
Dr.Rasanjana Ilangkoon
February 27, 2025 at 04:58 AM
ගැස්ට්‍රයිටිස් කියන ලෙඩේ ගැන අපි හැමෝම වගෙ දැනුවත්.එ උනත් ඒක ඒ තරම් ගනන් නොගෙන ඉන්න පුලුවන් කියලා ගොඩක් අය හිතනවා.
ලෝක ජනගහනය ගැන ගත්තොත් ඒකෙන් බාගයක්ම (2021 වාර්තා අනුව දල වශයෙන් 50.8% ක් ) මේ රෝගී තත්වයෙන් පෙලෙනවා.
ගැස්ට්‍රයිටිස් රෝගයේදි එන අතුරු ප්‍රතිපල අපි හිතනවට වඩා වැඩියි.
අපේ ආමාශය සහ අන්ත්‍ර ආශ්‍රිතව වායු නිෂ්පාදනය වැඩි විම , අම්ල ක්‍රියාකාරිත්වය වැඩි වීම එක්ක ඉහලට එන්නෙ ආම්ලික තත්ව සහ දූෂිත වායූන් වල එකතුවක්.
🍀 acid reflux තත්වය එක්ක . මේ විදියට අන්නස්‍රෝතය දිගේ උඩට එන්නෙ ආමාශයික යුෂය . මේක අපිට තිත්ත හෝ ඇඹුල් රසට ඇතැම් විට දැනෙන්න ගන්නවා. ( අපි සරලව කියනවා ඇඹුල් රසට උගුරට එන එක , ආමාශෙය්න් උඩට යම් දෙයක් දියරයක් එනවා වගෙ දැනෙන එක කියලා ) දත්වල එනැමලයට හානි වීම සිදුවෙනවා.. acid reflux එක දිගටම තියන එකෙන් මීට වඩා ලොකු හානි වෙන්න පුලුවන් කම තියනවා.ඒ ගැන අපි වෙන ලිපියකින් කතා කරමු.
🍀කාලයක් ගියාම මේ නිසා දත් දිරායාම නරක් වීම වෙන්න පුලුවන් කම තියනවා. ඒ වගෙම ඉතා ඉක්මනින් දත්වල මැලියම් බැදෙන්න ගන්නවා.
🍀 කටෙන් දුර්ගන්ධයක් හමන්න ගන්නවා. සමහර අයගෙ විදුරුමස් දියවෙලා නරක් වෙන්න ගන්නවා.
ඒ වගේම ගැස්ට්‍රයිටිස් තියනකොට අපිට පෝෂණ ඌනතා ඇතිවෙන්න ගන්නවා. අපි කන කෑම අපිට හරියට ඇගට අල්ලන්නෙ නෑ කියන්නෙ අන්න ඒක සිදුවෙනවා. මේ නිසා අපෙ ශක්තිය අතින් දුර්වලයි , ඒ විතරක් නෙවෙයි විටමින් B වගෙ විටමින් වර්ග හරියට අවශෝෂණය නොවීම එක්ක මුඛය හා අදාලව ගොඩක් රෝගී තත්ව එන්නන් පුලුවන්කම තියනවා.
ඉතින් මේ හින්දා ගැස්ට්‍රයිටිස් කියන්නෙ එක එක දේවල් කරලා යට යවලා තියාගන්න පුලුවන් විදියෙ ලෙඩක් නෙවෙයි .
ප්‍රතිකාර කරලා සුව කල යුතු රෝගයක්..
ඒ නිසා වඩාත් අපහසු මට්‍ටම් වලට යන්න නොදී මේ රෝගය සුවකරගන්න එක ගොඩක් වැදගත් වෙනවා.
සටහන
Dr.Rasanjana Ilangkoon
BAMS( University of Kelaniya)
Harithayur Healthcare
Ganemulla
Contact via whatsapp 0703482814
❤️
👍
😢
60