Explore Lanka 📚🇱🇰
Explore Lanka 📚🇱🇰
February 24, 2025 at 04:58 PM
*‼️CHEMISTRY බහුවරණ සදහා වැදගත් කරුනු කීපයක්‼️* ✅ඉලෙක්ට්‍රොන වල ශක්තිය සංසන්දනය කිරීමට දී ඇති අවස්තාවල ඉලෙක්ට්ට්‍රෝන වල( n + L) අගය වැඩිවන විට ඉලෙක්ට්‍රොනයේ ශක්තිය වැඩිවේ. (n+L) අගය සමාන වන විටකදී n අගය වැඩි ඉලෙක්ට්‍රොනයේ ශක්තිය වැඩිය. ✅Al සිට Ga දක්වා යාමේදී පමනක් පරමාණුක අරය අඩුවේ.මෙය අරය අපගමනය වන අවස්තාවකි. ✅දෙවන ආවර්තයේ මූලද්‍රව්‍යයන් අතර විද්‍යුත් ඍනතා අගයන් අත්‍ර වෙනසවල් සමාන වන අතර එම වෙනසපෝලින් පරිමානය අනුව 0.5 ක් වේ. ✅15, 16 ,17 කාන්ඩවල පහලට යාමේදී විද්‍යුත් ඍනතාව ක්‍රමවත්ව අඩුවේ අනෙක් කාන්ඩවල ක්‍රමවත් අඩුවීමක් නැත. ✅දෙවන ආවර්තයේ ඝනත්වය වැඩිම B වේ. ✅ වියුග්ම s_ඉලෙක්ට්‍රෝන අන්තර්ගත d ගොනුවේ ව් පලමු ශ්‍රේනියේ මූලද්‍රව්‍ය 2 කි.Cr ,Cu ✅ වියුග්ම ඉලෙක්ට්‍රෝන එකක් පමනක් අඩංගු* d ගොනුවේ පලමු ශ්‍රේනියේ මූලද්‍රව්‍යයන් :- Sc , Cu ✅අයනික සංයෝග,සම පරමානුක හා විශම පරමාණුක සංයෝගවල ද්විතීයික අන්තර්ක්‍රියා නැත. ✅දැලිස් ශක්තිය සසදන විට පලමුව ආරෝපණ ගුනිතයද දෙවනුව අයනවල අරයන් සැලකිය යුතුය. ✅යම් අනුවක පරමානුවක් වටා හැඩය චතුස්‍තලීය වනවිට බොහෝවිට එහි පරමානුවලින් දෙකක් එකම තලයට නොපැමිනේ. ✅වායුවක මධ්‍යන්‍ය වේගය, වර්ග මධ්‍යන්‍ය මූල ප්‍රවේගයට ආසන්න වශයෙන් සමාන වේ. ✅එන්තැල්පිය මනින්නේ නියත් පීඩනය යටතේ මිස නියත පරිමාවක් යටතේ නොවේ.. ✅එන්තැල්පිය රදා පවතින සාදක 1- පීඩනය 2- උශ්නත්වය 3-ප්‍රතික්‍රියක හා ප්‍රතිඵල වල භෞතික අවස්තාව 4- ද්‍රව්‍ය ප්‍රමාණය ✅25 C දී එන්තැල්පිය ,එන්ට්‍රොපිය හා ගිබ්ස් ශක්තිය යන තුනම ශූන්‍ය වන ප්‍රබේද 2කි. 1 - H+ (aq) 2- ඉලෙක්ට්‍රෝන ✅C6H6 , C2H4 වැනි සංයෝගවල උත්පාදන එන්තැල්පිය ධන අගයක් වුවද එම සංයෝග ස්තායි වේ. ✅දැලිස් එන්තැල්පිය සදහා දැලිස තුල අයන සකස් වී ඇති ආකාරය ,අයනවල ස්කන්ධය බලනොපායි. ✅ඔක්සයිඩයේ කේන්ද්‍ර පරමාණුවේ ඔක්සිකරණ අංකයට අනුරූප ඔක්සි අම්ලයක් තිබියදීත් ජලය සමග ප්‍රතික්‍රියාකර එය ලබා නොදෙන එකම ඔක්සයිඩය SiO2 වේ. ✅CF3COOH ප්‍රබල අම්ලයකි. ✅ආවර්තිතා වගුවේ සියලු කාන්ඩ වල පලමු මූලද්‍රව්‍ය එම කාන්ඩයේ අනික් මූලද්‍රව්‍ය වලට වඩා වෙනස් ලක්ශන දරයි. ✅P ට -1 හා +3 යන ඔක්සිකරණ අවස්තාවලින් ව්‍යුත්පන්නවන සංයෝග නැත. ✅d ගොනුවේ සියලු සල්පේට ජල ද්‍රාව්‍ය වේ. ✅d ගොනුවේ *බොහෝ* මූලද්‍රව්‍ය වලට ධන ඔක්සිකරණ අංක තිබුනද *ඇතැම්විට* ශුන්‍යය හො ඍන ඔක්සිකරණ අංක පවතී. ✅4 වන ආවර්තයේ d ගොනුවේ පිහිටන Zn වලට වඩා එම ආවර්තයේ s ගොනුවේ පිහිටි Ca වල ද්‍රවාංකය වැඩිය. ✅ආවර්තිතා වගුවේ සියලු මූලද්‍රව්‍යයන් අතරින් ඉහලම විද්‍යුත් සන්නායකයකතාව Ag පෙන්වන අතර d ගොනුවේ මූලද්‍රව්‍යයන් අතරින් ඉහලම සන්නායකයකතාව Cu පෙන්වයි. ✅ I2 (අයඩීන් ) වලට වඩා ජලයේ තාපාංකය අඩුය. ✅මිනිරන් දියමන්ති බවට පත්වීමේ ප්‍රතික්‍රියාව සදහා ගිබ්ස්ශක්ති විපර්‍යාසය ඍන අගයක් වුවද ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය ඉතා ඉහල අගයක් නිසා ප්‍රතික්‍රියාව සිදුවීම සදහා වසර ගනනක් ගතවේ. ✅අනුකතාව මගින් ප්‍රතික්‍රියාවේ ශීග්‍රතාව නිර්නය නොවේ ✅ප්‍රතික්‍රියාවක පෙල අගය සෑමවිටම සෙවිය හැක්කේ පරීක්ශනාත්මකව පමනි . ✅පොස්පරස් වල සියලු ඔක්සිඅම්ල දුබල අම්ල වේ. ✅සන්නායකයකතා මිනුම් භාවිතයෙන් පමනක් අනුමානයක සමකතා ලක්ශය නිර්නය කල හැක. සාමාන්‍ය දර්ශක මගින් නිර්නය කල හැක්කේ අනුමාපනයක අන්ත ලක්ශය පමනි. ✅ද්‍රවවල ආකර්ෂණ බල ප්‍රබලතාව වායුවලට වඩා ප්‍රබල බැවින් ද්‍රවවල ගැටුම් ශීග්‍රතාව වායු වලට වඩා වැඩිය. All the best 😇❤️ > Copy
❤️ 👍 ♥️ 👩‍❤️‍💋‍👨 💗 🙏 🤔 36

Comments