Citizen Fact Check
Citizen Fact Check
February 27, 2025 at 05:51 AM
🟠 ‍*හරක් කටාගේ නඩුව Skype ඔස්සේ විභාග කිරීමට කර තිබෙන ඉල්ලීම ගැන විත්තියේ ස්ථාවරය දැනුම් දෙන ලෙස නියෝග* අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පළායාමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව Skype ඔස්සේ විභාග කිරීමට කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් විත්තියේ ස්ථාවරය දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියෝග කර තිබෙනවා. ඒ අනුව මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර භාරයේ පසුවන හරක් කටා අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබූ බවයි සඳහන් වෙන්නේ. රක්ෂක හේතුන් මත එම විත්තිකරු අද දින අධිකරණයට ඉදිරිපත් නොකරන බවයි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ. එසේම නඩුව Skype ඔස්සේ විභාග කිරීමට කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් වන විත්තියේ ස්ථාවරය මාර්තු මස 17 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විත්තියේ නීතිඥවරුන්ට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.02.27* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
Image from Citizen Fact Check: 🟠 ‍*හරක් කටාගේ නඩුව Skype ඔස්සේ විභාග කිරීමට කර තිබෙන ඉල්ලීම ගැන විත්...
👍 1

Comments