Citizen Fact Check
Citizen Fact Check
February 27, 2025 at 10:42 AM
🟠 ‍*පිනට ජනාධිපති වෙච්ච රනිල් කියන්නේ තනිකර හොරෙක් සහ හිඟන්නෙක් - හර්ෂණ* සෑම විටම රටේ දූෂණය හා වචංචාව නවත්වා ගැනීමට හැකි වන්නේ උඩින් ලබාදෙන ආදර්ශය මත බවත් වත්මන් ජනාධිපතිවරයා එම ආදර්ශය ලබාදුන් බව අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර පවසනවා. ඒ අනුව වත්මන් ආණ්ඩුව ජනතාවගේ මුදල් සත පහක් හෝ හොරකම් කර නොමැති බවත් යාහලුවන්ට සැපපහසුකම් ලබාදී නොමැති බවයි අද (27) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය බලය නොමැතිව ජීවත්වී පුරුදු පිරිසක් නොවන බවත් ඔවුන්ට ජීවත්වීමට කෙසේ හෝ ආණ්ඩුවේ මුදල් ප්‍රමාණයක් අවශ්‍ය බවත් ආණ්ඩුවේ මුදල් නාස්ති කිරීම ඔවුන්ගේ ප්‍රධාන විනෝදාංශයක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. පසුපස දොරෙන් පිනට ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ යනු තනිකර හොරෙක් සහ හිඟන්නෙක් බවත් ඔහුට ජනාධිපති උපදේශකවරු 39 ක් සිටි බවත් ඔවුන් සියලු දෙනා ඔහුගේ හිත මිතුරන් බවත් ඔවුන්ට වාහනවලට අමතරව වියදම් ලෙස මිලියන 59 ක වියදම් දරා ඇති බවද ඔහු ප්‍රකාශ කළා. වත්මන් ජනාධිපතිවරයාට සිටින්නේ උපදේශකවරුන් තිදෙනෙක් පමණක් බවත් ඔවුන් සේවය සපයන්නේ කිසිඳු මුදලක් අය කිරීමකින් තොරව බවද අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර වැඩිදුරටත් ප්‍රකාශ කළා. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.02.27* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
Image from Citizen Fact Check: 🟠 ‍*පිනට ජනාධිපති වෙච්ච රනිල් කියන්නේ තනිකර හොරෙක් සහ හිඟන්නෙක් - හර්...
❤️ 👍 😡 8

Comments