Citizen Fact Check
Citizen Fact Check
February 27, 2025 at 08:43 AM
🟠 ‍*හිටපු ජනාධිපතිවරුන්​ගේ විදෙස් සංචාර වියදම් පිළිබඳව අනාවරණයක්* පසුගිය කාලය තුළ ජනාධිපතිවරුන් විදේශ සංචාර සඳහා මුදල් වියදම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (27) පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදු කළා. ඒ අනුව 2010 සිට 2014 දක්වා වසර 4 ක කාලය තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විදෙස් සංචාර සඳහා රුපියල් මිලියන 3,572 ක මුදලක් රජය විසින් දරා ඇති බවයි අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ. එසේම 2015 සිට 2019 දක්වා කාලය තුළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ විදෙස් සංචාර සඳහා රජය විසින් රුපියල් මිලියන 384 ක් දරා ඇති බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා. 2020 සිට 2022 දක්වා වූ වසර දෙකක කාලය සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර සඳහා රුපියල් මිලියන 126 ක් හා 2023 සිට 2024 දක්වා වූ වසරක කාලය සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ​ගේ විදෙස් සංචාර සඳහා රුපියල් මිලියන 533 ක් රජය විසින් දරා ඇති බවද අගමැතිවරිය ප්‍රකාශ කළා. වත්මන් රජය 2024 සැප්තැම්බර් මාසයේ සිට 2025 පෙබරවාරි දක්වා කාලය තුළ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ විදෙස් ගමන් සංචාර සඳහා රජය වියදම් කර ඇත්තේ රුපියල් මිලියන 1.8 ක් පමණක් බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (27) පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.02.27* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
Image from Citizen Fact Check: 🟠 ‍*හිටපු ජනාධිපතිවරුන්​ගේ විදෙස් සංචාර වියදම් පිළිබඳව අනාවරණයක්*  පස...
❤️ 🥱 2

Comments