
Dr.Rasanjana Ilangkoon
February 18, 2025 at 05:31 AM
සමේ වියලි බව සහ උෂ්ණ රෝග සුව කරන මුගුනුවැන්න කොල කැඳ ..
මුගුනුවැන්න ස්වභාවයෙන්ම සිසිල් ගුණ ඇති ශාකයක්.. ඒ නිසා සෙම් ස්වභාවය තියෙන අය නම් මේ කැඳ වර්ගය පාවිච්චි කරනකොට ප්‍රවේසම් වෙන්න සිද්ධ වෙනවා..
මුගුණුවැන්න කොල කැඳ හදන්නෙත් අපි සාමාන්‍යයෙන් කැඳ හදන විදියටම තමයි.. මේ කැඳ එකට අමුඉගුරු ටිකක්, කරපිංචා ටිකක් ,සුදුලුනු ටිකක් , වගේම සූදුරු මාදුරු එකතුකරන එකෙන් මේකෙ රස සහ ගුණ ඉහල යනවා.
මුගුනුවැන්න කැඳ වලින්
ඔබේ ශරීරය සිසිල් කරනවා..
මලපහ පිට කිරීම පහසු කරනවා..
ඔබේ ස්නායු පෝෂණය කරනවා.. ඒ කියන්නෙ ස්නායු දුර්වල නම් සහ ස්නායු දුර්වල වෙන්න කලින් පාවිච්චි කරන්න පුළුවන් කැඳ එකක් තමා මේ මුගුනුවැන්න කැඳ කියන්නෙ.
අපේ රුධිරය ආශ්‍රිත රෝග රක්තහීනතාවය නැත්තම් පාණ්ඩුව කියන රෝග තත්වය ට ගුණදායක වෙනවා.
මුගුනුවැන්න ඇස්වලට ගොඩක් හිතකරයි..දේශීය වෛද්‍ය ක්‍රමය තුල අක්ෂි රෝග වලදි (විශේෂයෙන් ම ශරීරයේ උෂ්ණාධික බව එක්ක ඇතිවන අක්ෂි රෝග වලදි) මේ කැඳ ඖෂධයක් විදියට භාවිතා කරනු ලබනවා..
පිත් රෝග නිසා ඇතිවෙන දැවිල්ල සහ සමේ වියලි ස්වභාවය අඩුකරලා සම පැහැපත් කිරීම සිදුකරනවා..
එතකොට මේ කැඳ ගැන ලීවම ඔයාලට හිතෙනව ඇති මුගුනුවැන්න මැල්ලුම් කන එක ඊට වඩා පහසුයිනේද කියලා..
කැඳ කියන්නෙ ආහාරමය ඖෂධයක් .. එතකොට ඒකෙන් එන ගුණදායක බව මුකුනුවැන්න මැල්ලුම ආහාරයට ගන්න එකෙන් එන්නෙ නෑ කියලා තමා එතකොට කියන්න වෙන්නෙ. 😊
ආහාරයක් සකස් කරන ආකාරය අනුව ඒකෙ ගුණ අගුණ හැම වෙලේම වෙනස් වීමට ලක්වෙනවා..
එහෙනම් මුගුනුවැන්න කැඳ එකක්ත් රස බලමු..
ඔබ සැම නීරෝගී වේවා ❤️
සටහන
Dr.Rasanjana Ilangkoon
BAMS( University of Kelaniya )
Harithayur Healthcare
Ganemulla
Contact via whtsapp for more information
0703482814
❤️
👍
😂
🙏
122