Citizen Fact Check
Citizen Fact Check
February 27, 2025 at 11:56 AM
🟠 ‍*අරගලයෙන් සිදුවූ හානිවලට ඥානා අක්කට ලක්ෂ 280 ක් දීලා - නලින්ද* අරගලයෙන් සිදුවූ දේපළ හානි සඳහා පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ වෙනත් පුද්ගලයින්ට වන්දි ලෙස රුපියල් මිලියන 1125 ක් ලබාදී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ අනුව මන්ත්‍රීවරුන්ට මිලියන 1221 ක් ලබාදී ඇති බවත් පළාත් පාලන මන්ත්‍රීවරුන් හා හිතවතුන්ට රුපියල් මිලියන 1125 ක් මෙලෙස ලබාදී ඇති බවයි අද (27) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. කැස්බෑව නගරාධිපති ලක්ෂන් පෙරේරා ලක්ෂ 696 ක් , මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ලක්ෂ 73 ක්, ඔහුගේ පුත්‍රයා වන රමේෂ් චානක ප්‍රනාන්දුට ලක්ෂ 18 ක් ලබාදීඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා. මීට අමතරව අනුරාධපුර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන W.M ඥානවතී සඳහා වන්දි ලෙස රුපියල් ලක්ෂ 280 ක් ලබාදී ඇති බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේ. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.02.27* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
Image from Citizen Fact Check: 🟠 ‍*අරගලයෙන් සිදුවූ හානිවලට ඥානා අක්කට ලක්ෂ 280 ක් දීලා - නලින්ද*  අර...
👍 😡 🥱 3

Comments