,මේක, මට බෑ මේක කරන්න ,මේක මට හරි වදයක් කියල හිතන තාක්කල් ඔලුව රිදෙනවම තමයි. + මට වැඩක් කරන්න හිතෙන්නේ නෑ. - ඔව් ඉතින් හිතෙන්නේ නෑ තමයි ,හිතන්නයි ඕනි. + මට බයයි, මම ෆේල් වෙයි. - ඔව්, බයවෙවී ඔහොම හිත හිත හිටියොත් අනිව ෆේල්ම තමයි +මට බයයි, මට කාලෙ මදිවෙයි - හරියට වැඩ කරන එකාට මේ කාලෙ හොඳටම ඇති + මට වෙන්නෙ කරදරමයි. - හැමෝටම කරදර දෙනව..ඔයා වෙන කරදර වලින් ගන්න පුලුවන්,හොද,දේ ගන්න + මට විතරයි මෙහෙම වෙන්නෙ. - ඒ ඔයා හිතන විදිය .ඒක වෙනස් කරගන්න + මම දක්ශ නෑ.මට බෑ. - ඔයා දක්ශයි, ඔයාම ඔයාව අවතක්සේරු කරනවා. + මට ඕනි දේවල් මුකුත්ම නෑ. - නෑ නෑ කියල නොහිතා හොයාගන්න බලන්න. ඕනි නම් හොයනකොට හම්බෙනවා. + මට දිනන්න,බැරිවෙයි.. - ඔය කාලකන්නි වචනෙ නවත්තන්න.කරල බලන්න. + මට,මූඩ් එකක් නෑ. - ඒක එක එකාට හදන්න බෑ. ඔයාම හදාගන්න ඕනි. + මට පුලුවන් වෙයිද - උත්සහ කරන්න, පුලුවන් වෙනවා .උත්සහ නොකළොත් ,කොහොමත් බෑම තමයි. > #think
❤️ ❤‍🩹 👍 💗 🙏 ♥️ 💞 😢 🤍 🥲 126

Comments