🧑‍🎓The Knowledge Gate✅| ꜱʀɪ ʟᴀɴᴋᴀ 🇱🇰 ✓
🧑‍🎓The Knowledge Gate✅| ꜱʀɪ ʟᴀɴᴋᴀ 🇱🇰 ✓
March 1, 2025 at 10:05 AM
*දිවි මගට එළිය දෙන දහම් පද* 🌺 ධම්මපදය සූත්‍ර පිටකයේ , ඛුද්දක නිකායට ඇතුළත් කෘතියකි. 🌺 මෙහි වග්ග 26ක් ඇති අතර ගාථා 423 ක් ඇත. 🌺 නිධාන කතා දෙසිය 299 කි. 🌺 බෞද්ධයාගේ අත්පොත (හස්ත සාර ග්‍රන්ථය) ලෙසද මෙය හඳුන්වයි. *🍁 ගාථාව 01 :* _අක්කොච්චි මං අවදි මං_ _අජිනි මං අහාසි මේ_ _යේ තං උපනයිහන්ති_ _වේරං තේසං න සම්මති_ > අසවලා මට බැන්නේය , පහර දුන්නේය, මා පැරදුවේය, මා සතු දේ පහර ගත්තේය යැයි යම් කෙනෙක් ක්‍රෝධය නැවත සිතේ බඳින විට වෛරය නොසන්සිඳේ. *🍁 ගාථාව 02 :* _අක්කොච්චි මං අවදි මං_ _අජිනි මං අහාසි මේ_ _යේ තං න උපනයිහන්ති_ _වේරං තෙසුපසම්මති_ > අසවලා මට බැන්නේය. පහර දුන්නේය. මා පැරදුවේය. මා සතු දේ පැහැර ගත්තා යැයි යම් කෙනෙක් ක්‍රෝධය නැවත සිතේ නොබඳි නම් ඔහුගේ වෛරය සංසිඳෙයි. *🍁 ගාථාව 03 :* _නතං කම්මං කතං සාදු_ _යං කත්වා අනුතප්පති_ _යස්ස අස්සුමුඛෝ රෝදන්_ _විපාකාං පටිසේවතී_ > යමක් කිරීමෙන් පසුතැවෙන්නට සිදුවේද යමක විපාකය කඳුළු පිරි මුහුණේ යුතුව අඬමින් විඳින්නට සිදුවේද එබඳු දේ නොකිරීම යහපත්ය. *🍁 ගාථාව 04 :* _තංච කම්මං කතං සාදු_ _යං කත්වා නානුතප්පති_ _යස්ස පතිතෝ සුමනෝ_ _විපාකං පටිසේවතී_ > යමක් කිරීමෙන් පසුතැවෙන්නට සිදු නොවේද යමක විපාකය ප්‍රීතියෙන් හා සොම්නසින් යුතුව විඳිය හැකිවේද එබඳු ක්‍රියාවල නිරත වීම යහපත්ය. *🍁 ගාථාව 05 :* _අත්තනාව කතං පාපං_ _අත්තනා සංකීලිස්සති_ _අත්තනා අකතං පාපං_ _අත්තනාව විසුජ්ජති_ _සුද්ධි අසුද්දී පච්චත්තං_ _නාඤ්ඤ මඤ්ඤෝ විසෝධයේ_ > යමෙකු පව් කළොත් එයින් ඔහුම කෙලෙසෙන්නේය. යමෙකු පව් නොකලොත් එයින් ඔහුම පිරිසිදු වන්නේය. පිරිසිදුකම හා අපරිසිදුකම පවතින්නේ තමා කෙරෙහිමය. එක් අයකුට තවත් අයෙකු පිරිසිදු කළ නොහැකිය. *🍁 ගාථාව 06 :* _සූකරාණි අසාධූනි_ _අත්තනෝ අහිතානිච_ _යං වේ හිතං ච සාදුන් ච_ _තං වේ පරම දුක්කරං_ > තමාට අහිත වූ අයහපත් දේ කිරීම ඉතා පහසුය. යම් දෙයක් තමාට වැඩදායක ද යහපත පිණිස හෝ පවතීද එවැනි දේ කිරීම ඉතා අපහසුය. *🍁 ගාථාව 07 :* _අචරිත්වා බ්‍රහ්මචරියං_ _අලද්දා යොබ්බ නේ ධනං_ _ජින්නකොච්චාවඡායන්ති_ _ඛීණ මච්චේව පල්ලලේ_ > ඇතැම් අය තරුණ වයසේ දී උසස් පිළිවෙත් වලද නොහැසිර ලබාගත හැකි ධනයද නොලැබ මහලු වූ පසු මසුන් නෑති දිය හිඳුණු විලක් දෙස බලා දුක් වන කොස්වාළිහිනියන් මෙන් තැවෙති. *🍁 ගාථාව 08 :* _අචරිත්වා බ්‍රහ්මචරියං_ _අලද්දා යොබ්බනේ ධනං_ _සෙන්ති චාපාතිඛීනාව_ _පුරාණානි අනුත්ථූනන්_ > ඇතැම් අය තරුණ වයසේ දී ලබාගත හැකි ධනය හෝ වෙනත් ප්‍රතිලාභයක් හෝ නොලැබ බඹසර නොහැසිර මහලු වූ පසු පේරකරන ලද යම් යම් දේ සිහි කරමින් දුන්නෙන් මිදී ගොස් වැටුණු ඊතලමෙන් ශෝකයෙන් සුසුම් ලමන් සිටිති. *🍁 ගාථාව 09 :* _උට්ඨානවතෝ සතිමතෝ_ _සුචිකම් මස්ස නිසම්මකාරීනෝ_ _සංඥතස්සච ධම්ම ජීවිනෝ_ _අප්පමත්තස්ස යසෝභිවඩ්ඩති_ > උත්සාහවන්ත, සිහියෙන් යුතු, පිරිසිදු ක්‍රියා ඇති, විමසා ක්‍රියාකරන, මනා හික්මීමක් ඇති, දැහැමින් ජීවත්වන, අප්‍රමාද අයගේ කීර්තිය වඩයි. *🌀 ධම්මපදයේ වැදගත්කම* 1. මානසික අසහනයක්, ගැටලුවක් ඇතිවූ විටෙක කම්පාවල පත් නොවී දිරිමත්ව ජීවිතය පවත්වා ගැනීමට 2. අපට යා යුතු මඟ නොයා යුතු මඟ පෙන්වා දෙයි. එය ජීවිතය කෙරෙහිය බලපාන ආකාරය හා සිත හික්මවා ගැනීමේ වැදගත්කම පැහැදිලි කරයි. 3. අප මුහුණ පාන කරදර හිරිහැර ගැටලුවලට බලපාන සැබෑ හේතු දැනගෙන ඒවා ඉවත් කරගන්නා මාර්ගය එහි පෙන්වා දී තිබේ. 4. අප සිතේ ස්වභාවයත් එය ජීවිතය කෙරෙහි බලපාන ආකාරය හා හික්මවා ගැනීමේ වැදගත්කම පැහැදිලි කර දේ 5. එහි අඩංගු දහම් කරුණු කාල දේශසීමා ජාති ආගම් ආදී කිසිදු භේදයකින් තොරව සියලු දෙනාට පරිහරණය කළ හැකි වේ. Created by, ~ admin Saranya ♥️
❤️ 7

Comments